හැම තරගයම දින්නට බැරිය. ඇෆ්ගනිස්ථානය ලබා දී ඇත්තේත් දිනාගන්නට හැකි ඉලක්කයක් නොවේ. තුන්වන වරත් කාසියෙ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය දඹුල්ල ක්‍රීඩාගංනයේ මුල් වරට පන්දුවට පහර දිම තේරුවේය. ඒ තේරීම පසුගිය තරග දෙකේ දීම මුලින් පන්දු යැවීමෙන් තමන් කළ වරද කුමක් දැයි ඇෆ්ගනිස්ථානය තේරුම් ගෙන ඇත.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වාර්තාගත ලකුණු 209ක් ලබාගෙනය. උඩපන්දු 3ක් අත් හැර දැමූ විට, විස්සයි 20 තරගයක අතිරේක ලකුණු 21ක් ලබා දී ඇති විට ඒ තරගය උපන්ගෙයිම ඇත්තේ ඇෆ්ගනිස්ථානය පැත්තේය.
ඇෆ්ගන් පිතිකරණය නම් මනරම්ය. ලකුණු 22 දී රහ්මනුල්ලා ගුර්බාස් ලබා දුන් පහසු උඩපන්දුව අකිල ධනංජය විසින් අතහැරියේය. යළිත් හොඳින් පන්දු රකිමින් සිටි සධීර සමරවික්‍රම ඔහුව අත හැරියේය.
පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 88කි. ඒ පන්දු ඕවර 7.2ක් තුළය. හස්රතුල්ලා සසායි පන්දු 22ක දී ලකුණු 45ක් ලැබුවේය. හතරේ පහර 06ක් හයේ පහර 2කි. දෙවැනි කඩුල්ල 113 දී වැටෙන්නේය. පන්දු ඕවර 1.2කි. අකිල ධනංජය යළිත් ක්‍රියාත්මක වන්නේය. ජීවිත දෙක්ක ලබා ගත් රහ්මනුල්ලා ගුර්බාස් දැවී යන්නේ පන්දු 43ක් තුළ ලකුණු 70ක් රැස් කරමිනි. තුන්වන කඩුල්ල දැවී යන විට ලකුණු 141කි. පන්දු ඕවර යවා තිබුණේ 13.5ක් පමණි.
අස්මතුල්ලා ඕමාර්සායි, පන්දු 23 කදී ලකුණ් 31කි. මෙහොමඩ් නබී පන්දු 14ක දී ලකුණු 16කි. මංගල ජාත්‍යාන්තර විස්සයි 20 තරගයට සහභාගී වන මොහොමඩ් ඉෂාක් ලකුණු 16කි. ඒ පන්දු 8ක් තුළය. හතරේ පහරක් සහ හයේ පහරක් සමගිනි.
අතිරේක ලකුණු 21ක්. කවදාවත් විස්සයි 20 තරගයක දී එවැනි විපතක් නම් නොදැකිය යුතුය. මතීෂ පතිරණ ලකුණු 42ක් ලබා දී කඩුළු 02ක්, අකිල ධනංජය ලකුණු 37ක් ලබා දී කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 35කට කඩුල්ලක් ලබා ගත්තේය.
දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අපට ඔප්පු කළ යුතු දෙයක් ඇත. ඒ මුල් තරග දෙක දිනුවේ කාසියේ වාසියේ පිහිටෙන් නොවන බව පෙන්වා දීමය. තරග දිනන්නේය. පරදින්නේය. හැම තරගයක්ම දිනන්නට ඕනෑත් නැත. එහෙම දිනනවා නම් මේ ක්‍රිකට් නොව වෙන මොකක්දෝ එකකි.
නමුත් මේ තරගයේ ලකුණු 209 හඹා ගොස් දිනා ගත්තොත් නම් පට්ටය. පට්ටම පට්ටය.