බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

by editor
නොවැම්බර් 4, 2023
in සමාජ
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය සහ  ලලිත් චාමින්ද –

දෙවැනිවර මිහිදන් කිරීම සඳහා ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (04) පෙරවරුවේ කරාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ  සිට රැගෙන යනු ලැබුවේය.  ඒ තවමත් හෙළි නොවුන ඝාතකයෙක් හෝ කීපදෙනෙක් අතින් සැලසුම් සහගතව දිනේෂ් ෂාෆ්ටර්ව ඝාතනය කළ  බවට ලැබෙන නිශ්චිත වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කිරීමක් සමගය.

තවමත් වටහාගත නොහැකි අදෘශ්‍යාමන සිද්ධි සමුදායක් විසින් වසන් කිරීමට උත්සාහ කළේ යැයි හැඟෙන මිනීමැරුමක් පිළිබඳ බිහිසුණු ඇත්ත   අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුකොට ප්‍රකාශ වීමෙන් පසු  පුරා මාස පහක් තිස්සේ ගාල්ල කරාපිටිය රෝහලේ මෘතශරීරාගරයේ තැන්පත් කර තිබුණු දේහය යළිත් සිය දෙවැනි අවසන් ගමන කරා යන්නේය.

දෙවැනි වරට අවසන් ගමන් යන්නට කරාපිටිය මෝචරියෙන් පිටත්වන දිනේෂ් ෂාෆ්ටර්….

මිනී මැරුමක් පිළිබඳ සාධාරණ තොරතුරු සමාජය ඉදිරියේ එකින් එක හෙළිදරව් වෙමින් තිබෙද්දී පරීක්ෂණ  ගමන් කළ මාවත වෙනස් වී දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි නසා ගත් බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කළ මාධ්‍යයත් යම් කිසි කුකුස දනවන හේතුවක් මත තාර්කිකව පෙනෙන සාධක මගහැර සියදිවි නසා ගැනීමක් සිදුවී ඇති බවට වූ තොරතුරු සොය සොයා ඒ ඔස්සේ  පරීක්ෂණ මෙහෙයවු සී.අයි.ඩී.යත් මෙම අපරාධයේ දී සිය වෘත්තීයභාවය  සමාජය ඉදිරියේ ප්‍රශ්නය කෙරෙන්නට ඉඩ හැර සිය “දිවි නසා ගත්තේ”ය.

මේ මරණයේ පරීක්ෂණ කටයුතු ගලාගෙන යන බරපතල ප්‍රශ්න සහගත  ස්වරූපය පිළිබඳ  අධිකරණය ඉදිරියේ   තියුණු විපරීත හැඩතල මතු වූයේය. ඒ   හේතුවෙන්       අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලංකාවේ සිටින ජෙෂ්ඨතම මෙන්ම කීර්තිමත් විද්වත් වෘත්තිකයන් පස්දෙනාගෙන් යුතු  විශේෂඥ  කමිටුවක් පත් කරනු ලබන්නේ  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ නියෝග මතය. එය  අධිකරණය පිළිබඳ ගෞරවය මෑත කාලයේ දී මහා බරකින් තහවුරු කළ විශිෂ්ට තීරණයක්  වූයේය.

දැන් රටම තිගැස්වූ මිනීමැරුමක් සිදුකර ඇති බව අධිකරණයේ දී තහවුරු වී ඇත. මිනීමරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට අධිකරණයෙන් නියෝග කර තිබේ. එහෙත් තවමත් ගැඹුරු නිහැඬියාවකය. මේ කෙටි ලිපිය ලියා  තබන්නේ ඒ මිදෙනසුළු නිහඬබව තුළය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය

පසුගිය වසරේ දෙසැම්බර් මස 15   ලංකාවේ ප්‍රධානම ව්‍යාපාර නායකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්  බොරැල්ල කනත්තේ පැති තුනකින් ආවරණයවන ස්ථානයක් වන  අනාථ පැත්ත ලෙස හදුන්වන ස්ථානයේ  දි සිය මෝටර් රථය තුළ හඳුනා නොගත් අනතුරකට ලක්වි සිටිය දී සොයාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

ඔහු එදින (15) දා රාත්‍රියේ එංගලන්තය බලා යෑමට සූදානම්වි සිටියේය.

ව්‍යාපාර නායකයෙක් කොළඹ මැද මරා දමා තිබුණු බවට වූ සැකය දළුලා වැඩෙමින් තිබිණි. ඒ තියුණු සැක මැද දිනේෂ් ෂාෆ්ටර්ගේ  අවසන් කටයුතු 2022.12.18 දා පුද්ගලික අවමංගලෝත්වයක් සේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිද්ධ වූයේය.

  • පළමු සැකය බ්‍රයන් තෝමස්

15 වැනිදා දහවල් කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් ෂාෆ්ටර් පිටත්ව  ගොස්  ඇත්තේ ඔහුට රුපියල් බිලියන 1.43ක මූල්‍ය වංචාවක් සිදුකළ    ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්    හමුවීමට යන බව සිය සිය බිරියට පවසමින් බව වාර්තා විය.

බ්‍රයන් තෝමස් විසින් දිනේෂ් ෂාෆ්ටර්ට   සිදුකළ මූල්‍ය වංචා   පිළිබඳ දිනේෂ් ෂාෆ්ටර්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක් ගොනුකර  තිබිණි. මේ වංචාව  සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් පසුගිය  වසරේ පෙබරවාරි මස 11 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත  කළේය.

මේ සම්බන්ධව උපන් සැකය මත විමර්ශකයින් බ්‍රයන් තෝමස් සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළේය. ඔහුගේ දුරකථන ජාල පරීක්ෂාවකට ලක් කළේය. සීසීටීවී පරීක්ෂා කළේය. එහෙත් හෙළි වෙමින් ඇති තොරතුරු මත මේ අපරාධයට බ්‍රයන් තෝමස්ගේ සම්බන්ධය පිළිබඳ තිබූ දැඩි සැකය ක්‍රමයෙන්  අඩු විය. එය සිදුවන්නේ මල්පාරේ නිවසින් පිටවන අවස්ථාවේ සිට සිදුවන සිද්ධි පෙළ ගැස්ම විශ්ලේෂණයෙන් අනතුරුවය.

  • කනත්ත දක්වා පැමිණි පාර සහ සිද්ධි පෙළ ගැස්ම

මේ අතර ෂාෆ්ටර් බොරැල්ල කනත්ත තෙක් පැමිණි  . මුලු ගමන් මාර්ගයම ආවරණය කරන සීසීටීවී පද්ධති 42ක දර්ශන   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කළේය.

දෙසැම්බර්  15 වැනිදා ඔහු  කොළඹ 07 මල්පාර නිවසේ සිට පිටත්ව එන්නේ පස්වරු 1.55ට ය.  සීසීටීවී දර්ශන අනුව වාහනය තනිවම පදවාගෙන එන්නේ ෂාෆ්ටර්ය.  ඔහු    කෙලින්ම බොරැල්ල කනත්ත තුළට රිය ධාවනය කිරීමට පෙර   කොළඹ 07 ගුණපාල මළලසේකර මාවතේ  Rodrigo’s Lozingry Flavours අවන්හලට ගොස්  දෙදෙනෙක් සඳහා    කෙටි ආහාර මිල දී    ගන්නේය. කනත්ත වෙත ගමන් කර ඇත්තේ ඉන් අනතුරුවය.

ෂාෆ්ටර් බිරිය ටානිට ප්‍රකාශ කරන්නේ පැය බාගයකින් යළි පැමිණෙන බවය. ඔහු ප්‍රමාද විම හේතුවෙන් ටානි ෂාෆ්ටර් ගේ ඉල්ලීම මත දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් ලැබෙන දත්ත ප්‍රකාරව බොරැල්ල කනත්ත වෙත යන්නේ ෂාෆ්ටර්ගේ සමිපතමයෙක් වූ ක්‍රිෂ් පෙරේරාය. ෂාෆ්ටර් සිය වාහනය තුළම ව්‍යසනයට ලක් වි ඇති ආකාරය මුලින්ම දකින්නේ ක්‍රිෂ් ය.

විමර්ශකයන් දැඩි අවධානයකින් යුතුව  දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ෂාෆ්ටර්ගෙන් සහ   දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ ස්ථානයට ගිය ක්‍රිෂ් පෙරේරාගෙන්  ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ අවස්ථාවේ දි අපරාධ පරීක්ෂකයන් කීවේ මෙය ඝාතනයක් බවත්,  ඝාතනය පෙර සැලසුම් කළ එකක් බව ඔහුගේ   ගෙල සිර කිරීමට ගෙනා ප්ලාස්ටීක් රැහැන් ආදියෙන් හෙළි වන බවත්ය. බොහෝ දුරට මේ පරීක්ෂණයේ අවසානයක් ඉක්මනින්නම දැකිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය කළේය. මේ විශ්වසානීය සහතිකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබුනේ සිද්ධිය සිදුවී දින 06ක් ගතවූ පසුය.

