සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ගැන “නැව් කතා“ මැද දෙවැනි පාරටත් චීනයෙන් එන පර්යේෂණ නැව!

by editor
අගෝස්තු 17, 2023
in පුවත්
Shiyan-6 -
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ප්‍රධානතම මාධ්‍යයක් වන ද හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය පසුගියදා කෙටි වීඩියෝවක් ප්‍රචාරය කළේ ශ්‍රි ලංකාවට එන තවත් චීන පර්යේෂණ යාත්‍රාවක් ගැනය. මේ යාත්‍රාවේ නම ෂින් යෑන් 06 ය. කොහොමත් චීන යාත්‍රාවක් ශ්‍රි ලංකාවට එද්දී ඉන්දීය අවධානය ඒ වෙතට යොමු වීම නොවැළැක්විය හැකිය. කෙසේ වුවත් එම වෙබ් අඩවිය සිය වීඩියෝව තුළ මෙම නෞකාවේ පැමිණීම ගැන මෙවැන්නක් සටහන් කර තිබුණි.

“ ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව කැප වන බවට පොරොන්දු දෙන අතරේ ශ්‍රි ලංකාව බීජිං සමඟ යහන් ගතවනවාද? “ මේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික  හද ගැස්ම නොවේ යයි කිව නොහැකිය.

 ෂින් යෑන් 06

එනවා යයි කියන පර්යේෂණ නෞකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය තනිකරම සමුද්‍රීය පර්යේෂණ යාත්‍රාවකි.

මෙම නැව චීනය විසින් ඉදිකරන ලද්දේ 2020 වසරේදීය. දකුණු චීනයේ Guangdong පළාතේ Guangzhou හි භූ භෞතික ගවේෂණය සහ භූ කම්පන සංවේදනය කර ගැනීම   කෙරෙහි අවධානය යොමු කරමන්  මෙම නවීන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව වන Shiyan-6 දියත් කර ඇත.

මේ පිළිබඳව සඳහන් වන වෙබ් අඩවියකට අනුව චීන රජය මෙම යාත්‍රාවෙන් අපේක්ෂා කළේ  දකුණු චීන මුහුදේ සමුද්‍ර ගවේෂණ හැකියාව ඉහළ නැංවීමට සහ එහි සමුද්‍රීය ස්වෛරීභාවය සහ අවශ්‍යතා තවදුරටත් ආරක්ෂා කිරීමට උපකාරී කර ගැනීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුවාන් මිලියන 517.5 එනම් ඩොලර් මිලියන 74 ක මුළු ආයෝජනයකින් ගොඩ නැගුණු ෂියැන් 06 පර්යේසණ නෞකාවේ දිග මීටර් 90.6 කි.  කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුට නවාතැන් ගත හැකි එහි උපරිම වේගය නාවික සැතපුම්  16.5 ක් වන අතර, නාවික සැතපුම් 12,000 ක දරාගැනීමක් සහ දින 60 ක ස්වයං තිරසාර ධාරිතාවක් ඇත.

භූ භෞතික විද්‍යාව, සාගර භෞතික විද්‍යාව, මුහුදු-වායු අන්තර් ක්‍රියා, සමුද්‍ර රසායන විද්‍යාව සහ අනෙකුත් විෂයයන් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ඇති මෙම යාත්‍රාවට ගැඹුරු අගල් වැනි ආන්තික පරිසරවල භූ විෂමතා, භූමි හැඩතල, ධාරා සහ ජෛව විද්‍යාව මැන බැලීම සහ නියැදී ගැනීමේ  හැකියාව ඇත.

එය සාගරයේ රැස් කරන සාම්පල යාත්‍රා පුවරු රසායනාගාරවල වෙබ් අඩවියේ ඉක්මනින් සැකසීමට සහ විශ්ලේෂණය කිරීමට හැකි වන අතර, දත්ත සමමුහුර්තව ගොඩබිම පදනම් වූ රසායනාගාර වෙත සම්ප්‍රේෂණය කළ හැකිය.  එය අක්වෙරළ ජංගම රසායනාගාරයක් ලෙස සේවය කිරීමට ඉඩ සලසයි.

