අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජපන්නුන්ගේ විරෝධය… සියයට 70ක් එරෙහි වෙයි…

by editor
ජූනි 1, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බී.බී.සී –

ජපානයේ කොවිඩ් රෝගීන් වැඩිවීමක් වාර්තා වුවත්, තවත් දෙමසකට අවම කාලයක් තුළ ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට හදිසි තත්ත්වයක් පැවතුනද ක්‍රීඩා උළෙල ඉදිරියට යා යුතු බවය.

ඔලිම්පික් කවදාද, කොහේද?

2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතය.
වෙනත් බොහෝ උත්සව මෙන්ම, කොවිඩ් නිසා මෙම උළෙලද කල් දැමීමට සිදු විය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග 33ක් සහ ඉසව් 339ක් ස්ථාන 42ක පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද ක්‍රීඩා 22ක ඉසව් 539ක් ස්ථාන 21කදී පැවැත්වේ.
බොහෝ තරග ඉසව් ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය. සමහර පාපන්දු ක්‍රීඩා තරග සහ මැරතන් තරග හොක්කයිඩෝ හි සප්පෝරෝ නගරයේ පැවැත්වීමට නියමිත අතර එම ප්‍රදේශවල දැනටමත් හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ.

අගනුවර ඇති විය හැකි උෂ්ණත්වය සම්බන්ධ කරුණක් නිසා මැරතන් තරගය ටෝකියෝ නගරයෙන් පිටත පැවැත්වීමට තීරණය කෙරිණි.Tokyo 2021

ජපානයේ කොවිඩ් තත්ත්වය කෙසේ ද?

ජපානයේ සාපේක්ෂව අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත් අප්‍රේල් මාසයේ දී නව ආසාදන රැල්ලක් ආරම්භ විය. පසුගිය වසරේ සිට රෝගීන් 720,000 ක් සහ මරණ 12,200 ක් පමණ එරටින් වාර්තා වී තිබේ.
ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග, මැයි මස අවසානය දක්වා රටේ විශාල ප්‍රදේශයක හදිසි තත්ත්වයක් නිවේදනය කළ අතර සමහර ප්‍රදේශවල ජුනි 20 දක්වා සීමාවන් ක්‍රියාත්මකය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජපානය සිය වැසියන්ට එන්නත ලබා දීම ආරම්භ කළේ පෙබරවාරි මස සිට වන අතර, වෙනත් දියුණු රටවලට වඩා එහි ප්‍රමාදයක් දක්නට ලැබිණි.

මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 2.9ක් පමණයි. එය ජපන් ජනගහනයෙන් 2.3%ක් වේ.

කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ටෝකියෝ සහ ඔසාකාහි විශාල ලෙස එන්නත් කිරීමේ වැඩසටහනක් මැයි මස අග දී ආරම්භ විය. ජූලි මස අවසන් වන විට 65ට වැඩි අයට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දීමට බලධාරීහු බලාපොරොත්තු වෙති.

ක්‍රීඩා සඳහා ක්‍රියාත්මක කොවිඩ් සීමා මොනවාද?

වෛරසය හේතුවෙන් ජපානයේ දේශසීමා විදේශිකයන්ට වසා ඇත. එබැවින් කිසිදු විදේශික ක්‍රීඩා ලෝලියෙකුට උළෙල සඳහා ජපානයට පැමිණිය නොහැකිය.

ස්වදේශීය ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමට ඉඩ ලැබෙනු ඇති අතර, කොවිඩ් තත්ත්වය දරුණු වුවහොත් ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට ඉඩ ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩල අදාළ රටින් පිටත්ව යාමට පෙර සහ ජපානයට පැමිණි පසු කොරෝනාවෛරස පරීක්ෂණය සිදු කළ යුතුය.

ඔවුන්ට නිරෝධායනය වීම අවශ්‍ය නොවනු ඇති නමුත් එකම කණ්ඩායමක් සමග රැඳී සිටිමින් ප්‍රදේශවාසීන් සමඟ මිශ්‍ර වීමෙන් වැළකී සිටිය යුතුය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත ලබා ගෙන තිබීම අනිවාර්ය නැත. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් බලාපොරොත්තු වන්නේ 80%ක් පමණ එන්නත ලබා ගෙන ඇති බවය. උළෙලට සහභාගිවන්නන්ට දිනපතා කොරෝනා වෛරස පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපාන වැසියන් කැමති ද?

ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ.

මෙම වැඩසටහනෙන් පසු කොවිඩ් ව්‍යාප්ත වී සෞඛ්‍ය සේවා පද්ධතියට පීඩනයක් එල්ල වේ යැයි බියෙන් ටෝකියෝ පළාත පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරකත්වය සැපයීමට සැලසුම් කර ඇති නගර කීපයක්ම දැනටමත් එයින් ඉවත් වී ඇති බව වාර්තා වේ.

වසංගතය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම “කළ නොහැකි” බව මැයි මස මුල දී ජපාන වෛද්‍ය සංගමයක් රජයට පැවසීය.

ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අධිපතියෙකු ද ඔලිම්පික් උළෙල පැවැත්වීමට ගත් තීරණය විවේචනය කර තිබේ.
“ඔලිම්පික් උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරීමට බොහෝ දෙනෙකුට අවශ්‍ය වී තිබෙනවා. එය බලෙන් පවත්වන්න යන්නේ මොන බලයක් මත ද?,” යැයි සොෆ්ට්බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සොන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මැයි අග දී, ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන Asahi Shimbun ද ක්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නියෝජිතයන් පවසන්නේ කුමක්ද?

විවිධ කමිටු කීපයක් සහ විශේෂඥයන් ගණනාවක් ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන සිය අවධානය යොමු කර තිබේ.
රටවල් 60 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85,000 ක් නියෝජනය කරන ලෝක ක්‍රීඩකයන්ගේ සංගමය පවසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩි අවධානයක් යොමු කර යුතු බවය.

ජපාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින නමුත් රටේ ජනප්‍රියම ක්‍රීඩා තරුව වන ටෙනිස් ශූර නයෝමි ඔසාකා පැවසුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවය.

ඔලිම්පික් උළෙලට සහභාගී වීම ගැන වෙනත් රටවල් පවසා ඇත්තේ කුමක්ද?

කිසිදු ප්‍රධාන රටක් ක්‍රීඩා උළෙලට එරෙහිව අදහස් ප්‍රකාශ කර නොමැත.කොවිඩ් රෝගීන් වැඩිවීමත් සමඟ එක්සත් ජනපදය ජපානයට කෙරෙන සංචාර සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් නිලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගී වනු ඇතැයි විශ්වාස කරන බවය.
“අපගේ සම්පූර්ණ කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සඳහා යැවීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා,” එක්සත් රාජධානි කණ්ඩායම පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං ද සිය සහයෝගය පළ කර තිබේ. මීළඟ ශීත සෘතු ක්‍රීඩා උළෙල 2022 පෙබරවාරි මාසයේදී චීනයේ පැවැත්වීමට නියමිතය.

ඔලිම්පික් අවලංගු කළ හැකිද?

Tokyo 2021

ඔව්, නමුත් සාමාන්‍යයෙන් යුද්ධමය තත්ත්වයක් හෝ සිවිල් කැළඹීමක් වැනි සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ සත්කාරක නගරය වන ටෝකියෝ අතර ඇති කර ගත් ගිවිසුමෙන් පැහැදිලි වන්නේ මෙම අවස්ථාව අවලංගු කළ හැක්කේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පමණක් බවය.

ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා උළෙලට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් හෙළි වී තිබේ  ටෝකියෝව ගිවිසුම බිඳ දමා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයට එරෙහිව උළෙල අවලංගු කළහොත් එහි අවදානම සහ අලාභය ජපාන පාර්ශවය මත පැටවෙනු ඇත.

ටෝකියෝ ඔලිම්පික් 2020 සඳහා අයවැය ඩොලර් බිලියන 12.6ක් ලෙස සඳහන් කර ඇතත් නියම පිරිවැය දෙගුණයක් විය හැකි බවට වාර්තා වී ඇත. ඔලිම්පික් උළෙලට සම්බන්ධ සියලු පාර්ශවයන් දැඩි ලෙස රක්ෂණය කර ඇති නමුත් උළෙල ඉදිරියට නොයන්නේ නම් සිදුවන පාඩු ඊට ඉහළ අගයක් ගනු ඇත.

කල් දැමීම සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් නොමැතිකම හේතුවෙන් මේ වන විටත් සාමාන්‍ය ඔලිම්පික් උළෙලකින් අපේක්ෂිත ලාභය සත්කාරක රට වන ජපානයට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට නොලැබෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයින පුරා සුරා සැල් සීල් තියයි…

Next Post

දවස් 4ට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 120%කින් ඉහළට! ලොකු අනතුරක් අතළඟ!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.