සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජයග්‍රහණයක් බඳු පරාජයක්… ඒ තමයි ක්‍රිකට්.!

by editor
පෙබරවාරි 22, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අප කීවේ දිනුවොත් පට්ට කියාය. ඒත් ඒ පැරදිල්ලත් පට්ටය.  ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 206කි. මේ  තරගයේ ජයග්‍රහණයේ ගෞරවයේ වැඩි කොටසක් ලින්ඩල් හැනිබල් විනිසුරුවාටත් හිමි විය යුතුය. ඔහුගේ පුදුමාකාර පොට්ට තීන්දුව නොවන්නට මේ තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න ඉඩ තිබුණේය.

හැනිබල් තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලියා දුන් හැටි ගැන ලියා තබාම තරගය ගැන කතා කිරීම වැදගත්ය.  ඒ තීන්දුව ඒ තරම් පීචං ගොබ්බ එකක් නිසාය.  අවසන් ඕවරය යැවීමට කැඳවන්නේ වෆාඩර් මොහොමඩ්ය.  ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේ ලකුණු 19ක් ලබා ගත යුතුව තිබිනි. අවසන් ඕවරයේ පළමු පන්දුවට කමිඳුගෙන් ලකුණු හතරකි. යළිත් තුන්වන පන්දුවටත් ලකුණු 04කි. ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් පන්දු 3ක් තුළ ලබා ගත යුතුව තිබිණි.

අවසන් ඕවරයේ හතරවැනි පන්දුව වෆාර් අතින් යැවෙන්නේ දාර පුල්ටොස් පන්දුවක් ලෙසය . කමිඳු අඩියක් ඉදිරියට පැමිණ පහර එල්ල කරන්නට ගියත්  ඒ වනවිත් ෆුල්ටොස් පන්දුව ඔහුගේ උරහිසට ඉහලිනි.  නරඹන්නන් සියලු දෙනාත් බැලුවේ ස්ක්වයාලෙග් අම්පයර් දෙසය. කමිඳු යළි යළිත් ඒ සම්බන්ධව සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. හැනිබල් ගල් ගිල්ලාක් සේ බලාගෙන හිටියේය. පුනරූපණයේ දී පෙනී ගියේ පන්දුව කමිඳුගේ ගෙලටත් ඉහළින් ඇදී යන ආකාරය ය.

නිපන්දුව සංඥා කළේ නැත. ඒ නිපන්දුවට හිමි ලකුණ සහ ෆ්‍රී හිට් අවස්ථාව ගිලිහී ගියේය. කෙසේ වෙතත් අවසන් පන්දුවේ දී ලකුණු හයක් එල්ල කර අන්තරය ලකුණු 03කට පමණක් සීමා කර අතිශය ගෞරවනීය පරාජයක් අප හමුවේ තැබුවේය.

අප හැමදාම කියන්නේ එවැනි සටන්කාමී අවසානයන් සහිත තරගවල පරාජයන් ජයග්‍රහණය සේම ගෞරවාන්විත බවය. පළමුව පන්දු රකිමින් ශ්‍රී ලංකා කණ්ඩායම  පිටියේ සිදු කළ පතාක වැරදි ගොන්නකි. රහ්මනුල්ලා ගුර්බාස්ට ලබා දුන් අවස්ථා දෙක, තියුණු නොවන පන්දු රැකීම, ලෙග් බයිස් 10 සහ වයිඩ් පන්දු 11 ඇතුලු   ලබා දුන් මුළු  අතිරේක ලකුණු 21  හරහා මේ ලකුණු 03 කළමනාකරණය කරගෙන හැනිබල්ට බනින්නේ නැතිව තරගය දිනාගන්නටත් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය වෙනම කතාවකි. කමිඳුගේ උඩපන්දුව අත් හරින ලද වෆඩාර් මොහොමඩ් ගේ දුර්වල පන්දු රැකීම නොවන්නට අද ඇෆ්ගනුවන්ගේ පන්දු රැකීම විශිෂ්ටය. තියුණුය.  පන්දුවට පහර දීම ආක්‍රමණශීලීය.  අද කොහොමත් තරගය ඇත්තේ ඇෆ්ගනිස්ථානය පැත්තේ බව අපට මුලින්ම හිතුනේ අපේ අතිරේක ලකුණු ප්‍රමාණය හා තුන්වන අවස්ථාව ලැබෙන තුරුත් රහ්මනුල්ලා ගුර්බාස්ව දවා ගැනීමට නොහැකි විම නිසාය.

