කීර්ති ප්‍රනාන්දු –
හෙට සිට කිලෝ මීටරයක් සඳහා අය කළ ත්‍රීවිල් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ථ ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.
ඉන්ධන මිල අඩුවීමත් සමග එම සහනය ජනතාවට ලබා දීම සඳහා මෙම තීරණය ගත් බව සභාපතිවරයා පවසයි.
ඒ අනුව පෙට්‍රල් ත්‍රීවිලයක් මෙතෙක් ආරම්භක කිලෝමීටරය සඳහා අයකළ ගාස්තුව රුපියල් 120 රුපියල් 100 ලෙසත් ඩීසල් ත්‍රීවිල් රථයක් රුපියල් 140ක සිට රුපියල් 120 දක්වාත් මිල අඩු වීමට නියමිතව තිබේ.
රුපියල් 100ට තිබූ දෙවන කිලෝමීටරයේ සිට අයක කළ ගාස්තුව රුපියල් 80 තෙක් අඩු කර ඇත.







