බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

මහෙල… ඇත්තටම ඔයා කරන්නේ මොනව ද?

by editor
මාර්තු 29, 2023
in නියුට්‍රල් අම්පයර්
ANTIGUA, ANTIGUA AND BARBUDA - JANUARY 27: Mahela Jayawardene, Consultant of Sri Lanka looks on during the ICC U19 Men's Cricket World Cup match between Sri Lanka and Afghanistan at Coolidge Cricket Ground on January 27, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

ANTIGUA, ANTIGUA AND BARBUDA - JANUARY 27: Mahela Jayawardene, Consultant of Sri Lanka looks on during the ICC U19 Men's Cricket World Cup match between Sri Lanka and Afghanistan at Coolidge Cricket Ground on January 27, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

Share on FacebookShare on Twitter

neutral-ampayerක්‍රිකට් යනු අපේ අයට ආගමක් බඳුය.

ඒ නිසාමදෝ පසුගිය වකවානුවේ බෝන් අගේන් නම් ආගමික  නිකායක් ක්‍රිකට් ක්‍රීඩාව තුළට රිංගා මහා කලබගෑනියක් සිදු කළේය.

එක්තරා බෝන් අගේන් පාදිලිවරයකු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයන්ද සූක්ෂම ලෙස බෝන් අගේන්කරණය කරන බවත් තරග දිනන්නේද එක්තරා බෝන් අගේන් ක්‍රීඩකයකු  එම පාදිලිවරයාගේ අනුහසින් දක්වන දස්කම් අනුව බවත් කියවිණ.

එහෙත් අදාල ක්‍රීඩකයාට  ලෝක කුසලාන තරගාවලියේ කිසිදු දස්කමක් පෑමට නොහැකි වීම තුළ එම ක්‍රීඩකයාත් පාදිලිවරයාත් බලු වී ගියේය.

මේ වන විට අපේ ක්‍රිකට් ක්‍රීඩාව යළි මතබේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

එක් අතකින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන නිලධාරීන් හා ක්‍රීඩා ඇමතිවරයා අතර   විරසකයක් හටගෙන ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනික් අතින් ජාතික ක්‍රිකට් පිළ ජාත්‍යන්තර මට්ටමින් පරාජය වෙමින් ඇත.

බලයේ රැඳී සිටීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන වත්මන් ක්‍රිකට් බලධාරීන් හා බල පෙරේතයන් පලවා හැරීමට ක්‍රීඩා නීතියට සංශෝධන ගෙනා ක්‍රීඩා ඇමතිවරයාත් ඔවුන් කණ්ඩායමත් අතර හටගෙන තිබෙන අරගලය ක්‍රිකට් ආයතනය තුළ සිදුකෙරෙන වෝහාරික විගණනයේ වාර්තාව නිකුත් කිරීමත් සමග අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර මහේල ජයවර්ධන මාසිකව රුපියල් හැට ලක්ෂයකට අධික මුදලක් වැටුප් ලෙස ලබා ගනිමින් කරනු ලබන කාර්‍ය්ය  කුමක්ද යන්න මේ දිනවල නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මුහුණ දෙන දරුණු පරාජයන් හමුවේ නැවත වරක් මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ

නවසීලන්ත සංචාරයට ශ්‍රී ලංකා පිල ගියේ රදැල්ල ක්‍රීඩාංගණයේ සතියක පුහුණුවක් සහිතව දේශගුණයටද පෙරහුරුවක් ලබමිනි.

නවසීලන්ත සංචාරය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් සංචාරයක් විය.

ඒ ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ නම් අයි.සී.සී. ටෙස්ට් අවසන් තරගයට සුදුසුකම් ලබන්නටත් එක්දින තරගාවලිය ජය ගත්තේ නම් මීළඟ එක් දින ලෝක ශූරතා තරගාවලියේ  සුදුසුකම් ලැබීමේ  තරගාවලියට නොගොස්  කෙළින්ම සුපරි වටයට යෑමේ අවස්ථාව ලබන්නටත් ඉඩකඩ තිබුණු නිසාය.

එහෙත් ටෙස්ට් තරග දෙක හා එක්දින තරග දෙකක් අවසානයේ මේ අවස්ථා දෙකම ගිළිහී ගියේය.

එපමණක් නොව නවසීලන්තයේ සාමාන්‍ය ක්‍රීඩකයන් නව දෙනකු රහිත කණ්ඩායම වෙතින් ප්‍රථම එක්දින තරගයේ අලජ්ජී ලෙස ලකුණු 198 ක පරාජයක් අත් කර ගත්තේය.

බ්ලෙයර් තික්නර් කණ්ඩායමේ සාමාජිකයින් සමග සතුට සමරමින්…

අපේ ක්‍රිකට් මේ අඩියට පත්වන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වල උපදේශක ලෙස  මාසිකව රුපියල් ලක්ෂ හැටකට වැඩි වැටුපක් ලබමින් මහේල ජයවර්ධන විසින් කරනු ලබන කාර්ය භාරය කුමක්දැයි මාධ්‍ය කිහිපයක ප්‍රශ්න කරනු ලැබීය.

අයි.පී.එල් හි මුම්බායි ඉන්ඩ්යන්ස් වෙනුවෙන් ඇමරිකාවට ගොස් සිටින මහේල නවසීලන්තයට නොගියේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කර තිබිණ.

බොහෝ මාධ්‍ය වලට නොපෙනුනද  මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකු ඉස්මතු කළ මෙම පැනයේ වරදක් නොවීය.

අවසානයේ එසේ ප්‍රශ්න කළ මාධ්‍යවලට ක්‍රිකට් ආයතනයේ පිළිතුර වූයේ සංචාර වලට සහභාගි වීම මහේලගේ රාජකාරියක් නොවන බවය.

එහෙත් 19 න් පහළ යොවුන් ලෝක කුසලානයටත් පසුගිය ලෝක කුසලානයටත් උපදේශක ලෙස මහේල සහභාගිවූයේ ඇයිද යන්න ගැටලුවකි.

මහේල සහභාගි වූ එම සංචාර දෙකද ශ්‍රී ලංකාවට සාර්ථක ඵල ලබා නොදුන් අතර මහේලගේ සම්ප්‍රාප්තිය තුළින් කිසිදු වැඩක් සිදු නොවූ බව පිළිගත යුතුය.

මහේල උඩ දාගෙන සිටින ක්‍රිකට් බලධාරින් දැන්වත් මහේලාගමනයෙන් අපේ ක්‍රිකට් වලට සුගතියක් නොවූ බව හා ඉදිරියට හෝ  නොවන බවත් තේරුම් ගත යුතුය.

ටොම් මූඩිව ගෙනාවෙත් සංගා හා මුරලි එක්ව මහේලය. ඒ අයි.පී.එල් යාළු කමටය. මූඩිද වසරකට දින 100 ක් වැඩ කිරීමට පොරොන්දුව පැමිණ දින 50 ක්වත් මෙහි ගත නොකර කෝටි ගණනක් උපදේශක පිං පඩියක් ලබාගෙන ආපසු ගියේය.

දේශීය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේද දින වකවානු වෙනස් කළේ මහේලය.

ප්‍රතිඵලය වූයේ එංගලන්ත කුඩා  ප්‍රාන්ත ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩකයන් සියයකට පමණ  යන එන මං අහිමි වීමය.

උසස් තාක්ෂණ අංශයේ මෑත කාලයේ පුහුණුකරුවන් තෝරා ගත්තේ මහේලට උවමනා පරිදිය.

නවීඩ් නවාස්, අවිශ්ක ප්‍රනාන්දු, පියල් විජේතුංග, තිළිණ කන්ඩම්බි, රුවන් කල්පගේ මහේලගේ අනුහසින් පැමිණි පුහුණුකරුවන් ය.

දඟ පන්දු යවන්නන් හදනවාට වඩා නැති කිරීමට දක්ෂ පියල් විජේතුංග වසර දහයක් සිට කළ දෙයක්  නොවුන බැවින්  ගෙදර යැවූ පසු ආපසු පැමිණ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සෑම සංචාරයකම යන්නේද මහේලට පිං සිද්ධ වෙන්නය.

පියල්ට පිං සිද්ධ වෙන්න අපේ හොඳම වමත් දඟ පන්දු යවන්නන් තිදෙනාගේම රිදම් ගිහින්‍ ය.

ප්‍රවීන් ජයවික්‍රමට බෝලයක් කෙළින් දා ගන්නවත් බැරිය. ඇඹුලා උතුර දකුණ සොයා ගත නොහැකිව අතරමං වී ඇත.

වේග පන්දු යැවීමේ පුහුණුකරු දර්ශන ගමගේය. අද තරගයේ ගහන වේග පන්දු යවන්නා ඊළඟ තරගයේ ආබාධයකට  ගොදුරු වීමෙන් කණ්ඩායමෙන් එළියේය.

මහේලගේ රෙකමදාරුවෙන් කණ්ඩම්බි අතිරේක පිතිකරණ පුහුණුකරුවකු ලෙස නවසීලන්තයට ගියේය. ගිය ගමන් තිබූ පළමු තරගයේ අපේ පිතිකරුවන් සියලු දෙනාම රැස් කළේ ලකුණු 76 කි.

කාටත් පෙනෙන්නේ සිල්වර්වුඩ්වය. ඒ ඔහු ප්‍රධාන පුහුණුකරු නිසාය. කාගෙ කාගෙත් කුණු අවසානයේ යන්නේ ඔහු පිටින්‍ ය.

මහේල කොහොමත් එස්.එස්.සී සපෝටර් ය. ඒ නිසා එස්.එස්.සී අයට වැඩි වැඩියෙන් වාසි ය.

කුසල් මෙන්ඩිස්  තහංචි සමයේ සී.සී.සී. සිට එස්.එස්.සී ගෙනවිත් ඔහුට හා ධනුෂ්ක ගුණතිලකගේ තහංචිය අඩු කර යළි කණ්ඩායමට ගෙනාවේද මහේලය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටු සභාපති වුවත් නොනිල සභාපති මහේල බව බොහෝ දෙනා නොදනිති.

අපේ පුහුණුකරු සෙට් එක දිනුවත් පැරදුනත් එසේමය. ඔවුන්ට ඉලක්ක හෝ කේපීඅයි නොමැත.

ටුවර් ටික නම් ෂුවර් ය.

කොතරම් අසාර්ථක වුණත් එලවනකම් යන්නේද නැත.

මහේල වුවත් මුම්බායි ඉන්ඩියන්ස්වල මුලදී සාර්ථක වුවත් අවසාන තරගාවලියේ අම්බානිටද කට උත්තර නැති වන තරමට මුම්බායි ඉන්ඩියන්ස් නන්නත්තාර විය.

ඒ මහේල ලංකාවේ වැඩේදීත් ෆේල් ය.

ඒ නිසා හොඳම දේ තැන තියාගෙන අයින් වීමය.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලෝ මීටරයක් සඳහා ත්‍රී විල් ගාස්තුව රුපියල් 20කින් අඩුවේ…

Next Post

ආනයනික බිත්තර බේකරි කර්මාන්තයට ඉතාම සුදුසුයි… බේකරි හිමියෝ කියති!

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.