සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තුන් කොන් තරගාවලිය ඇරඹුමේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අන්ත පරාජයක්… ඉන්දියාව කඩුළු 09කින් ජය ගනී!

by editor
අප්‍රේල් 27, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සහ ඉන්දියා එක්දින අන්ර්ජාතික කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර එක්දින ජාත්‍යාන්තර තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත් කරමින් ඉන්දියානු ක්‍රීඩිකාවෝ කඩුළු 09ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළහ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම පන්දු රැකීම තේරූහ. උදෑසන කොළඹට ඇද හැලුන ධාරාණිපාත වර්ෂාවත් සමග තරගය පන්දු ඕවර 39කට සීමා විය.

එහෙත් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවො පන්දු ඕවර 38.1ක් තුළ සියල්ලෝ ලකුණු 147කට දැවී ගියහ. අප දකින්නේ වගකීම් රහිත පිතිකරණ විලාශයකි. චමරි අතපත්තු දැවීයන්නේ ලකුණු 07කට ය. ඇය පන්දු 18ක් ක්‍රීඩා කළාය. ඉතාම අනවශ්‍ය ලෙස ලකුණකට දිවයන්නට ගොස් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 13කට දුවද්දී දැවී ගියාය. ආරම්භක පිතිකරණයේ යෙදුන හසිනි පෙරේරා ලකුණු 30ක්  කවීෂා දිල්හාරි ලකුණු 25ක්, අනුෂ්කා සංජීවනී ලකුණ 22ක්, අචිනි කෞෂල්‍යා ලකුණු 17ක් ලැබූහ. අනෙක් කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.

අප දකින්නේ ඉන්දියානු ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දුකරණයකි. පන්දු රැකීමකි. වමතින් ඕෆ් බ්‍රේක් පන්දු යවන ස්නෙහ් රානා ලකුණු 31කට කඩුළු 03ක් බිඳ හෙළුවාය. දීප්ති ෂර්මා කඩුළු 02ක් සහ ෂ්‍රී චරානි කඩුළු 02ක් ලැබුවාය. අරුන්දතී රෙඩ්ඩිට එක් කඩුල්ලකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු ක්‍රීඩිකාවන්ගෙන් එල්ලවන්නේ අනුකම්පා විරහිත ප්‍රහාරයකි. ආරම්භක පිතිකාරිණි ස්ම්‍රිට් මන්දනා ලකුණු 43ක් ලැබුවාය. ඉනිමේ දැවී ගිය එකම ක්‍රීඩිකාව ඇය ය. ඒ එකම කඩුල්ල බිඳ දමන්නේ ඉනෝකා රණවීරය. ඇය පන්දු යවමින්ම රැකගත් උඩපන්දුවෙන් ඇය දැවී යන්නී ලකුණු 54 දී ය. මන්දනා පන්දු 46කට පමණක් මුහුණ දී හතරේ පහර 06ක් සමගින් ලකුණු 43 ලැබුවාය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ආරම්භක පිතිකාරිණිය ප්‍රතිකා රාවල් නොදැවී ලකුණු 50කි. අංක තුන පිතිකාරිණිය හර්ලීන් ඩිඕල් නොදැවී ලකුණු 48කි. පන්දු ඕවර 29.4ක දී ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගය නිමා කළහ.

තවත් කියන්නට දෙයක් නැත. මේ තරගයේ නම් අප හිටියේ ඉන්දියාවට වඩා ගව් ගණනක් පහලිනි. ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු සහිතව මේ සටහන නිමා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝලිම්වල ලගිමින් දින ගණන් මහ මග රැය පහන් කළ වරප්‍රසාද රහිත මිනිස්සු දහස් ගණනකට වන්දනාව අහිමි කරමින් සිරි දළදා වන්දනාව නිම වෙයි!

Next Post

GPS+ සහනය ලබාදීමට සැපිරිය යුතු කොන්දේසි සපුරා ඇතිදැයි නිරීක්ෂණයට යුරෝපා සංගමයේ නියෝජිතයින් හෙට දිවයිනට….

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.