අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටවල් දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව – චමනී සෙනෙවිරත්න 

by editor
ඔක්තෝබර් 3, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ක්‍රීඩාව කිනම් මුහුණුවරක එකක් වූවත්, ඕනෑම රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඒ හැටි පහසු කාර්යයක් නොවේ. එවැනි පසුබිමකදී රටවල් දෙකකම ජාතික කණ්ඩායම් නියෝජනය කිරීම විස්මිත ක්‍රියාවකි. එම ගෞරවය කාන්තාවක් විසින් දිනාගනු ලැබීම එහි වටිනාකම තවත්  ඉහළ දමන්නකි. එය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක විසින් සිදු කරනු ලැබීම විමතිය හා ගෞරවය දෙගුණ තෙගුණ කරවන්නකි.

එම ගෞරවය දිනාගනු ලැබුවේ කලක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකා චමනී සෙනෙවිරත්න විසිනි. ඇය වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් පිලේ උපනායිකාව ද වන්නීය.

එක්සත් අරාබි එමීර් පිලට ක්‍රීඩා කරමින්

වසර 14ක් පුරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ 38 හැවිරිදි චමනී සෙනෙවිරත්න එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වූයේ 2014දීය. එරට ජාතික පිලට ක්‍රීඩා කිරීමට පෙර වසර 3ක් එහි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිය යුතු අතර, චමනී එම සුදුසුකම සපුරා ගනිමින් 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් බවට පත්වූවාය.

අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලෙන්  ක්‍රීඩාවේ අත්පොත තැබූ චමනී ජාතික කණ්ඩායමට එක්වූයේ 1997 වසරේදීය. එවකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලු රකින පිතිකරු ගයි ද අල්විස්  විසිනි. ඔහුගේ ගුරුහරුකම් මැද සිය ක්‍රිකට් දස්කම් පෝෂණය කරගත් ඇය පසුකාලීනව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රබලතම සාමාජිකාවක බවට පත්වූවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

චමනී සෙනවිරත්න

1998 වසරේදී ශ්‍රී ලංකා පිල සහ පාකිස්තාන පිල අතර පැවැති මෙරට කාන්තා ක්‍රිකට් වංශ කතාවේ එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 105ක් රැස් කළ ඇය ශ්‍රී ලංකා කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු හා එකම ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගත්තාය.

අනතුරුව 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ඇයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවීය. එය සිදුවූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසිනි.

‘මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලින් අයින්  වුණේ පුදුමාකාර කළකිරීමකිනුයි. මාව කපා දැම්මේ දස්කම් අතර  සිටියදියි. ඒක වුණේ එවකට හිටපු පුහුණුකරු නිසයි. මම ක්‍රීඩාවෙන් ඉවත්වෙද්දිත් ලංකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවන් පස්දෙනා අතරයි හිටියේ. ඒත් මට තැනක් දුන්නේ නෑ. සමුගැනීමේ තරගයක් ඉල්ලුවත් ඒක දුන්නෙත් නෑ. එවකට හිටපු පුහුණුකරු මගෙන් පළිගත්තේ එහෙමයි. ‘ ඇය දැඩි කලකිරීමෙන් යුතුව එසේ කියයි.

Chamini-Senavirathna
චාමනී සෙනවිරත්න

එක්තරා පුහුණුකරුවකුගේ අයුතු යෝජනාවලට අවනත නොවීමත්, ඔහුගේ වැරදි තීරණ විවේචනය කිරීමත් හේතුවෙන් තමාට මේ ඉරණම අත්වූ බව ඇය සඳහන් කළාය.

‘එවකට හිටපු තේරිම් කමිටුවටත් එම පුහුණුකරුවා බලපැම් කළා. මට පන්න පන්නා පහර දුන්නා. මට වගේම තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුටම මේ දේ සිද්ධ වුණත් ඔවුන් ඉදිරියට ඇවිත් ඒවා හෙළි කරන්න බයයි. තේරීම් කමිටුවේ එවකට හිටපු ප්‍රධානියා එක්ක පෙර දින රාත්‍රියේ අවන්හල්වල මත්පැන් පානය කරමින් තමයි ඔහු පසුදින තෝරන කණ්ඩායම නම් කරන්නේ.‘ ඇය එසේ කීවාය.

‘අධික ලෙස මත්පැනට ලොල් මේ පුහුණුකරු ඇතැම් කළමනාකරුවන් සමගත් ගැටුම් ඇතිකරගත්තා. කළමනාකරුවන් වැඩි දෙනෙක් ඉතා හොඳ අය. නමුත් ඔවුන්ටත් වඩා ඉහළින් තමයි ඔහු කටයුතු කළේ. ‘ ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශාරිරික යෝග්‍යතා සහතිකලාභීයකු වන චමනී සිය ක්‍රීඩා දිවිය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස එරට බලපත්‍රයකට හිමිකම් කී අතර, ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් පිලට එක්වූයේ ද එහිදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස රැකියාවක නිරතවන  අතරතුරදීය.

Chamini-Senavirathna
චමනී පිහිනුම් උපදේශිකාවකි

නැවත මවුබිමට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණමින් සිටින බාලිකා විදුහලක පුහුණුකාරීත්වය බාරගැනීමට තමා කැමැත්තෙන් පසුවන බව ද ඇය සඳහන් කළාය. ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෙවැනි පෙළ පුහුණුකාරිනියක දවේ.

මේ වනවිට සාජා නුවර සාජා ඉන්වෙස්ට්මන්ට් අධිකාරියට  (Shurooq – Sharjah Investment and Development Authority) අයත් Al Montazah සමාගමේ ජීවිතාරක්ෂක හා පිහිනුම් උපදේශිකාවක ලෙස සේවය කරන චමනී සිය ක්‍රීඩා දිවියට සහයෝගය ලබා දෙන එම සමාගමේ සාමාන්‍යධිකාරී Khalid  Ibrahim  Al  Qaseer  මහතා ඇතුළු එම සමාගමේ කළමනාකරුවන් වන Amine Mechergui  සහ Hussain Shamlan  ටත්, කණ්ඩායම් භාරව කටයුතු කරන Umangi de Soyza සහ  Amro Elyasad ටත් සිය ස්තූතිය පුද කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාරා සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව විනය පියවර!

Next Post

කඩා වැටුණු නුවර නිවසේ සුන්බුන් ඉවත් කිරීමටත් ලක්ෂ 28ක වියදමක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.