එමෙන්ම පන්දු 30ක දී ලකුණු 60ක් ලබා ගත් පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම,  කුසල් මෙන්ඩිස් දවා ගැනිම සඳහා කවර් පොයින්ට් කලාපයේ සිට ෂරෆුඩීන් අෂ්රාෆ් මරාගෙන මැරෙන උඩපන්දුව,  සධීරගේ හයේ පහරක් වළක්වා ගන්නට නූර් අහමඩ් තමන්ගේ හෙට දවසේ ක්‍රිකට් අමතක කර කළාක් බඳු කැපකිරිම් සහගත උත්සාහය    තුළ  ඇෆ්ගන් ජයග්‍රහණයේ නියතය රැඳී තිබිණි.

ඇෆ්ගන් ඉනිම –

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වාර්තාගත ලකුණු 209ක් ලබා ගත්තේය. උඩපන්දු 3ක් අත් හැර දැමූ විට, විස්සයි 20 තරගයක අතිරේක ලකුණු  21ක් ලබා දී ඇති විට ඒ තරගය උපන්ගෙයිම තිබුණේ ඇෆ්ගනිස්ථානය පැත්තේය.

ඉනිම ආරම්භ කළේ රහමනුල්ලා ගුර්බාස් සහ හස්‍රතුල්ලා සසායි ය.  ඇත්තටම  ඇෆ්ගන් පිතිකරණය නම් මනරම්ය.  අකුණු පහර වදින්නාක් සේ ඔවුන්ගේ පිතිකරණය වේගවත් වූයේය.

ආරම්භක පන්දු ඕවරය යැවූ ඈන්ජලෝ මැතිව්ස් පළම පන්දු ඕවරයේදී ම ලකුණු 13ක් දුන්නේය. අනෙක් අන්තයෙන් පන්දුකරණය ආරම්භ කළ   නුවන් තුෂාරටත් එසේය. නැව් ගුටිය.  මුල් පන්දු ඕවර 04 අවසන් වනවිට ඇෆගන් පිතිකරුවන් ලකුණු 50 ඉක්මවා ගොස්ය.

එහෙත් 5 වැනි ඕවරය යවමින් සිටි නුවන් තුෂාර යැවූ 3 වැනි පන්දුවේ දි ඒ වනවිට ලකුණු 22 ක් ලබා දී සිටිය දී ඩීප් බැක්වර්ඩ් ස්ක්වෙයා ලෙග් හි පන්දු රකිමින් සිටි අඛිල ධනංජය  අතට  රහ්මනුල්ලා ගුර්බාස් ලබා දුන් පහසු උඩපන්දුව ඔහු විසින් අතහැරියේය.   ඒ අවසරයෙන් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව තියුණු ලෙස දිගහැරිනි. හත්වන පන්දු ඕවරය අවසන් වනවිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 82කි. කිසිම කඩුල්ලක් දැවී නැත.

අකිල ධනංජය අට වැනි ඕවරය යැවීමට ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා යොදවා බැලිනි. වේග පන්දු යවන මතිෂ පතිරණ ගෙන්වූයේය.  .   ප්‍රහාරය එක දිගටමය.  අකිල ධනංජය පන්දු යවන්නට කැඳවන්නේ මේ අවස්ථාවේ දී ය.

සිය දෙවැනි පන්දු ඕවරය ලෙස තරගයේ  අටවැනි ඕවරය යැවීමට පැමිණි අඛිල ධනංජය අටවැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් ආරම්භක පිතිකරු හස්‍රතුල්ලා සසායි දවා ගැනීමට සමත් වනවිට පන්දු ඕවර 7.2ක් තුළ ලකුණු 88ක් ලබා ගැනීමට ඇෆ්ගන් පිතිකරුවන් සමත් වී තිබිණි. දැවී යනවිට හස්රතුල්ලා සසායි පන්දු 22ක දී ලකුණු 45ක් ලබා සිටියේය. ඊට හතරේ පහර 06ක් හයේ පහර 2කි.

දෙවැනි කඩුල්ල 113 දී වැටෙන්නේය. පන්දු ඕවර 10යි පන්දු 2කි. අකිල ධනංජය යළිත් ක්‍රියාත්මක වන්නේය. නායක ඊබ්‍රහිම් සද්‍රාන්  ලකුණු 10කට දැවී යන්නේ වනිඳු හසරංග අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ජීවිත දෙක්ක ලබා ගත් රහ්මනුල්ලා ගුර්බාස්  දැවී යන්නේ පන්දු 43ක් තුළ ලකුණු 70ක් රැස් කරමිනි. තුන්වන කඩුල්ල දැවී යන විට ලකුණු 141කි. පන්දු ඕවර යවා තිබුණේ 13.5ක් පමණි. ඉලක්කය කොතැන නවතී දැයි අපට සිතා ගන්නටවත් බැරි වුුයේය.