මරණය සිදුවූ ස්ථානයට ප්‍රවේශය… බොරැල්ල කනත්ත…

 

  • පරීක්ෂණ වෙනස් මගකට යොමු වූ අයුරු

එහෙත් සිද්ධිය වී දින 10ක් තුළ හිටිවනම ෂාෆ්ටර්ගේ ඝාතන පරීක්ෂණ වෙනස්ම මගකට වැටුනේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දෙසැම්බර 24 දා   සවස දිනේෂ් ෂාෆ්ටර්   ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරික්ෂාවක් කළේය.

එහිදී හමුවූ අමුතු විදිහේ තොරතුරු රැසකි.  එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරය වැනි වයරයක ඉතිරි කොටස හමුවූ බව කීවේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව එම පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.   කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇතිබව කීවේ   දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය.

සමාගම් කිහිපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි දෙසීයක    මුදල් ආයෝජනය කළද එම මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන්    ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැ ද ඉන් ඔහු දැඩි සිත් තැවුලකට පත් වි සිටියේ යැයි ද විමර්ශකයින් අලුතින් සොයා ගත්තේය.  අනතුරුව ඒ ඔස්සේ සොයාගත් පාඩු වැලකි.

ඒ අතර සිය නැන්දනියට තමන්ගේ කලකිරුණු ස්වරූපය පල කළ කෙටි පණිවිඩයක් හා ලිපියක්  ගැන   හෙළි කිරීමට පරීක්ෂකයෝ කටයුතු කළහ.  ” මේ වගේ  හොඳ  දුවක්  හදලා මට ලබාදුන් අම්මාට බොහොම  ස්තුතියි” යන අදහස සහිත හැඟීම්බර අදහස් එහි අන්තර්ගත බව  විමර්ශන අංශ කීහ.

නුදුරේදීම සැකකරුවන් අත් අඩංගුවට පත්වනු ඇතැයි විශ්වාසය පලකළ විමර්ශකයින් තමන් මෙතෙක් කළ පරීක්ෂණ හරහා ඝාතන සැකය දැඩිව එල්ල වූ   ෂාෆ්ටර්ගේ සමීපතමයන් සැකයෙන් මුදා හැර    මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා උත්සාහ කරනු පෙනුණි.

ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සොයමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අවසානයේ දී ප්‍රකාශ කළේ ෂාෆ්ටර්ගේ මණය ඝාතනයක් නොව සිය දිවි නසා ගැනීමක් විය හැකි බවය.

  • පුදුම හිතෙන මතය

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එලඹීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක ඇතුළු සාක්ෂි තහවුරු වන්නටද මත්තෙන් ඔහු සිය දිවි නසා ගත් බවට මතයක් ස්ථාපනය කිරීමේ මෙම සී.අයි.ඩී උත්සාහය පොලිසිය අභ්‍යන්තරයෙන්ම පිළිකුල් සහගත අප්‍රසාදයට ලක් වූයේය.

හෙළි වී තිබුණු තොරතුරු අනුව මේ මරණය ඝාතනයක ස්වරූපයට වඩාත් සමීප වූ බව රටට පෙනුනේය.  දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත වෙත යන්නේ පැය භාගයකින් යළි එන බව තමන්ට පවසමින් බව බිරිය ටානි ෂාෆ්ටර්ගේ ප්‍රකාශවල සටහන් වී තිබිණි.

එහෙන්ම ඔහු බොරැල්ල කනත්ත වෙත තමන් විසින්ම රිය පදවාගෙන යන අතරමග කොළඹ 07 ගුණපාල මළළසේකර මාවතේ රොඩිගෝස් ලෙජන්ඩ්‍රි ෆ්ලේවර් ආහාර අලෙවි සලෙන් කෙටි කෑම ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබිණි.

එම එක් කෙටි කෑම ඇසුරුමක ඇති කෑම ඔහු විසින් අනුභව කර ඇති ආකාරය පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. අනෙක් කෙටි කෑම බෑගය සම්බන්ධව කිිසිම තොරතුරක් අනාවරණය වී තිබුණේ නැත.

