සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව සතියක් ඇතුළත ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.
රට තුළ පවතින ගෑස් හා ඉන්ධන අර්බුදයත් සමඟ සෞඛ්‍ය සේවාව අඩාල වී ඇති අතර සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට රජය තීරණය කර ඇතැයි ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය සේවකයින්ට සහතිකයක් ලැබී ඇත.
මේ වන විට සෞඛ්‍ය සේවකයින්ගේ කප්පාදු කළ වැටුප් ආපසු ලබා දෙන බවටත් සහතික කර තිබේ.
එහෙත්, සතියක් ඇතුළත වැටුප් කප්පාදුව සම්පූර්ණයෙන්ම ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දන්වා සිටියි.