එල්.පී.එල් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ගාලු ටයිටන්ස් පිළ පරදවා දඹුල් අවුරා කණඩායම කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ මෙහෙයවීමෙන් ක්‍රිඩා කරන ගෝල් ටයිනස්න් කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී සියල්ලෝම ලකුණු 146කට දැවී ගියහ. විශිෂ්ට පිතිකරණය නිරත වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ තරගයේ අවසන් ඕවරයේ පස්වන පන්දුවේ දී දැවී යන තෙක් තමන්ගේ අන්තය රැක ගනිමින් පන්දු 61ක් තුළ ලකුණු 80ක් රැස් කළේය.
එහෙත් ඔහු සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට කිසිවෙක් සිටියේ නැත. ලකුණු 15කට වඩා රැස් කළේ ශකීබ් අල් හසන් සහ ලහිරු සමරකෝන් පමණි.
ගාලු කණ්ඩායමේ අවසන් කඩුළු 03ම දැවී ගියේ ලකුණු නොලබාය. දඹුල්ල වෙනුවෙන් හොඳම පන්දු යැවීම හේඩන් කේර් ගෙනි ඔහු පන්දු ඕවර 03ක් යවා ලකුණු 18ට කඩුළු 03ක් ලැබුවේය.
නූර් අහමඩ් ලකුණු 27ට කඩුළු 02කි. බිනුර ප්‍රනාන්දු, හසන් අලි, ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලැබූහ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දු 02ක් ඉතිරිව තිබිය දී කඩුළු 04ක් පමණක් දැවි ජයග්‍රාහී ලකුණු 147 ලබා ගත්හ.
දඹුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 45ක දී ලකුණු 49ක් ද කුසල් පෙරේරා පන්දු 39ක දී ලකුනු 53ක් ද ලැබුවේය.
ගාලු ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ශකීබ් අල් හසන්, සීකුගේ ප්‍රසන්න, ටබ්‍රයිස් ශම්සි, දසුන් ශානක කඩුල්ල බැගින් ලැබූහ.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණි.
සවස 7ට දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ජැෆ්නා කිංස් සමග බී ලව් කැන්ඩ් කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදීමට නියමිතය.







