අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරගය කණපිට හැරෙව්වොත් ඒ මෙම දුවද්දී දැවී යෑම් දෙකය…

by editor
දෙසැම්බර් 1, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ටෙස්ට් තරගයක දුවද්දී දැවී යෑමක් යනුම වෘත්තීය නොවන ප්‍රවේශයකි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඇරඹී ඇත. ඉනිමේ කඩුළු දෙකක් දැවී ගොස්ය.  ඒ කඩුළු දෙකම දුවද්දී දැවී යෑම්ය.

ලකුණු හයක් ලබාගෙන සිටියදී දිමුත් කරුණාරත්න අනවශ්‍ය කෙටි ලකුණක් කරා දිව ගියේය. ලකුණු 7ක් ලබා තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි ක්‍රීඩකයා කෙලින්ම පන්දුව කඩුල්ල වෙත එල්ල කිරීමෙනි

අනතුරුව ඕෂධ ප්‍රනාන්දු කඩුල්ල පූජා කළේය. ඔහු නොතිබුණු ලකුණක් කරා අලස ලෙස දිව ගොස් යළි ආපසු හැරුණේය.  ජර්මයින් බ්ලැක්වුඩ් කෙලින්ම පන්දුව   කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කළේය. කඩුළු රකින ජොෂුවා ද සිල්වා කඩුල්ල බිඳ දැමුවේය.

දැන් තරගයේ වාසියේ වැඩිම ප්‍රමාණය කොදෙව්වන් අතය. මේ තරගය පරාජය වුවහොත් එහි  ප්‍රධානම හේතුව මේ සමාව දිය නොහැකි වරදෙහිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තවමත් බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 03ක් ඉදිරියෙනි.  වටහාගත නොහැකි සේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203කට සීමා විය. පළමු කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 106නි. ඉතිරි කඩුලු නවයම ලකුණු 96කට බිඳ වැටුනේය. වමත් ඔර්තඩොක් පන්දු යවන්නන් දෙපළ ශ්‍රී ලංකා ඉනිම සුන් කළ අයුරු ලියා තැබුවෙමු. වීරසම්මි පෙර්මවුල් ටෙස්ට් ජීවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු ලකුණු 35කට කඩුළු 05ක් බිඳ හෙළුවේය.

ජොමෙල් වොරිකන් ලකුණු 50කට කඩුළු 4ක් බිඳ හෙළුවේය. පැතුම් නිශ්ශංක හුදකලා සටනක් කර ලකුණු 73ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203කට සීමා කර පන්දුවට පහර දීම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 69ක් ලබා ගෙන සිටියේය. එක් කඩුල්ලක්ටය.

අද දිනය තුළ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉතිරි කඩුළු 09 ලකුණු 253ක් වනවිට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව්වන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 50ක් ඉදිරියෙන් සිටියේය.

ඉනිමේ හොඳම පන්දු යවන්නා වූයේ රමේෂ් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 70කට කඩුළු 06ක් ලබා ගත්තේය. ලසිත් ඇඹුල් දෙනිය හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු  02 බැගින් බිඳ හෙළූහ.

නායක ක්‍රෙග් බ්‍රෙත්වයිට් ලකුණු 72ක් ජර්මින් බ්ලැක්වුඩ් ලකුණු 44ක්, සහ න්කෘමහ් බෝනර් ලකුණු 35ක් රැස් කළහ. කිලි මේයර්ස් ලකුණු 36ක් රැස් කළේය.

හෙට තරගයේ සිව්වන දිනය ය. ශ්‍රී ලංකාව කඩුළු 02ක් දුවද්දී දැවී ගොස් කොදෙව්වන්ට වඩා ලකුණු 03ක් පසුපසිනි.  පැතුම් නිශ්ශංක සුපුරුදු ස්ථාවර සන්සුන් පිතිකරණයෙහි අද යෙදී සිටියේය. ටෙස්ට් වරම් දිනූ චරිත් අසලංක පිළිබඳ දැන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙනය.  චරිත් සහ පැතුම් හෙට උදේ වරුවේ පිත්ත හසුරුවන ආකාරය තරගයේ ඉරණම තීන්දු කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්රාල්ට මදිවට අර්ජුන මහේන්ද්‍රන්ටත් මේ ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප්

Next Post

ජීවත් වෙන්න බෙහෙත් පෙත්තක් යදිමින් රෝහල් සායනවල හඬා වැටෙන මරණයේ එළිපත්ත මත සිටින මිනිස්සු…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.