අයි.සී.සී ය විසින් අවුරුදු දෙකක් තිස්සේ චෝදනා විභාග කර තමන්ට එරෙහිව අගතිගාමී තීන්දුවක් ලබා දීමට එරෙහිව ජාත්‍යාන්තර අධිකරණය ඉදිරියට යෑමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.
මේ පිළිබඳ නඩු පැවරීමට එංගලන්තයේ නීති ආයතනයකට භාර දී ඇති බවත් මෙම තීන්දුව ලබා දෙන්නේ අයි.සී.සී.ය විසින්ම පත්කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් තමන් නිවැරදි බවට තීරණය කර තිබිය දී බවත් දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.
ස්විස්ටර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට හා එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම නඩුව ගෙන යෑමට තමන් අපේක්ෂා කරන බව කියන ලොකු හෙට්ටිගේ තව මාස තුන හතරකින් නිවැරදි කුමක් දැයි රටේ ජනතාවට බලා ගත හැකි වනු ඇතැයි කියයි.
ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුව දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 3කට වැරදිකරු බවට සනාථ වී යැයි එම කවුන්සිලය නිවේදනය කළේ ඊයේ ( 29) ය.
ඔහුට එරෙහිව අයි.සී.සී, දූෂණ පනතට අනුව චෝදනා ගොනුවන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේදී ය. දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවත් ඔහුට එරෙහිව ඉදිරියේදී දඩුවම් පනවන බවත් අයි.සී.සී.ය ඊයේ දන්වා තිබිණි.
2017 වසරේ පැවති අබුඩාබි ටී – ටෙන් තරගාවලියට අදාළව මෙම චෝදනා ගොනු කර තිබිණි.