 මෙම ජාතික සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව දියත් කිරීම චීනයේ සාගර ගවේෂණ සහ දත්ත ලබා ගැනීමේ හැකියාව බෙහෙවින් වැඩි දියුණු කරවන්නක් බව චීන විශේෂඥයන් ගේ අදහස වී ඇත.   එය සාගර  සම්පත්, තෙල් හා ගෑස් ඛනිජ සහ ජීව විද්‍යාත්මක ජාන සංවර්ධනය හා භාවිතය සඳහා වැදගත් පියවරකි. සම්පත්, චීන විද්‍යා ඇකඩමියේ දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනයේ (SCSIO) නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෝන්ග් ලියුවාන්  පැවසුවේ, Science and Technology Daily වෙත පවසා තිබුණේ මෙම නැව චීනයේ රාජ්‍ය ස්වෛරීභාවය සහ එහි සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට උපකාරී වන අතර රටේ සමුද්‍ර බලය ගොඩනැගීම වැඩි කරවන බවයි.

එවැන් පර්යේෂණාත්මක ධාරිතාවක් සහිත මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව සඳහන් වන්නේ ලබන ඔක්තෝබර් මාසයේ දීය.

 නැව එන බව නාවික හමුදාව දන්නේ නෑ…

මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකීමේදී අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් නිරීක්ෂණය විය. රටේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් මෙම නෞකාව පිළිබඳව සැකසූ ප්‍රවෘත්තියකට අනුව මෙම නැව සඳහා මෙතෙක් නාවික හමුදාව වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදුව නැත. සාමාන්‍යයෙන් පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වන්නේ නම් නාවික හමුදාව දැනුවත් කළ යුතු අතර ඇතැම් විට මෙතෙක් එම නිල දැනුම් දීම සිදුව නැතිද යන ගැටලුව ක් මතුව ඇත.

අනෙක මෙම නැව සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය  එනම් නාරා ආයතනය පවසන්නේ සිය පර්යේෂණ කටයුත්තකට මෙම නැව භාවිත කිරීමට බලාපොරොත්තු වන බවය. විශේෂයෙන් ජල සාම්පල කිහිපයක් පර්යේෂණ කිරීම සඳහා එම නැව උපයෝගී කර ගන්නා බව නාරා ආයතනය පවසා ඇත. ඔවුන් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ෂියැන් 06 නෞකාව එන්නේ රුහුණු විශ්ව විද්‍යාලයය සමඟ ඇති කර ගත් එකඟතාවක් මත බවය.

කෙසේ වුවද රුහුණු විශ්ව විද්‍යාලයයේ සාගර විද්‍යා සහ සමුද්‍රීය භූ විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රකාශකයෙක් එම මාධ්‍යයට  පවසා ඇත්තේ නාරා ආයතනය  මෙම නෞකාව මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. එසේම රුහුණු විශ්ව විද්‍යාල බලධාරින් එහිදී පවසා ඇත්තේ ඔවුන්ද එහි පර්යේෂණ අවස්ථා සඳහා ඉල්ලීම් කර ඇති බවය.

මෙම ප්‍රකාශවලින් රුහුණු විශ්ව විද්‍යාලයවත් නාරා ආයතනයවත්  ෂියැන් 06 චීන පර්යේෂණ නෞකාව ශ්‍රි ලංකාවට ගෙන්වීමට මුල් වූයේ තමන් යයි කියන්නට ඉස්සර වන්නේ නැත. ඊට හේතුව මේ පසුපස යම් රාජ්‍ය තාන්ත්‍රක මැදිහත් වීමක් ඇති නිසා බව පැහැදිළිය. එසේ නැතිනම් එය ඔවුන් සිතුවාට වඩා බරපතල කරුණක් බව දැන් වැටහෙන නිසා ද විය හැකිය.

මීට පෙර ආපු නැව

මීට පෙරද ශ්‍රි ලංකාවට චීන පර්යේෂණ නෞකාවක් පැමිණියේය. ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.  යුවාන් වැන්ග් 05 නැමැති මෙම නෞකාව  චන්ද්‍රිකා නිරීක්ෂණයට පවා හැකියාවක් පැවති අතර කලාපීය දත්ත එකතු කිරීම පවතින ශක්‍යතාව හේතුවෙන් නැව ශ්‍රි ලංකා මුහුදු තීරයට ගැනීම පිළිබඳව ඉන්දියාව දැඩි අප්‍රසාදය පළ කළේය.

මින් පෙර රට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට ඇද දැමූ යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව

පැවැති ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට තීරණාත්මක සහයක් ලබා දුන්නේ ඉන්දියාවය. දැවැන්ත චීන ණය බරක් සමඟ ආගාධයකට තල්ලු වූ ශ්‍රි ලංකාව ගෝඨාභය රාජපක්ෂගේ යුගයේ අවසන් කාලය තුළ  යාන්තමින් හෝ හුස්ම ගත්තේ ඉන්දියාවෙන් ලද ණය සහනය නිසාය. මේ බව අමතක කළ නොහැකි ශ්‍රි ලංකාවට නෞකාවට හම්බන්තොට වරායට පැමිණෙන්නට ඉඩ දුන් නමුදු ඔවුන් කෙරෙහි සීමා ගණනාවක් පැනවීමට සිදුවිය.

කෙසේ වුවද හම්බන්තොටට එම නෞකාව පැමිණීම උත්සවශ්‍රීයෙන් සටහන් කිරිමට චීන තානාපති කාර්යාලය ක්‍රමෝපායයික විය. එසේම ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක්ද පේළි  සැදී හම්බන්තොට වරායේ ගිනි අව්වේ හිඳගෙන සිටිනු දැක ගත හැකි විය.

කලාපීය භූ දේශපාලනය තීරණාත්මක පසුබිමක පවතින මොහොතක චීනයේ ක්‍රියාකාරීත්වය අද රටවල් ගණනාවකට ප්‍රශ්නයක් වී ඇත. විශේෂයෙන් ඉන්දීය සාගර කලාපය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉන්දියාව රුස්සන්නේ නැත. ඉන්දියාවට යම් බලපෑමක් හෝ සිදුවන බව  දැනෙන යම් විදේශ ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රි ලංකාව සම්බන්ධ නොවන බවට ශ්‍රි ලංකා ජනාධිපතිවරයා දුන් සහතිකය ඉන්දීය රාජ්‍ය තන්ත්‍රය දැඩි විශ්වාසයෙන් වැළඳ ගෙන ඇති බව පැහැදිළිය.

එවැනි පසුබිමක් තුළ මෙම නෞකාව පැමිණීම පිළිබඳව ඉන්දීය රජය යම් විරෝධයක් ගොනු කිරීමට සූදානම් බව පෙනෙන්නේ ඉන්දීය මාධ්‍ය මේ වනවිට හැසිරෙන ආකාරය අනුවය.

ශ්‍රි ලංකාව අද සිටින තැන පිළිබඳව සැලකීමේදී ඉන්දියාව සහ චීනය හමුවේ සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු තැනක ඇත. එයට හේතුව අපේ දේශපාලකයන් විසින් තල්ලු කරන ලද අර්ථිකමය මරු වළෙන් ගොඩ එන්නට චීනයත් ඉන්දියාවත් දෙකම ඕනෑ තැනකට පැමිණ සිටීමය.

ඉන්දියාව මේ වනවිටත් ශ්‍රි ලංකාව වෙනුවෙන් තීරණාත්මක කැප කිරීමක් සිදු කර ඇත. ලොකුම ණය හිමියා වන චීනය තවමත් ණය ප්‍රතිසංස්රණය ගැන “නැව් කතා , කරමින් බලාපොරොත්තු දල්වමින් ඇත. ඒ අතරේ පැමිණි මෙම නැව පිළිබඳව කතාව හමුවේ  ඉතා ප්‍රවේශම් සහගතව හැසිරවීමට ක්‍රියා කිරීමට ශ්‍රි ලංකාවට සිදුවනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරු රට හැර යන එක වළක්වන්න කළ යුතු දේ ජනාධිපති ලේකම්ටත් කිව්වා… ඇමතිවරයාටත් කිව්වා… මේ තියෙන්නේ නෑසීමේ ප්‍රතිඵල……

Next Post

වතුර වළකට වැටී සිසුන් දෙදෙනෙක් මිය යති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.