දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්‍රමාණවත් යැයි පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවට සහතික විය.
පරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පවැසුවේ. විපක්ෂ නායකයවරයා ඉල්ලා සිටියේ මෙම මාධ්‍ය ප්‍රකාශකගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසෙය.
කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති අමති කාංචන විජේසේකර සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සහටනක් තබමින් අද ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.
I agree with the sentiments of @JeevanThondaman and many more that had raised the lack of empathy and professionalism in the statement made by the CEB spokesperson.
The statement does not reflect the views of the Govt or the CEB. and would like to extend my apology on behalf of… https://t.co/n8v7zQownt
— Kanchana Wijesekera (@kanchana_wij) February 22, 2024