ලෝක කුසලාන තරගාවලිය හරිද්ක් පාණ්ඩ්‍යාට අහිමි වී තිබේ. ආබාධයකට ලක් වූ ඔහු වෙනුවට ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව විසින් තරුණ තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතය වෙත අනුමත කර ඇත.
එක්දින තරග 17කට ක්‍රීඩා කර ඇති ක්‍රිෂ්ණා කණ්ඩායමට නම් කරන්නේ ඔක්තෝබර් 19 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ දී හර්දික් පාණ්ඩ්‍යාගේ වම් වළලුකරේ ඇති වූ ආබාධයකින් සුවය ලැබීමට අපොහොසත් වී තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙනි.
ක්‍රීඩකයෙක් ආදේශ කිරීම සඳහා ක්‍රීඩකයා නිල වශයෙන් සංචිතයට එක් කිරීමට පෙර තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ.
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඉසව් තාක්ෂණික කමිටුව සමන්විත වන්නේ වසීම් ඛාන් (ICC සාමාන්‍යාධිකාරී – ක්‍රිකට් සහ ETC සභාපති), ක්‍රිස් ටෙට්ලි (ICC ඉසව් ප්‍රධානී), හේමන්ග් අමීන් (වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී – BCCI), ගරුව් සක්සේනා (සාමාන්‍යාධිකාරී) – මෙහෙයුම්, BCCI), රසල් ආර්නෝල්ඩ් සහ සයිමන් ඩූල්ය.