බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……

සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීයික ප්‍රතිකාර   සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු කියන කතාව…

by editor
අගෝස්තු 17, 2023
in සමාජ, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසිංහ –

රටට බරපතල ගැටලුවක් නිර්මාණය කරමින් විශේෂඥ වෛද්‍යවරු රට යමින් සිටිති. නොදන්වා විදේශගතවූ හම්බන්තොට නිර්වින්දන වෛද්‍යවරයා නිසා ඇති වූ තත්ත්වය අවසාන වශයෙන් මානුෂික සදාචාරය ගැන ප්‍රශ්නයක් දක්වා විහිදී ගියේය. මේ වනවිට පිළිගත යුතු ඇත්ත නම් රජයේ  රෝහල් පද්ධතිය දැඩි අර්බුදයක බවය. විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වගකීම් දරන්නේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීයික ප්‍රතිකාර   සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය ප්‍රියන්ත අතපත්තුය. මේ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සමග   සමග ලංකාසර කළ සාකච්ඡාවකි. 

 Dr-Priyantha-Athapaththu
වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු

ප්‍රශ්නය –  විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු සෞඛ්‍ය අමාතයංශයට නොදන්වා හොර රහසේ පැනලා යනවා කියනවා. ඇත්තටම මේ වෙන්නේ  කුමක්ද?. 

පිළිතුර –  විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන  විශේෂඥ වෛද්‍යවරු පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය මගින් නිකුත් කරන මාණ්ඩලික  සහතිකය ගන්නවා. මේ මාණ්ඩලික හතිකය ලෝකයම  පිලිගන්න  සහතිකයක්. බොහෝ  වෛද්‍යවරු අපෙන් තාවකාලිකව රෝහලක්  ඉල්ලා වැඩ කරලා තමයි මාණ්ඩලික සහතිකය ගන්නේ. මේ සදහා ආයතනයක සති 6ක් වත් අවම වශයෙන් රාජකාරි කළ යුතුයි. නමුත් ඇතැම් වෛද්‍යවරු මේ  සහතිකය අරගෙන රටින් පැනලා යනවා. මෙසේ පැනලා යන අය  තමයි නිත්‍යානුකූල නොවන ලෙස හොර රහසේ  රටින් පැන යනවා කියලා කියන්නේ.

ප්‍රශ්නය – මෙච්චර කල් මෙහෙම දෙයක් ගැන අපි අහලා තිබුණේ නෑ.  මොවුන් මෙසේ හිටිහැටියේම හොර රහසේ පැනලා යන්න හේතුව කුමක්ද?

පිළිතුර –  පළමු දේ තමයි  ඒ අයගේ සේවයට සරිලන වැටුපක් නොමැතිවීම. ඒ වගේම  පර්යන්ත රෝහලක් තුළ සේවය කිරිමට යාමේදී අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නෑ.   විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් අපි මුලින්ම රාජකාරී සඳහා යොමු කරන්නේ දුෂ්කර ප්‍රදේශයන්ට. ඒ ප්‍රදේශවල සිට කොළඹට දවස් දෙකක් එනකොට    ඔහුගේ මාසික වැටුප ඉවරයි. හැමදේම කරන්නේ දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් ඔවුන්ට දරුවන්ට පාසලක් සොයා බැරිවෙලා තියනවා.   මෙවැනි දුෂ්කරතා හේතුවෙන් තමයි ඔවුන් රට හැර යන්නේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ප්‍රශ්නය – මේ තත්වයට වලක්වා ගැනීමට වගකිවයුතු ඉහළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළේ නැතිද?

පිළිතුර – මොකෙද නැත්තේ. ජනාධිපති ලේකම් කර්යාලයේ පැවැත්වෙන සාකච්ඡා හැම එකකදීම අපි මේ දේ කිව්වා.  ඇමතිවරයා සමග පවත්වන සෘම සාකච්ඡාවකදීම අපි මෙයට පිළියමක් යෙදිය යුතු බව සදහන් කළා. දැන්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද සහයෝගය ඇතිව  රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. මේ යෝජනා මාලාවත තුළ රටහැර යන වෛද්‍යවරු මෙරට රඳවා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පැහැදීලිව  සඳහන් කර තිබෙනවා. මේ යෝජනාවන් වහාම ක්‍රියාත්මක කළ යුතුවෙනවා.

ප්‍රශ්නය   – මේ වන විට හොර රහසේ විදේශ ගතව ඇති විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් සිටිනවාද?

පිළිතුර –   වසර 2022 ජනවාරි සිට 2023 වසරේ අගෝස්තු මාසේ 15 වන දින දක්වා කාලය තුළ  විදේශ පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරු 376 ක්  ලංකාවට පැමිණ තිබෙනවා. මේ අය අතරින්   123  දෙනෙකු හොර රහසේ නැවත  ගිහින් තියෙනවා. ඒ වගේම මෙරට විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටින අයත් මෙසේ හොර රහසේ පැන යනවා.

පසුගිය අවුරුදු 2 ,  3 තුළ 96 දෙනෙකු  නොදන්වා  ගිහිල්ලා තියෙනවා. නීත්‍යානුකූලව නිවාඩුව ලබා ගෙන 116ක් විදේශ රටවලට ගිහිල්ලා  තියෙනවා. ඔවුන් වුනත්  අවසානයේදී යලි මව්රටට  එන්නේ නැහැ

ප්‍රශ්නය – ප්‍රශ්නයට විසඳුමක් ලෙස රටහැර යන වෛද්‍යවරන්  අසාදුුලේඛණ ගත කිරීමට පසුගිය දිනවලදී කටයුතු  කලානේද?

පිළිතුර – ඔව් අපි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා නීත්‍යානුකූ නොවන  අන්දමින් රටහැර ගිය වෛද්‍යවරුන් අසාදුලේඛණ ගතකිරීමට කටයුතු කළා . වෛද්‍යවරුන් දීපව්‍යාප්ත සේවයට වැටෙන  නිසා  ඔවුන්ගේ ලිපිගොනු පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළයි. ආයතන ප්‍රධානියාගේ නිර්දේශ ලිපියක් තබාගෙන ඔහු අවසන්වරට සේවයට වාර්තාකළ දිනය ලකුණු කරගෙන  අපි ඔහුට  සේවය අතහැරයාමේ නියෝගය ලේකම්ගේ අනුමැතිය යටතේ නිකුත් කරනවා. 

එසේ සේවය අතහැර යාමේ නියෝගයන් නිකුත් කර  අමාත්‍යංශයේ ලේඛණ ගත කරලා මාස 6ට වරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අසාදුලේඛණ ගත කිරිම් යවනවා. මම 25 දෙනෙකුගේ ලේඛණයක්  අසාදුලේඛණ ගත කිරිමට යැව්වා .  මේ අය අසාදුලේඛන ගත කලාම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවියේත් එයපලවෙනවා.  

ප්‍රශ්නය – රට තුළ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීමට විදේශයන්ගෙන් වෛද්‍යවරුන් ගෙන්වීමේ අදහසක් තිබෙනවාද?

පිළිතුර – කිසිසේත්ම නැහැ. අපට විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තවමත් නැහැ.  විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකියාව තියෙනවා. නිර්වින්දන, ළමා හා රුධිරපාරවිලයන සම්බන්ධයෙන් වූ විශේෂඥයින්ගේ අඩුවක් තියෙනවා. නමුත් ඒ අඩුව තවමත් අපට කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

ප්‍රශ්නය – හොර රහසේ යන අයගෙන් දඩමුදලක් අයකර ගැනීමේ හැකියාවක් තිබෙනවා නේද?

පිළිතුර – ඔව් පුහුණුව සඳහා විදේශ ගතවන වෛද්‍යවරුන් වෙනුවෙන් ලංකා රජය  රුපියල් මිලියන 15ක් පමණ මුදලක් වියදම් කරනවා.  ඒ මුදල මෙතෙක් කිසිම වෛද්‍යවරයෙකුගෙන් අයකරගෙන නැහැ. සෞඛ්‍ය අමාත්‍යංහය හැමදාම අයකළේ රුපියල් මිලියන 2ක පමණ වන  ඇප මුදල පමණයි. 

මින් ඉදිරියට  නොකියා රට හැර යන වෛද්‍යවරුන්ගෙන් ලංකා රජයට අය විය යුතු රුපියල් මිලියන 15ක පමණ මුදලක් අයකර ගැනීමට කටයුතු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල පරදියි… දඹුල්ල අවසන් මහා සටනට..

Next Post

ණය ගැන “නැව් කතා“ මැද දෙවැනි පාරටත් චීනයෙන් එන පර්යේෂණ නැව!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.