බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාරා සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව විනය පියවර!

by editor
ඔක්තෝබර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ජලජ සම්පත් පිළිබඳව පර්යේෂණ සිදු කරන ප්‍රධානතම ආයතනය වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධානතම නිලතල වන සභාපතිවරයා සහ  අධ්‍යක්ෂ ජනරාල්වරයාද විවිධ චෝදනා ගණනාවකට  ලක්ව ඇති හෙයින් ඔවුන් සම්බන්ධව විනයානුකූල පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව එම ආයතන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කරයි.

සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ඒ. නවරත්නරාජා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන එල්.කේ.ටී.සී. ලොකුකුමාර මෙසේ චෝදනාවට ලක් වී සිටිති.

එම ආයතනයේ ඉහළම නිලධාරීන් වන ඔවුන් දෙදෙනාම දේශපාලන පත්වීම් ලද්දන් වන අතර  අධ්‍යක්ෂ ජනරාල්වරයාට  මූල්‍ය අක්‍රමිකතා හා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට  ලක් ව සිටින අතර   ආයතනික ක්‍රමවේදය මුලුමනින්ම බිඳ දමා හිතූ මතේ කටයුතු කරන බවට සභාපතිවරයා සම්බන්ධයෙන්   චෝදනා එල්ල වී තිබෙන බව  වාර්තා වේ.

මේ වනවිටත්  නාරා ආයතනයේ වෘත්තීය සමිති විසින් මේ පුද්ගලයන් සම්බන්ධව පූර්ණ වාර්තාවක් සාක්ෂි සහිතව   ජනාධිපතිවරයා  ඇතුළු සියලුම වගකිව යුතු අංශ වෙත යොමු කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

විෂය භාර අමාත්‍යවරයාට නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස පුද්ගලයකු පත් කර එවිය හැකි නමුත්  ආයතනයේ ක්‍රමවේදය අනුව එම පත්වීම සම්පූර්ණ වන්නේ පාලක මණ්ඩලය  අදාල පත්වීම අනුමත කර නැවත ඇමතිවරයා වෙත යොමු කිරීමෙනි.

දැනට නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන පුද්ගලයා විෂය භාර ඇමතිවරයා විසින්  2020 ජනවාරි මාසයේ  පත් කර එව්වද එම පත්වීමට නාරා පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී නැත. ඊට ප්‍රධානම හේතුව සේ පාලක මණ්ඩලය දක්වා තිබුණේ ජාත්‍යාන්තරය හා ගනුදෙනු කරන ලංකාවේ ප්‍රමුඛතම විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක කටයුතු කිරීමට සැපිරිය යුතු භාෂාමය පරිචය ඇතුළු මූලික   සුදුසුකම් මේ තැනැත්තා සපුරා නැති බවය.

මේ තත්ත්වය තුළ නාරා පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවට පසු දාතම් යොදා සකස් කළ ව්‍යාජ ලේඛණයක් ඉදිරිපත් කර  පුරා මාස 08ක් තිස්සේ මෙම පුද්ගලයා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ   රැඳී සිටින ආකාරයත්, මේ කාලය තුළ පවත්වන ලද නාරා පාලක මණ්ඩලයේ රැස්වීම් දෙකෙහි දීම මේ පුද්ගලයා ගේ නම අනුමැතියට යොමු  කර නැති ආකාරයත් වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල්වරයාට පත් කරන පුද්ගලයෙකුගේ වැටුප් ගෙවීම පිළිබඳව කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පැහැදිළි නිර්ණායක ලබා දී තිබෙද්දී තවමත් මේ තනතුරේ ස්ථිර නොවූ මේ පුද්ගලයා   ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැටුප පුරා  මාස හයක් තිස්සේ ලබා ගැනීම, මේ සම්බන්ධව විගණන අංශ විසින් ඉදිරිපත් කළ වාර්තා අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් හා ධීවර හා  ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවූ වැටුප නතර කර ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට දැන්වූ නිර්දේශ සභාපතිවරයා හරහා යටපත් කිරීම,  වාහන අවභාවිතය,  ආයතනය උපදේශන සේවාවලින් ලබන මුදල් වංචා කිරීම, අවිධිමත් ප්‍රසම්පාදන කටයුතු, රාජ්‍ය මූල්‍ය නීති උල්ලංඝණය කරමින් ගනුදෙණු කිරීම ඇතුළු චෝදනා රැසකට මෙම පුද්ගලයා ලක් වී සිටියේය.

නාරා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පුද්ගලයා වයස අසූවත් ඉක්මවූ, අත්වාරු රහිතව ඇවිදීමටත් නොහැකි අයෙක් බවත්, මේ වියපත් පුද්ගලයාට නිරන්තරව අමතකවීම් හා අතපසු වීම් සිදුවන බවත් ආයතනික පටිපාටිය නොසලකා කටයුතු කරන මේ තැනැත්තා නිසා ආයතනය බරපතල අර්බුදයකට ලක් වී ඇති බවත් වෘත්තීය සමිති ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබිණි.

පසුගිය මාස හත තුළ පමණක්   අනුමත ඉන්ධන දීමනාව ඉක්මවා අසීමිත ඉන්ධන දීමනා ලබා ගැනීම,  වැටුපට හිමි දීමනා හැර  අනෙක් දීමනා ලබා ගැනීමට පාලක මණ්ඩලයේ අනුමැතිය හා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගතයුතු වුවත්  එසේ සිදු නොකර තමන්ට පහළ නිලධාරියෙක් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා දීමනා අනුමත කරගෙන ලබා ගැනීම, වාහන අවභාවිතය, ආයතන කළමනාකාරිත්වය විසින් සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව  රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති විගණන වාර්තා 15ක් පිළිබඳ නොසලකා කටයුතු කිරීම, නාරා පර්යේෂණ ක්ෂේත්‍රය දේශපාලනික අවශ්‍යතා මත අවභාවිත කිරීම, ජාතිවාදී හැසිරීම ඇතුළු චෝදනා රාශියක් සභාපතිවරයා වෙත එල්ල වී ඇති අයුරු සාධක සහිතව ඉදිරිපත් විය.

මේ තත්වය තුළ නාරා ආයතනය යළි සුපුරුදු ගෞරවනීය ස්ථානයේ රඳවා ගැනීමට විධිමත් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය වෘත්තීය සමිති විසින් සියලුම වගකිව යුතු අංශ වෙත පෙන්වා දී ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත කෙරේ.

Next Post

රටවල් දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව – චමනී සෙනෙවිරත්න 

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.