GPS+ වෙළෙඳ සහනය අඛන්ඩව ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අදාලව ලබා තිබෙන ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා කරන නිත්‍ය ද්වී වාර්ෂික සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස ක්‍රියාත්මක නිරීක්ෂණ චාරිකාවක් සඳහා යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩයමක් හෙට (28) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
එම කණ්ඩායම හෙට සිට මැයි මස 07 වැනිදා දක්වා මෙරට සංචාරයේ නිරත වෙමින් මෙරට රැඳී සිටීමට නියමිතය.
අපේක්ෂිත මෙහෙයුම අතරතුර යුරෝපා සංගම් නියෝජිතයින් රජයේ නිලධාරීන්, විවිධ ආයතන දේශපාලනඥයින් සිවිල් සමාජය, වෘත්තීය සමිති, ව්‍යාපාරික සංගම්, සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඔවුන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට ද නියමිතව සිටී.