එමෙන්ම සිය දිවි නසා ගැනිමේ මතය පැල කරන්නට විමර්ශන කණ්ඩායම විහිලු සහගත උත්සාහයක යෙදුනේ  අතිශයින්ම වැදගත් තොරතුරක්  පිළිබඳ අල්ප අවධානයක් යොමු කරමිනි.

  • නොසලකා හළ උස මිනිසා

දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියේ අනාථ පෙදෙසෙ ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ අපරාධයට ලක් වී සිටි ආකාරය දැක තිබුණේ පුද්ගලයින් තුන් දෙනෙක් පමණි.

ඒ ෂාෆ්ටර්ගේ සමීපතමයෙක් වූ ක්‍රිෂ් පෙරේරා සහ ඔහුට උපකාර කරන්නට පැමිණි සුසාන භූමි සේවකයින් දෙදෙනෙකි.

මෙම අපරාධය සිදුවූ මෝටර් රථය තිබුණු  ස්ථානයේ සිට වේගයෙන් ඉවත් වී යන  කෙට්ටු උස පුද්ගලයෙක්   සුසාන භූමියේ ආදාහනාගාරය දෙසට ගිය බව තමා දුටු වේ යයි ද කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයා දුටුවහොත් හඳුනා ගත හැකි යැයි ද  ෂාෆ්ටර් රෝහලට රැගෙන යෑමට උදව් කිරීමට පැමිණි එක් සුසාන භූමි සේවකයෙක් පවසා තිබිණි. මෙම පුද්ගලයා ක්‍රිෂ් පෙරේරා ද දැක තිබිණි.

මුලින්ම මේ ස්ථානයට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන්ම ලබා ගත් සාක්ෂිවලින්  පෙනී ගොස් තිබුනේ  දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඟ වටා වයරයක් ඔතා දෑත් කේබල් පටිවලින් සිර කර තිබුණු බවය.

ඒවා ගැලවීමට උත්සාහ කළත් නොහැකි වූ තැන ඇඟ වටා තිබුණු වයරය පමණක් ඉවත් කර දෑත් එසේම බැඳ තිබියි දී රියදුරු අසුනට යාබද අසුනට ෂාෆ්ටර් දමාගෙන   කොළඹ ජාතික රෝහලට ඔහු රැගෙන ගිය බවය

එමෙන්ම බ්‍රයන් තෝමස් වෙත දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යන්නේ ඔහු අනතුරට පත් වූ පසුව දැයි මුලින්ම විමර්ශ අංශ සැක පහළ කර තිබිණි.

තත්ත්වය මෙසේ තිබිය දී  ඊට පෙර දිනයක සිය දිවි නසා ගැනීම සඳහා කනත්තට පැමිණ කළ පෙර පුහුණුවකින් පසුව, 15 දා සවස පැමිණ රොඩ්රිගෝ ගේ කඩේන් ගෙනා ෂෝට් ඊට්ස් කා  ගෙලට වයරයක් හිර කරගෙන අත් දෙක ටයි ක්ලිප් වලන් ගැටගසාගෙන ෂාෆ්ටර් සිය දිවි හානි කරගත් බවට වූ ගොං කතාව අපරාධ විමර්ශකයින් කීවේය.

  • රුහුල් හක් කල වෘත්තීය අපරාධය

2023.02.08 දා මේ නඩුව අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ දී අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පුරුදු පරිදි කැඳවූයේය. එහි දී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ නිගමන වෙනස් වී තිබිණි.

මෙම මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබුනේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුහුල් හක්ය. ඔහු සිය මුල්    අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් දක්වා තිබුණේ මරණය සිදුවන්නේ සිහින් වයරකයින් ගෙල සිරවීමක් නිසා බවය. එහෙත් 2023/02/08 දින අධිකරණයට ඉදිරිපත් කළ ඔහුගේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වූයේ ෂාෆ්ටර් මිය ගොස් අත්තේ  සයනයිඩ් ශරීරගත වීමෙන් බවය.     ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන  බවත් රුහුල් හක් මෙම මරණ පරීක්ෂණ වාර්තාවේ විශේෂයෙන් සඳහන් කළේය.

විශේෂත්වය වන්නේ ඒ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සහ අයි පෑඩ්යේ දත්ත විශ්ලේෂණයෙන් ලබා ගෙන දිනේෂ් ෂාෆ්ටර්  සිය දිවි නසා ගත් බවට ඒත්තු ගැන්විය හැකි ආකාරයේ තොරතුරු අති විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමය.

පසුදින එනම් පසුගිය පෙබරවාරි 09 වැනිදා නඩුව යළිත් කැඳවිනි. රුහුල් හක් ගේ මේ වෘත්තීය භාවයක් නැති අධිකරණ වෛද්‍යවාර්තා මේ අවස්ථාවේ දී ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතඥ අනුජ ප්‍රේමරත්න විසින් දැඩිව ප්‍රශ්න කරනු ලැබුවේය.

මරණය සිදුවී දිනකට පසු එනම් දෙසැම්බර් මස 16 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මරණය සම්බන්ධයෙන් වන කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බවයැයි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මරණයට හේතුව සදහන් සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් ප්‍රකාශ කර ඇත්තේ,  තන්තුවකින් ගෙල සිර කර ගැනීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව’ යන්න ජනාධිපති නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව වෙනස් වන බවත්, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සයනයිඩ් වස කෑම සමග මිශ්‍ර වූ බවත්  යැයි නිතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දෙන අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් වෙනත් හේතුවක් මත ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා සිට මාස 08ක කාලයක් සඳහා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කරනු ලැබූ අයෙක් බව ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Dinesh-shafter

  • පංච පුද්ගල විශේෂඥ කමිටුව පත් කිරීම

සිදුවෙමින් ඇති බිහිසුණු විකෘතිය සම්බන්ධව ෂාෆ්ටර් ගේ පාර්ශවයේ නීතිඥවරුන් විසින් තාර්කිකව මතු කරන පසුබිම තුළ මේ සම්බන්ධව පරීක්ෂා කර දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි නසා ගත්තා ද, සිදුවූයේ ඝාතනයක් ද යන්න විද්‍යාත්මකව තීරණය කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් පත් කිරීමට අධිකරණය තීරණය කළේය. ඒ 2023/02/22 දාය.

ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරු පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලයට පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේනතුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ  විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය යූ,සී.ඩි පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිව සුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර ඇතුළත් වූහ.

මෙම පංච පුද්ගල විශේෂඥ කමිටුව විසින් පසුගිය මැයි මස 18 වැනිදා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම අවසරය පිට පසුගිය මැයි මස 25 වැනිදා ෂාෆ්ටර් ගේ දේහය ගොඩ ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට  දෙවැනි අධිකරණ පරීක්ෂණය සඳහා රැගෙන ගියේය.

  • පංච පුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්ගේ තින්දුව

මිනී මැරුමක දී එක් සාක්ෂියක්වත් මිනීවරුවන් විසින් ඉතිරි කර යන්නේය. එය අධිකරණ වෛද්‍ය විද්‍යාවේ පොදු භාවිත අදහසකි. එහෙත් දෙවැනි අධිකරණ විශේෂඥ වෛද්‍ය පරීක්ෂණය සිදුවන විට මූලික  සාක්ෂි සියල්ලක්ම පාහේ විනාශ වී තිබිණි.

ඔවුන්ට හමුවන්නේ තේරුම් ගත නොහැකි ව්‍යාකූල තාවයකට පත් කරමින් යමක් සැඟවීමට උත්සාහ කරන බව පෙන්වමින් එකලස් කළ සාක්ෂි සමූහයකි.

මේ තත්ත්වයතුළ වඩාත් විචක්ෂණව ඉතාම සියුම් තැන් සොයා යමින් සිය විද්‍යාත්මක පර්යේෂණය කරගෙන යෑමට විද්වත් කණ්ඩායමට සිදුවූයේය.

ස්ථානීය පරීක්ෂණ, අධිකරණය විසින් එවන ලද ලේඛන විශ්ලේෂණය කිරීම, සායනික සොයාගැනීම් විශ්ලේෂණය, විශේෂඥවරු සිදුකරනු ලැබූහ.

ඔවුහු පවුලේ සමාජිකයන්, රෝහල් සේවකයින්, පොලිස් විමර්ශන නිලධාරීන්, පළමු මරණ පරීක්ෂණයට සම්බන්ධ වූ නිලධාරීන් සුසාන භූමි කම්කරුවන්, සමග විශේෂ සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ.

