සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

by editor
මැයි 27, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කාණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර බංගලාදේශයේ මීපූර්හි දී පැවති දෙවැනි ටෙස්ට් තරගය කඩුළු 10කින් ජයග්‍රහණය කරමින් විශිෂ්ට තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

දෙවැනි ඉනිමේ දී බංගලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 169කට දැවී ගියේය.   ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 28කිනි.  කිසිවෙක් නොදැවී ශ්‍රී ලංකා කණඩායම සිය පහසු ඉලක්කය හඹා ගොස්  ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

වැරදි තීන්දුව

මෙම තරගයම ඔවුන්ගේ වැරදි තීන්දු මත දිශානතිය වෙනස් කරගත් තරගයකි. කාසියේ  වාසිය දිනා මුලින්ම පන්දුවට පහර එල්ල කිරීමට තිරණය කළ බංගලාදේශ ඉනිමේ මුල් කඩලු 04 ලකුණු 24කට දැවී ගියේය.

එහෙත් මැද පෙළ ක්‍රීඩාකළ යුතු ආකාරයේ ආදර්ශයක් ලබා දුන් මුෂ්ෆිකර් රහ්මාන් ලකුණු 175ක් සහ ලින්ටන් දාස් ලකුණු 141ක් ලබා ගනිමින්  කණ්ඩායම බලාපොරොත්තු සහිත තැනකට රැගෙන ආවේය.  බගංලාදේශ ඉනිම ලකුණු 365ක් ලෙස ස්ථාවර විය.

කසුන් රාජිත ලකුණු 64කට කඩුලු 05ක්, අසිත ප්‍රනාන්දු ලකුණු 93ට කඩුළු 04ක් දවා ගත්තේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 ශතකවලින් සැරසුණු ශ්‍රී ලංකා  මුල් ඉනිම

ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක  අඩිතාලමක් ආරම්භයේ සිට වැටිනි. ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න විශිෂ්ට පිතිකරණයක් සහිතව ආරම්භය ලබා දුන්හ.  පළමු කඩුල්ල දැවී යන්නේ ලකුණු 95 දීය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57ක් ලබා සිටිය දී දැවී ගියේය. දිමුත් කරුණාරත්න ලකුණු 80ක් ලබා ගත්තේය. ධනංජය ද සිල්වා ලකුණු  58ක් ලබා ගත්තේය.

ඉනිම විශිෂ්ටත්වයට රැගෙන යමින්    ඇන්ජලෝ මැතිව්ස්  සහ දිනේෂ් චන්දිමාල් ශතක ලබා ගත්හ. දිනේෂ් චන්දිමාල් ලකුණු 124කි.  ඊට  හයේ පහර 1ක් සහ හතරේ  පහර 11ක් ඇතුළත් විය.    චන්දිමාල් විසින් සිය  ටෙස්ට් දිවියේ   12 වැනි  ටෙස්ට් ශතකය රැස් කළේය.  ඇන්ජලෝ මැතිව්ස්    සිය 13  වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු      හයේ  පහර 2ක් සහ හතරේ පහර 12ක්  සමගින් නොදැවී  ලකුණු 145ක් ලබා ගත්තේය.

බංගලාදේශය අසරණ කළ ශ්‍රී ලංකා පන්දු යැවීම

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු  141ක් පිටුපසින් සිටිමින් ඊයේ සවස සිය  දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ  පිතිකරුවන් හට දැඩි තර්ජනයක් එල්ල  කළ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු  එක්ව පිළිවෙලින් මහමුදුල් හසන් (15),  තමිම් ඉක්බාල් (00) සහ මොමිනුල් හක්  (00) නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීය.

අද බංගලාදේශ කණ්ඩායම පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ දැඩි අභියෝගයක් සමගිනි. පරාජයේ අඳුරු සෙවනැලි ඔවුන් මත පතිත වී තිබිණි.

පළමු ඉනිමේ මෙන් ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමට මැදපෙළ පිතිකරුවන් වන ලිටන් දාස් සහ මුෂ්ෆිකර් රහීම් උත්සහ කළත් තරගයේ 5 වැනි දිනයේ ආරම්භයේදීම කසුන් රාජිත යැවූ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 23කට දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ශකීබ් අල් හසන් සහ ලිටන් දාස් අතරේ 6 වැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ඳතාවක් ගොඩ නැගිනි. එහෙත්  ලිටන් දාස් ලකුණු 52 ට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිඳවැටිනි.

ඉන් පසු ශකීබ් අල් හසන් ලකුණු 58ක් ලබා සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

පන්දු 72ක දී වාර්තා වූ ශකීබ් ගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වී තිබිණි. ශකීබ් ගේ කඩුල්ල බිඳ වැටීමත් සමග ඉතිරි බංග්ලාදේශ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ නොතැබූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඉතිරි පිතිකරුවන් තිදෙනා ලකුණු 6 ක් තුළ දවා ගත්තේය.

බංග්ලාදේශ ඉනිම ලකුනු 169 කට සීමා  විය.  සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත් අසිත ප්‍රනාන්දු ලකුණු 51 ට බංග්ලාදේශ කන්ඩායමේ කඩුලු 6 ක්ම දවා ගත්තේය. තරගයේ ඉනිම දෙකේ  දී ඔහු කඩුළු 10ක් වාර්තා කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

Next Post

“වැටුපට අත තියන්න එපා…  ස්ට්‍රයික් කරනවා…“  හිඟමනට වැටුණු රටෙන් GMOA  “මස් රාත්තලම“ ඉල්ලයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.