ජේ.ආර්.ආර්. ටොල්කින් විසින් රචිත ලෝඩ් ඔෆ් ද රින්ග්ස් නවකතා පාදක කරගනිමින් නිර්මාණය කරන ලෝ ප්‍රකට ඇමේසන් ඔරිජිනල් කතා මාලාවේ රංගනයට ශ්‍රී ලංකාවේ උපන් නිළි තුසිතා ජයසුන්දර ඇතුළත් කර තිබේ.
ඇමේසන් ස්ටූඩියෝස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි තුසිතා ජයසුන්දර අතිරේක නළු සාමාජිකයින් විසි දෙනාගෙන් එක් අයෙකි.
මාධ්‍ය වාර්තා වලට අනුව, අලුතින් හෙළිදරව් කරන ලද නළු සාමාජිකයින් මීට පෙර නිවේදනය කරන ලද ගෝලීය නළු නිළියන් හා කාර්ය මණ්ඩලයට දැනට කතා මාලාව රූගත කරමින් ඇති නවසීලන්තයේ දී එක්වනු ඇත.
තුසිතා ජයසුන්දර එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියකි.
1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජයසුන්දර 1993 දී රාජකීය නාට්‍ය ඇකඩමියෙන් උපාධිය ලබා ගත්තාය.
ඇය The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) චිත්‍රපට වල රඟ පෑමෙන් ලෝක සිනමා ප්‍රේක්ෂකයන් විසින් හඳුනාගත් ශිල්පිණියකි.