අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්රාල්ට මදිවට අර්ජුන මහේන්ද්‍රන්ටත් මේ ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප්

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් බලය ඇති පාර්ලිමේන්තුවටවත් නොදන්වා, වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට හිඟ මුදලුත් සමඟ රුපියල් මිලියන 7ක විශ්‍රාම වැටුප් ගෙවීමට සියලු කටයුතු සිදුකර ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ හිටපු මහබැංකු අධිපතිවරයයකු ද වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම විශ්‍රාම වැටුප අනුමත කරවාගෙන ඇත්තේ වත්මන් මහබැංකු අධිපතිවරයා ලෙස වැටුප් ලබමින් වීම ලැජ්ජාවට කරුණක් බවයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ‍ජනාධිපති කොමිශන් සභා වාර්තාවල පවා නම් ඇති මොවුන්ට විශ්‍රාම වැටුප් අනුමත කර ඇත්තේ ‘සර්වබලධාරී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර’ බව ද ඇය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“මහ බැංකුවේ අධිපතිතුමාට අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට දැන් විශ්‍රාම වැටුප හදලා ගෙවලත් ඉවරයි. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දන්නෙත් නෑ. මම දන්නෙ නෑ දන්නවාද කියලා අපි නම් දන්නේ නෑ. දැන් අධිපතිකමේ ඉන්න ගමන්ම එතුමා මාසේ පඩියත් ගන්නවා. අනුමැතිය දීලා තියෙන්නේ සර්වබලධාරී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර. අජිත් නිවාඩ් කබ්රාල් වගේ ජනාධිපති කොමිසමේ වාර්තාවල නම තියෙන, එහෙම නැත්නම් නඩු දාල තියෙන, අපේ ආණ්ඩුව විනාශ කරන්න ආපු ඔන්න අර්ජුන මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප ගෙවන්න හදලා තියෙනවා. හිඟ මුදලුත් එක්කම. දැන් විශ්‍රාම වැටුප වෙන් කරලා ඉවරයි. මේ ගැන පාර්ලිමේන්තුව දන්නවාද කියලා මම අහනවා. කවදද මේවට පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නේ?

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට, අජිත් නිවාඩ් කබ්රාල්ට රුපියල් මිලියන හතක විශ්‍රාම හිඟ වැටුප් ගෙවන්න ඒ අයම අනුමත කරගෙන තියෙනවා. ඇත්තටම හරිම ලැජ්ජයි. එක්කෙනෙකුට මිලියන 4යි. අනිත් කෙනාට මිලියන තුනයි. ඒ කියන්නේ කෙනෙකුට ලක්ෂ 40යි. අනිත් එක්කෙනාට ලක්ෂ 30යි. එක්කෙනෙකුට නම් ගෙව්වා. අනිත් එක්කෙනා නඩුව ඉවර වෙලා ආපුහාම ගෙවන්න කොළ පුරවලා තියාගෙන ඉන්නවා. මෙන්න මෙහෙමයි ආණ්ඩුව ගුරුවරුන්ගේ, රජයේ සේවකයන්ගේ වැටුප් කපලා මහ බැංකු හොරා කෑවා කියන අයට ඒ වගේම මේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මේ ආකාරයටයි කියන එක මං මේ වෙලාවේ බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් නිල නිවාසයකත් ගෑස් පිපිරීමක්!

Next Post

තරගය කණපිට හැරෙව්වොත් ඒ මෙම දුවද්දී දැවී යෑම් දෙකය…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.