රජයේ රස පරීක්ෂකවරයාගෙන් අතිරේක විමර්ශන වාර්තාවක් ඉල්ලා සිටියහ.  දේහය පිලිබඳ දෙවැනි මරණ පරීක්ෂණයක් කර ලබා ගත් පටක සාම්පල සම්බන්ධව පරීක්ෂණ කළහ. සියලුම සාක්ෂි සහ පරික්ෂණවල ප්‍රතිඵල විස්තරාත්මක විශ්ලේෂණයක් සිදුකලහ. මුල් ඇඳ ඉහපත් ටිකට් පත, රෝහලේ සිටියදී කළ පරීක්ෂණ, රජයේ රස පරීක්ෂක වාර්තා, අයිතම 15ක ඩී.එන්.ඒ වාර්තාව විශ්ලේෂණය කළහ.

ආමාශගත අන්තර්ගතයේ සහ රුධිරයේ විෂ විද්‍යාත්මක විශ්ලේෂණය, ටානි ශාෆ්ටර් විසින් පොලිසියට ලබා දුන් ප්‍රකාශ 09, ක්‍රිෂ් පෙරේරා විසින් පොලිසියට ලබා දුන් ප්‍රකාශ 07, සහ තවත් පුද්ගලයින් 04 දෙනෙකුගේ ප්‍රකාශ, වෛද්‍ය රුහුල් හක් විසින් ලබා දුන් අවසන් පශ්චාත් මරණ පරීක්ෂ වාර්තාව, රුහුල් හක් විසින් එවන ලද විෂ විද්‍යාත්මක පෝරම, සහ වෛද්‍ය නීල් ප්‍රානාන්දු විසින් ලබා දුන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණ වාර්තාව විශේෂඥවරු දීර්ඝ ඇගයීමකට ලක් කළහ.

සියුම් අධිකරණ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වෙන්නේ  ඒ දැනුමත් සමගය.  මුලින්ම විසඳා ගත යුතු ප්‍රශ්නයක් තිබිණි. එනම් මේ මරණය සිදුවන්නේ සයනයිඩ් ශරීරගතවිමෙන්ද හුස්ම හිරවීමෙන් ද යන්නය.

මරණයෙන් පසු ශරීරයේ ස්ථානවල රැස්වන රුධිර සාම්පල ගණනාවක් සයනයිඩ් විෂ සම්බන්ධව කළ පරීක්ෂණවල දී එම එක් අවස්ථාවක්වත් මරණීය  තත්ත්වයක් ඇති කරන සයනයඩ් විෂක් පිළිබඳ විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු වූයේ නැත.

එමෙන්ම මේ ආකරයෙන් සිද්ධ වූ මරණ සම්බන්ධව අන්තර්ජාතිකව    මරණ පරීක්ෂණ සිදුවූ ආකාරය සම්බන්ධව තියුණු විශ්ලේෂණයක් කරමින් විශේෂඥවරු පරීක්ෂණ මෙහෙයවූහ.

සයනයිඩ් විෂ ශරීරගතවීමක් හෝ සිය දිවි නසා ගැනිම සම්බන්ධ වෙනත් විද්‍යාත්මක සාධයක් කිසිම අවස්ථාවක මතුවූයේ නැත.

එහෙත්  දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව පිටු 82කින් යුත් විද්‍යාත්මක අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් පංච පුද්ගල විශේෂඥවරු නිශ්ඡිත ලෙස දැන්වූහ.

ඉන් පසු  අධිකරණය මිනී මරුවා අල්ලා ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොළඹ මැද දී ලංකාවේ ප්‍රකටම ව්‍යාපාර නායකයෙක් ඝාතනය කළ ඝාතකයා අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ නිදැල්ලේය.  ඔහු ආරක්ෂා කිරීමට කුමණ හේතුවක් නිසා හෝ විශාල බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බවත් මේ  අධිකරණ වෛද්‍ය විශේෂඥවරු සමාජයට සන්නිවේදනය කළහ.

මෙතෙක් සිදුවූයේ කුමක් ද?. ඉදිරියේ දී සිදුවනු ඇත්තේ කුමක් ද?.

මේ රටේ මිනිස්සු අවධානයෙන් යුතුව බලා සිටිති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලාන තරග අහිමිවෙයි… ප්‍රසිද් ක්‍රිෂ්ණා සංචිතයට කැඳවයි!

Next Post

ලකුනු 401 ලබා ගත් නවසීලන්තය පරදා පකිස්ථානය ලකුණු 21කින් ජය ගනී!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.