පිතිකරණයේ දී  අස්මතුල්ලා ඕමාර්සායි, පන්දු 23 කදී ලකුණ් 31කි. මෙහොමඩ් නබී පන්දු 14ක දී ලකුණු 16කි.   මොහොමඩ් ඉෂාක් ලකුණු 16කි.    හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් පන්දු 08 ක් තුළ ඔහු මේ ලකුන ලැබිය.

පන්දු රැකිමේ දි හා පන්දු යැවීමේ දි විනය පිළිබඳ දැඩි ගැටලුවක් අප සතුව තිබිණි. අතිරේක ලකුණු 21කි. කවදාවත් විස්සයි 20 තරගයක දී එවැනි විපතක් නම් නොදැකිය යුතුය. ඇෆ්ගනස්ථානය විශිෂ්ට බව සැබෑය. නමුත් ඔවුන් ලෝක දර්ශකයේ පසුවන්නේ අපට වඩා ස්ථාන තුනක් පිටුපසිනි.  අවිනීත සෑම පන්දුවකටම අමතක නොවන පාඩමක් කියා දෙන විශිෂ්ඨ පිතිකරුවන් සහිත ඉන්දියාව , ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකාව හෝ නවසීලන්තය  සමග මෙහෙම විස්සයි 20 ගහන්නට නම් බැරිය.

කෙසේ වෙතත්  මතීෂ පතිරණ ලකුණු 42ක් ලබා දී කඩුළු 02ක්, අකිල ධනංජය ලකුණු 37ක් ලබා දී කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 35කට කඩුල්ලක් ලබා ගත්තේය. ඔවුහු ලකුණු 209ක් රැස් කළහ.  ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන් ඉලක්කය ලකුණු 210කි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ හඹා යෑම

ක්‍රිකට් නාඩි වැටෙන එකෙකුට ශ්‍රී ලංකාව පිටියේ පන්දු රකින ආකාරය හා ඇෆ්ගන් පිතිකරණය  දෙස බැලූ විට අද ඇෆ්ගනිස්ථානයේ දවස බව පෙනුණි.  එහෙත් ඒ  සාමන්‍යයය වෙනස් කළ හැකි බව අපට හිතවූ පිතිකරණයක් ශ්‍රී ලංකා පිළ ගොඩනැගුවේය.

ඉනිම ගොඩනැගුනේ විටෙක  පැතුම් නිශ්ශංක වටාය. පසුව  කමිඳු මෙන්ඩිස් වටාය.  නිහඬ විනාශකාරයා වූ පැතුම් යළිත් අමතක නොවන පිති කරණයක් ප්‍රකට කළේය. ආබාධයකට ලක්ව පැතුම් පිටියෙන් ඉවත්වන විට ඔහු පන්දු 30 දී ලකුණු 60ක් ලබාගෙන තිබිණි. ඊට හතරේ පහර 8කි. හයේ පහර 02කි.

ආරම්භ කඩුල්ල බිඳී යන්නේ ලකුණු 64 දී ය. ඒ 6 වැනි පන්දු ඕවරයේ 5වැනි පන්දුවෙනි.  මේ සා විශාල වගකිම් සහිත ගමනක් යා යුතුව තිබිය දී මෑතක සිට වගකිම බර නොගෙන අසාර්ථක වන කුසල් මෙන්ඩිස් පන්දු 13ක් සිට ලකුණ 16කි.

ඒ සමගම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා යළිත් දැවී ගියේය.   මේ අවස්ථාවේ දි වගකීම එක් අන්තයක සිට දරමින් සධීර සමරවික්‍රම පන්දු 12ක් තුළ ලකුණු 23ක් ලබාගෙන තිබිණි.  කමිඳු අතිශය වේගවත් ප්‍රහාරයකය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙන සම්බන්ධතාව ඉතා ඵලදායි වුයේය.  ඔහු පන්දු 39ක් තුල  නොදැවි ලකුණු 65ක් ක්  ලබා ගෙන තිබිණි.

කමිඳු අවසන් භාගයේ තරගය විවෘත කළේය. අවසන් ඕවරයේ ලබා ගැනීමට තිබූ  ලකුණු සංඛ්‍යාව ලකුණු 19කි. එහෙත් අප ලකුණු 16ක් සොයා ගත්තේය.  මනරම් තරගයක් අවසානයේ දී ජයග්‍රහණයක් වැනි පරාජයක් දුටුවෙමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිනලා පෙන්නුවොත් ඒක පට්ට…

Next Post

දඬුවම් කරන බවට අගමැති පාර්ලිමේන්තුවට සහතික වෙද්දී ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.