මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩ වැටුණු පස් මහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එහි සුන්බුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම අතවශ්‍ය බවත් ඒවා ඉවත් කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 28 ක් වැයවන බව දැනට ලැබී ඇති ඇස්තමෙන්තු සහ මිල ගණන් වලින් පෙනී යන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මෙම මස 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බැවින් මෙම සුන්බුන් ඉවත් කිරීම රජයේ මැදිහත් වීමෙන් කරන්නට සිදුව තිබෙන බවත් මහ භාණ්ඩාගරයෙන් හෝ මෙම මුදල ලබා ගැනීමට සාකච්ඡා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය