සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දර කපන්නෙක්, කුලී කම්කරුවෙක්, මුරකරුවෙක් ලෙස ජීවිතය දරාගෙන ක්‍රිකට්වලට පැමිණ රට නියෝජනය කළ පළමු තරගාවලියේදීම ක්‍රිකට් ලෝකය හෙල්ලූ ගෞරවණීය තරුණයා…

by editor
ජනවාරි 29, 2024
in ක්‍රීඩා, ජීවිතය
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දැන් ලෝකයේ ක්‍රිකට් ලෝලීන් ගේ ආදරණීය අවධානය මේ 24 හැවිරිදි කළු කොල්ලා ගැනය. වළ දමා තිබූ කොදෙව් ක්‍රිකට්ක්‍රීඩාවේ අභිමානය යළි රැගෙන පැමිණි මේ යෞවනයා අතීත මහා බරසාරක්‍රීඩාවේ මියුරුම මතක රැගෙන එන්නේය.

ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ සිය පළමු පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ මහා දැවැන්ත ආරම්භක පිතිකරු වූ ස්ටීවන් ස්මිත් දවාගත් ඔහු  සිය පළමු ටෙස්ට් ඉනිමේ කඩුළු 05ක් දවා ගත්තේය.

පළමු ටෙස්ට් පන්දුවෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ දැවැන්තයා දවා ගැනීම… ෂාමර් ජෝෂප්….

ඊයේ (28) පැවති ඔස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණයෙන් නිමා කරන සිරිමත් පන්දු යැවීම මේ තරුණයාගෙනි. ලකුණු 216ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 07ක් බිඳ දමා ලකුණු 08ක තියුණු ජයග්‍රහණයක් සිය මව්බිමට අත් කර දුන්නේ මේ තරුණයාය.

ගයානාවේ ඈත අතිශය දුෂ්කර ගමක දර   කපන්නෙක් ලෙස ශ්‍රමය වැය කරමින් හිඳ   නිව් ඇම්ස්ටඩ්‍රෑම්හි    ඉදිකිරීම් වැඩ බිමක කුලී කම්කරුවෙක් සහ මුර කරුවෙක් ලෙස ජිවිතය සමග පොරබැදූ ඒ දුගී කළු කොල්ලා මේ නිමේෂයේ ක්‍රිකට් ලෝකය සොලවා දමා ඇත.

ඔහු ෂාමර් ජෝෂප්ය. ෂාමර්   ජාතික කණ්ඩායමට කැඳවන්නේ පළමු පෙළ තරග 05ක් පමණක්ක්‍රීඩා කර සිටිය දීය. ඒ තරග 05 තුළ ඔහු දැක්වූ පරිචය සම්බන්ධව විශ්වාසයෙන් ජාතික කණ්ඩායමට කඳවූ ෂාමර් ජෝෂප් සිය මුල්ම ටෙස්ට් පන්දුවෙන් ඔහුගේ  පළමු ටෙස්ට් කඩුල්ල දවා ගත්තා පමණක් නොව  සිය පළමු ටෙස්ට් තරගාවලියේ තරාගවලි වීරයා ද  වූයේය. 27 වසරකින් නොලද ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව්වන් ගියේ ෂාමර් කැපූ මග ඔස්සේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔහු ගැන කියවන්න. මේ තරුණයාගේ ජීවිතය මහා කවක් සේ රසවත්ය. සංවේදීය. මිනිසෙකු සතුවියයුතු අධිෂ්ඨානයේ තරම ඔහු රූපණය කරන්නේය. මේ ෂාමර් ජොෂප්ගේ කතාවේ කෙටි සංක්ෂිප්තය ය.

