සුමිත් පොතුපිටිය –
හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ සේවය කරමින් සිටිය දී අතුරුදුහන්ව සිටි යුද හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් එම හමුදා කඳවුරේම පොකුණක තිබී අද (29) උදෑසන හමුව ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුධහමුදා යුධෝපකරණ බළකායේ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂමන් නමැති අයෙකු ගේ බව පොලිසිය කීය.
මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙළපාළියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව තිබුණේ නැත.
ඒ සම්බන්ධයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති