බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත කෙරේ.

නිවාස 608 ක්.... විවෘත කිරීම අගමැති තුමා අතින්.

by editor
ඔක්තෝබර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් 05 දා සඳදා පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතය.

නිදන කාමර 3 කින් සමන්විත නිවාස 304 කින් සහ නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කින් යුතු මෙම මහල් නිවාස සංකීර්ණයේ සමස්ථ නිවාස ප්‍රමාණය 608කි. මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680 ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880 ක් වේ. වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගනය (ඕවල්) අසලම මෙම නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2 ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින්  සමන්විත  මෙම  අංග සම්පූර්ණ   මහල් නිවාස සංකීර්ණය තට්ටු 25 කින් සමන්විතය.

පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 ම මේ වන විට විකිණී අවසන්වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ වැ..බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත   ප්‍රකාශ කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වසර 15 ක් වසර 20 ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදීගෙන ඇති බවත් ඔවුන්  සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා කීවේය.

සමස්ථ ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 5500 ක් විය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වසර 1 1/2 ක පමණ ප්‍රමාදයක් මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී සිදු වූ අතර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව පසුගිය දිනවල ඉදිකිරීමේ කටයුතු කඩිනම් කළ බව නාගරික සංවර්ධන අධිකාරිය කීවේය.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ සංකල්පයක් අනුවය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීරගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් කර ඇත.

එම රාජ්‍ය මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ හා තදාසන්න නගරයන්හි හා රටේ හඳුනාගත් නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි වසර 05 ක කාල සීමාව තුළ තවත් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ වැඩසටහනට මේ වන විට පියවර තබා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රටට අවශ්‍ය සංශෝධනයක් නෙවෙයි සම්පූර්ණ ව්‍යවස්ථාවක්”

Next Post

නාරා සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව විනය පියවර!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.