බරකාරා දුගී ගම

ෂාමර් ජෝසප්  ගයනාවේ නැගෙනහිර  Berbice-Corentyne හි කුඩා   දුෂ්කර ගමක සුළු  ප්‍රජාවක් වන Baracara සාමාජිකයෙකි. ගයානාවේ කන්ජි ගඟේ කිලෝමීටර් 225ක් පමණ ඉහළ,      නිව් ඇම්ස්ටර්ඩෑම් වරාය නගරයේ සිට දින දෙකක් බෝට්ටුවෙන්  යා යුතු මහා සමාජයෙන් සැඟවී ගිය පුංචිම පුංචි ගමේ ඔහු හැදී වැඩුනේය.

මේ තරණයා අවුරුදු 18 වනතුරු  අන්තර්ජාල අත්දැකීම් විඳ තිබුණේ නැත. අන්තර්ජාල පහසුකම් හෝ දුරකථන සම්බන්ධතා සඳහා ප්‍රවේශයක් නොමැති ලෝකයේ හුදකලා වූ පරිසරයකය ඔහුගේ ළමා කාලයත් පෙර යොවුන් වියත් ගතවන්නේය.   Baracara ප්‍රජාවට තිබුණේ එක් කළු සහ සුදු රූපවාහිනියක් පමණි.  ගෘහස්ත දුරකථන කිපයක් හැර  ඔවුන්ට වෙනත් සන්නිවේදන ක්‍රමයක් තිබුණේ නැත. අන්තර්ජාලයේ අරුමය ෂාමර් ජෝෂප් අත් වින්දේ වර්ෂ 2018 දී ය. එතකොට ඔහුගේ වයස අවුරුදු 18කි.

මීට අමතරව, Baracara ප්‍රදේශයට  තිබුණේ කුඩා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ ප්‍රාථමික පාසලක් පමණි.   ගමේ ද්විතියික අධ්‍යාපනයට කිසිම ඉඩක් තිබුණේ නැත.  ද්විතියික අධ්‍යාපනයක් ගැන හිතන්නට තරම් පරිසරයක් ඔහුගේ පවුල තුළ ඔහුට තිබුණේත් නැත.

බරකාරා ගමේ දුගී සෞඛ්‍ය මධ්‍යස්ථානය…

ඔහුගේ පවුලේ    සහෝදරියන් තිදෙනෙකු සහ සහෝදරයන් පස් දෙනෙක් වූහ.  තාත්තා දුගී දර කපන්නෙකි.  මහා විසාල පවුලක් නඩත්තු කිරීමට ෂාමර්ටත් සිය ජීවිතය කැප කරන්නට සිදු විය.

ක්‍රිකට් දිවියට පෙර ආසන්න අතීතයේ මේ තරුණයා ඔහුගේ සහෝදර සහෝදරියන් සමග එක්ව පියා සමග දර කැපුවේය. එසේ දර කපා කැබලි කර කැන්ජේ ගඟේ පහළ නිව් ඇම්සටඩ්‍රෑම් වෙත අලෙවිය සඳහා දැව ප්‍රවාහනයේ නිරත වූයේය.

ඒ දුෂ්කර ජිවිතයේ ඔහුට සිහිනයක් තිබිණි. ඔහු හැදි වැඩුනේ බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පන්දු යවන්නන් වූ  කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වොල්ෂ්ගේ මහා අරුමයන් සමගිනි. හැකි සෑම අවස්ථාවකම ඔහු මේ විශිෂ්ඨයින්ගේ විශේෂ අවස්ථා නැරඹුවේය.    ටෙනිස් බෝලය ටේප්වලින් ඔතා සකස් කරගෙන ගම වටා ගොස්     ටේප් බෝල්ක්‍රීඩා කරන ෂාමර් එමක්‍රීඩා වලදි මේ මහා ක්‍රීඩකයින් අනුකරණය කළේය.  අතට අසුවන ලෙමන්, දෙහි, පේර, පීච් වැනි පළතුරුවලින් ද ඔහු කළේ සිය වීරයින් අනුකරණය කරමින් පන්දු යැවීමය.

දැව කැපීමෙන් ඉවත් වීම

තරුණ ෂාමල් ගේ ජීවිතය වෙනස් වන්නේ ඔහු දැව කැපීමෙන් සමුගැනීමත් සමගය.  ෂාමල්  විශාල ගසකට  යටවන්නට ගොස් අනූ නවයෙන් බේරුණේය.   යන්තම් ජීවිතය බේරාගත් ෂාමල් ජෝෂප් ගමෙන් ඉවත් වී වෙනත් රැකියාවක් සොයා යෑමට තීරණය කළේය. ඔහුට ඔහුගේ පවුල නඩත්තු කිරීමේ වගකීම වූයේය. ඔහු රැකියාවක් සොයාගෙන  නිව් ඇම්ස්ටඩ්‍රෑම් වෙත පැමිණියේය.

නිව් ඇම්ස්ට්‍රඩෑම් වෙත පැමිණි  ෂාමල් ජෝෂප්ට   මුල්ම රැකියාව ලැබුනේ  ඉදිකිරීම් වැඩබිමකය. ඔහු එම වැඩබිමේ  කම්කරුවෙක් ලෙස සිය රැකියාව ආරම්භ කළේය. පසුව එම වැඩබිමේ සිකියුරිටි ජොබ් එකක් ඔහුට ලැබෙන්නේ හැඩි දැඩි ජවසම්පන්න ස්වරූපය නිසාය.

ආරක්ෂක නිලධාරියෙකුගේ වැඩමුරය දීර්ඝ පැය 12ක එකකි. ඒ සියල්ල අතරේ ඔහුට ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් කුඩා ඉඩක් තබා ගත යුතු විය.

ෂාමර්ගේ ගමේ ඥාති පිරිස…

ක්‍රිකට් සොයා යෑම

සෑම වටිනා මිනිසෙක් නිර්මාණය වීම පසුපසම කැපකිරීම් සහිත කාන්තාවක් වේ. ෂාමර් ජෝෂප්ගේ පෙම්වතිය මේ පීඩිත කම්කරු තරුණයාට ජීවිතය සොයා යෑම සඳහා අවස්ථාව සලසා දුන්නාය. ඔහු සිය රැකියාවෙන් ඉවත් වූයේය. පූර්ණ කාලීනව ක්‍රිකට්ක්‍රීඩා කිරීමේ අභිලාෂයට ඔහුගේ පෙම්වතිය ඔහුට පදනම නිර්මාණය කර දුන්නාය.

ඒ ආදරණීය තරුණිය ලෝකයට මනරම් ආශ්චර්යයක් නිර්මාණය කර දුන්නාය.  කුලී රස්සාවෙන් ඉවත් වී ෂාමර් ක්‍රිකට් අභියෝගය භාරගන්නේය. ෂාමර් සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ පළමු දොර විවර කරගන්නේ  රොමාරියො ෂෙපර්ඩ් හරහාය. ගායානා ක්‍රිකට් කණ්ඩායමට ඔහුව හඳුන්වා දෙන්නේ රොමාරියෝ ය.

ඔහු සම්බන්ධ වූ මුල්ම තරගය තේරීම් තරගයකි. එහි දී මේ අපූරු තරුණයා   ලකුණු 13කට කඩුළු 06ක් බිඳ දැමුවේය.

තමන්ගේ සිහින වීරයා වූ කර්ට්ලි ඇම්බ්‍රෝස් විසින් මෙහෙයවන ලද බර්බිස් හි වේග පන්දු යැවීමේ කඳවුරකට එක්වන ෂාමල් මූලික පුහුණු තරගයේ දී    කඩුලු 8ක් දවාගත්තේය. කොල්ලා විශ්මිත ගමනක් සඳහා සැරසෙන බවට ඉව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පරිපාලනයට දැනී තිබිණි. අවසානයේ ඔහු මුල් පෙළ ක්‍රිකට් තරග සඳහා  ඔහුට ඇති ඉඩ ෂාමර් තහවුරු කර තිබිණි.

