මුදල් බලය ඇති පාර්ලිමේන්තුවටවත් නොදන්වා, වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට හිඟ මුදලුත් සමඟ රුපියල් මිලියන 7ක විශ්‍රාම වැටුප් ගෙවීමට සියලු කටයුතු සිදුකර ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ හිටපු මහබැංකු අධිපතිවරයයකු ද වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම විශ්‍රාම වැටුප අනුමත කරවාගෙන ඇත්තේ වත්මන් මහබැංකු අධිපතිවරයා ලෙස වැටුප් ලබමින් වීම ලැජ්ජාවට කරුණක් බවයි.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපති කොමිශන් සභා වාර්තාවල පවා නම් ඇති මොවුන්ට විශ්‍රාම වැටුප් අනුමත කර ඇත්තේ ‘සර්වබලධාරී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර’ බව ද ඇය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
“මහ බැංකුවේ අධිපතිතුමාට අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට දැන් විශ්‍රාම වැටුප හදලා ගෙවලත් ඉවරයි. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දන්නෙත් නෑ. මම දන්නෙ නෑ දන්නවාද කියලා අපි නම් දන්නේ නෑ. දැන් අධිපතිකමේ ඉන්න ගමන්ම එතුමා මාසේ පඩියත් ගන්නවා. අනුමැතිය දීලා තියෙන්නේ සර්වබලධාරී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර. අජිත් නිවාඩ් කබ්රාල් වගේ ජනාධිපති කොමිසමේ වාර්තාවල නම තියෙන, එහෙම නැත්නම් නඩු දාල තියෙන, අපේ ආණ්ඩුව විනාශ කරන්න ආපු ඔන්න අර්ජුන මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප ගෙවන්න හදලා තියෙනවා. හිඟ මුදලුත් එක්කම. දැන් විශ්‍රාම වැටුප වෙන් කරලා ඉවරයි. මේ ගැන පාර්ලිමේන්තුව දන්නවාද කියලා මම අහනවා. කවදද මේවට පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නේ?
ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට, අජිත් නිවාඩ් කබ්රාල්ට රුපියල් මිලියන හතක විශ්‍රාම හිඟ වැටුප් ගෙවන්න ඒ අයම අනුමත කරගෙන තියෙනවා. ඇත්තටම හරිම ලැජ්ජයි. එක්කෙනෙකුට මිලියන 4යි. අනිත් කෙනාට මිලියන තුනයි. ඒ කියන්නේ කෙනෙකුට ලක්ෂ 40යි. අනිත් එක්කෙනාට ලක්ෂ 30යි. එක්කෙනෙකුට නම් ගෙව්වා. අනිත් එක්කෙනා නඩුව ඉවර වෙලා ආපුහාම ගෙවන්න කොළ පුරවලා තියාගෙන ඉන්නවා. මෙන්න මෙහෙමයි ආණ්ඩුව ගුරුවරුන්ගේ, රජයේ සේවකයන්ගේ වැටුප් කපලා මහ බැංකු හොරා කෑවා කියන අයට ඒ වගේම මේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මේ ආකාරයටයි කියන එක මං මේ වෙලාවේ බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිනවා.”