සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

LPL තරගාවලියෙන් පසු දඹුල්ල වයිකිංස් හිමිකරුට  ඉන්දීය රුපියල් කෝටි 87ක් ලැබුණේ බුකි කරුවන්ගෙන් ද?

by editor
පෙබරවාරි 18, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටි ඉන්දීය නළු, ව්‍යාපාරික සචින් ජෝෂිව තරගාවලියෙන් අනතුරුව ලද ඉන්දීය රුපියල් කෝටි 87ක සැක කටයුතු මුදලක් අතුළු ඉන්දීය රුපියල් කෝටි 1500ක් වත්කම් මුල්  කරගෙන ඉන්දීය ආදායම් බදු  දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

36 හැවිරිදි ඉන්දීය ජාතිකයකුවන ඔහුට ඉන්දීය රුපියල් කෝටි 87 ක් ලැබී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් පසු බුකීකරුවන්ගෙන්දැයි සැක මතුව ඇතැයි ද ඒ සැකය මත සචීන් ජෝෂිව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ දසුන් ශානකය. ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස සචින් ජෝෂි පෙනී සිටියත් කණ්ඩායම සමග එහි කළමණාකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයා සැබෑ හිමිකරු බවටත් තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂි බව වාර්තා වේ. කණ්ඩායම තේරීම සඳහාවත් නායක දසුන් ශානක හෝ පුහුණුකරුව එක්කරගෙන නොතිබුණුත් දසුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ පෝෂි තෝරා දුන් කණ්ඩායම සමග බවත්  හෙළි වී ඇත.

මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඉන්දීය ආදායම් බදු දෙපාරත්මේන්තුවේ ප්‍රකාශකයෙක් මාධ්‍ය අමතා කියා තිබුණේ ජෝෂි ඔම්කාර් සමූහයේ හා වයිකිං සමූහයේ මුදල් ඉපැයීම් සැක සහිත බවය. ඉන්දීය රුපියල් කෝටි 1500 ක් වෙනුවෙන් මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරා ප්‍රශ්න කිරීම සඳහා පසුගිය සදුදා (15) එරට පොලීසිය  සචින් ජෝෂි අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර එම ආදායම් බදු දෙපාර්තමේන්තු නියෝජිතයෙක් ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ ඉන් කෝටි 87 ක් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලි අනුග්‍රාහකත්වය ලබා දීමෙන් පසු සැක සහිත ලෙස උපයා ඇති බවය. බුකීකරුවන්ගෙන් එමමුදල ලැබුනේදැයි ඉන්දීය ආදායම්බදු දෙපාර්තමේන්තුව සැක පල කර තිබේ.

මෙම තරගාවලියේ දී ආන්දෝලනයට ලක් වූ දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර යැවූ නෝබෝල් පන්දුවක් මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමට පවා ලක්වුණේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ යේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Next Post

ආරක්ෂක ලේකම්ගේ වන විනාශ චෝදනාවට පනාමුරේ හිමියෝ උත්තර දෙති…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.