55 වැනි කලාපීය සිවුදින තරගය සඳහා ගයනා කණ්ඩායම විසින් ෂාමර් නම් කරන්නේ ඊට පෙර කිසි දිනක ගයනාව කිසිදු මට්ටමකින් ක්‍රීඩා කර හෝ නියෝජනය කර නොතිබුණ පරිසරයකය. ඒ තේරීම සාධාරණ බව ඔහු ඔප්පු කර පෙන්නුවේය.

2022-23 බටහිර ඉන්දීය කොදෙව් ශූරතාවලියේදී   බාබඩෝස් කණ්ඩායමට එරෙහිව ගයානා වෙනුවෙන් ඔහු පිවිසි මුල්ම පළමු පෙළ තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූයේය. ඒ 2023 පෙබරවාරි 1 දා ය.

එම තරගාවලියේ වින්ඩ්වර්ඩ් අයිලන්ඩ් කණ්ඩායමට එරෙහිව ෂාමර්    පළමු පෙළ ක්‍රිකට්ක්‍රීඩාවේ දී ඔහුගේ පළමු ක්‍රිකට්ක්‍රීඩාවේ පළමු කඩුලු 5 දවා ගත්තේය. ඒ පන්දු ඕවර 12කදී ලකුණු 41ට කඩුළු 05ක් ලෙසිනි.

2023 නොවැම්බරයේදී, දකුණු අප්‍රිකානු A කණ්ඩායමට ඔහුව කැඳවනු ලැබුවේය. එහිදි දකුණු අප්‍රිකානු A කණ්ඩායමට   එරෙහිව තරඟ තුනකින් යුත්  ළ තරඟාවලියකටක්‍රීඩා කිරීම සඳහාය.

දකුණු අප්‍රිකානු A කණ්ඩායමට එරෙහිව පැවති පළමු පන්තියේ තරඟාවලියේදී කැපී පෙනෙන ලෙස ක්‍රීඩා කළ ෂාමර්    බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර  සමඟ එක්ව කඩුළු 12ක්  දවා ගනු ලැබුවේය.

ඒ විශිෂ්ට පන්දු කරණය ඔහුව ජාතික කණ්ඩායමට කැඳවා තිබිණි. ඒ කැඳවීම කොදෙව් ක්‍රිකට් ඉතිහාසය නව වර්ණාවලියකින් වර්ණනය කර ඇත.

ෂාමර් විසින් කොදෙව්වන් රැගෙන පැමිණි ඒ අසිරිමත් ජයග්‍රහණය අතර…

මේ විශිෂ්ට තරුණයා බොහෝ දුර යනු ඇති බවට පලකරන ඉඟි මේ වනවිටත් ප්‍රකට වී ඇත්තේය. මුල්ම දේ ෂාමර් සිය මුල අභිමානයක් කොට සැලකීමය. ඒ මහා පෞරුෂය ඔහු තුළ පවතිනතාක් ඔහු ආරක්ෂා වන බව කිව යුතුය.

පෙදරේරුවන්ගේ , ත්‍රීවිල් රියදුරන්ගේ දරුවන්, අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වර්ණවත් ආරම්භ ලබා ගත්තා මතකය. පන්ති කොටු පවුරු බිඳ දමා සිදුවූ ඔවුන්ගේ විශිෂ්ඨ ආගමනය සමාජයත් මහා ගෞරවයෙන් පිළිගත්තේය.  එහෙත් තමන් කවරෙක්ද යන්න අමතක කිරීමට දරන උත්සාහය තුළ සැඟවුන මහා හීනමානය අවසානයේ දී අවිනීත කඳ බඩ පමණක් සහිත හැමදාම ෆේල්වෙන  ගොබ්බයන් පිරිසක් පමණක් රටට ඉතිරි කළේය.

ඒ පුංචි මිනිසුන්ට කියන්නට ඇත්තේ ෂාමර් ජෝෂප්ව කියවා ගන්නා ලෙසය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැස්බෑ මළ සිරුරු 06ක් වඩමරච්චි වෙරළට ගොඩගසයි!

Next Post

අතුරුදහන්ව සිටි යුද හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් එම හමුදා කඳවුරේම පොකුණකින් හමුවෙයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.