සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගාලු ක්‍රීඩාංගනයේ දී ක්‍රිකට් වීරයන් බිහි කරන්නේ කාසියේ වාසියේ වාසනාව ද?

by editor
අප්‍රේල් 24, 2023
in ක්‍රීඩා
පෝල් ස්ටාලින් සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 64කිනි....

පෝල් ස්ටාලින් සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 64කිනි....

Share on FacebookShare on Twitter

පළමු ටෙස්ට් තරගයේ දී ඉනිමකුත් ලකුණු 280ක දැවැන්ත පරාජයක අමිහිරි අත්දැකීම් සහිත  ආධුනික අයර්ලන්ත කණ්ඩායම  විශිෂ්ඨ සටන්කාමී ක්‍රීඩා විලාශයකය. දින තුනකින් ඉවරවෙන තවත්  තරගයක් ගැන කල්පනා කළ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ගර්වාන්විත උත්තරයක් ලබා දී තිබෛ්.  පළමු දිනයේ පූර්ණ ගෞරව අයර්ලන්තයටය.  අයර්ලන්තය දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ලකුණු 319ක් ලබාගෙනය.  ඒ කඩුළු 04ක් පමණක් දැවීගොස්ය.

ඒ ක්‍රීඩා විලාශය දකින විට අයර්ලන්තයෙන් ශතක වැස්සක් වසිනු ඇතැයි නරඹන අපට සිතුනේය. ගාල්ල ක්‍රීඩාංගනයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට කාසියේ වාසිය දිනාගන්න ඇත්තන් ජයග්‍රහණයට මොනතරම් සමීප දැයි සිතුනේය. පන්දු දෝලනය වන්නේ නැති තණ තිල්ලකි. දඟපන්දු යවන්නට පන්දුව දඟ කවන්නට බැරි තණ තිල්ලකි.  කැකෙන්න පටන් ගන්නේ දෙවැනි දිනයට පසුය.

නායක ඇන්ඩි බල්බ්‍රිනි අර්ධ ශතකය වාර්තා කරමින්…

ආරම්භක පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරයට ගිය බව සැබෑය. නමුත් නායක ඇන්ඩි බල්බ්‍රිනි සහ පෝල් ස්ටාලින් 4වන කඩුල්ල වෙනුවෙන්  මනරම් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූහ.  හතරේ පහර 14ක් සහිතව පන්දු 163ක දී ඇන්ඩි විශිෂ්ට ලකුණු 95ක් රැස් කළේය.  ශතකය ඔහුට මග හැරුනේ අවාසනාවන්ත ලෙසය.  රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ලකුණු 95 දී ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේය

ඔහු සමග කදිම පිතිකරණයක නිරත වී සිටි පෝල් ස්ටාර්ලින්ට ගාල්ල ගිනියම් කර අප්‍රේල් දාහය දරා ගත නොහැකි වී තිබිණි. දිගින් දිගටම සිදුවූ මස්පිඩු පෙරළීමත් සමග ඔහු තාවකාලිකව ඉනිම අත්හැර  සගයින් දෙපළකගේ කර මතින් ක්‍රීඩා ගාරයට ගියේය. ඒ වනවිට ඔහු පන්දු 133ක් තුළ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු 74ක් ලබාගෙන සිටියේය.

අප්‍රේල් දාහයට පැරදුන ස්ටාලින්…

අයර්ලන්ත ඉනිමේ පදනම දැමූ ඇන්ඩි බල්බ්‍රිනි සහ පොල් ස්ටාර්ලින් අතර සිවුවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු සබඳතාවය ලකුණු 115ක් විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මැද පෙළ තවත් මනරම් සම්බන්ධයක් ගොඩනැගෙන්නේ ලෝකන් ටකර් සහ ක්‍රිස් කැම්පර් අතරය. ටකර් පන්දු 102ක් තුළ හතරේ පහර 10ක් සමග වේගවත් ලකුණු 78ක් ලැබුවේය. ඔහු නොදැවී ක්‍රීඩා කරමින් ශතකය කරා යන ගමනකය. ක්‍රිස් කැම්පර් පන්දු 64ක් තුළ ලකුණු 27ක් ලබාගෙන එක් අන්තයක ක්‍රීඩා කරමින් සිටින්නේ විශ්වාසයෙන් යුතුවය.  මේ යුගලය එක්ව නොදැවී ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනගා ඇත

ලෝකන් ටකර් අර්ධ ශතකය වාර්තා කළ අයුරු…

පළමු දිනයේ දඟ පන්දු යවන්නන්ගේ පන්දු දඟනොකැවුන ගානය. වේග පන්දුවේද දෝලනයක් නැත. පිතිකරණයට තණතිල්ල ගොඩනැගුවා සේය.  දවාගත් කඩුළු 04න් 02ක් ප්‍රභාත් ජයසූරියගේය. පන්දු ඕවර 32ක් යවා ඔහු ලකුණු 95කට එම කඩුළු 02ක බිඳ දමා ඇත. පන්දු ඕවර 19ක් යවා ලකුණු 84ක් ලබා දී රමේෂ් මෙන්ඩිස් එක කඩුල්ලක් දවාගෙන තිබේ. පන්දු ඕවර 13ක් යැවූ අසිත ප්‍රනාන්දු  ලකුණු 46කට කඩුල්ලක් ලබාගෙන ඇත.

හෙට තරගයේ දෙවැනි දිනය ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති කඩා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන නුසුදුස්සන් 02ක් පිළිබඳ විරෝධතා ගොනු කරන්න ක්‍රීඩා සමාජ කීපයක් සූදානමින්…

Next Post

මැලේරියාව තුරන් කළ බව කී රටේ මැලේරියාව හැදුණු රෝගියෙක් මැරිලා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.