අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොවිඩ් මැදත් සුන් කර නොගත් අයි.සී.සී. යේ විස්සයි20  බලාපොරොත්තුව

by editor
මැයි 16, 2020 - Updated on මැයි 17, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 

සදෙව් රත්නායක

කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්වීමෙන් පසුව අන් හැම ක්ෂේත්‍රයක්ම වාගේ ක්‍රීඩා ක්ෂේත්‍රයත් බිඳ වැටුණා. වසර 4කට වතාවක් පැවැත්වෙන ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සියල්ලම වාගේ කල් දැමීමට සිදුවුණා. දැන් කවුරුත් බලා සිටින්නේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට සිදුවන්නේ කුමක්දැයි යන්න දැන ගැනීමටයි.

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ලබන ඔක්තෝබර් මාසයේ 18 සිට නොවැම්බර් මාසයේ 15 දක්වා පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කොවිඩ් වසංගතය නිසා කල් දමන්නේද යන්න ගැන නිශ්චිත තීරණයක් ගැනීමට තවත් කාලය තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) කියන්නේ.

වසරේ ක්‍රීඩා කැලැන්ඩරය පවා උඩුයටිකුරු වී ඇති පසුබිමක විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව සම්බන්ධව අයි.සී.සී.ය මෙතෙක් කිසිදු තීරණයක් නොගැනීම ඇතැමුන්ගේ විමතියට කරුණක්. බොහෝ රටවල් ඔවුන්ගේ දේශීය ක්‍රීඩා ඉසව් ලබන සැප්තැම්බරය දක්වා පැවැත්වීම නියමිත ක්‍රීඩා ඉසව් සියල්ලම අවලංගු කර හෝ වසර අගභාගයට තල්ලු කර දමා හෝ තිබෙනවා. එවැනි තත්ත්වයකදී මාසයක් පුරා රටවල් 16ක ක්‍රීඩකයන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් එකට එකතුවෙන මෙවැනි ජාත්‍යන්තර තරගමාලාවක මතුවිය හැකි අවදානම ඉතා වැඩි බව ඇතැම් ක්‍රිකට් විශාරදයන්ගේ අදහසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කරුණු එසේ වුවත් අයි.සී.සී.ය කියන්නේ තරගමාලාව ආරම්භ කිරීමට තවත් මාස 5ක කාලයක් ඉතිරිව ඇති බැවින් දැන්ම කළබල විය යුතු නැති බවයි. එහෙත් නිරන්තරයෙන්ම කොවිඩ් වසංගතයේ යාවත්කාලීන තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බවත් අයි.සී.සී.ය ප්‍රකාශ කළා.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ලබන වසර දක්වා කල් දැමීමට ඇතැමුන් යෝජනා කළත්,  සැලසුම් කළ පරිදි නියමිත කාලයේ දී එම තරගමාලාව පැවැත්වීමට අවශ්‍ය සියළු විකල්ප අත්හදා බැලීමට පසුබට නොවෙන බව අයි.සී.සී.ය කියා සිටියා. සත්කාරක ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් බලධාරින් සමග මෙන්ම එරට රජය සමගත් සමීපව කටයුතු කරමින් පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලෝක ක්‍රිකට් සම්මේලනය වශයෙන් තම සංගමය විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව නියමිත පරිදි පැවැත්වීමේ තීරණය මත තවමත් එල්බ සිටියත් අවසන් තීරණය ඔස්ට්‍රේලියානු රජයේ සහ එරට සෞඛ්‍ය බලධාරීන් අත බව අයි.සී.සී.ය දැනුවත්වයි සිටින්නේ.

එමෙන්ම නියමිත පරිදි තරගමාලාව පැවැත්වීමේ තීරණය මත එල්ලී සිටින බව ප්‍රකාශ කළත් එය ලබන වසරට කල් දැමීම සම්බන්ධවත්  අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවට කරුණු වාර්තා වුණා.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම පිළිබඳ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත රටවල හිටපු ක්‍රීඩකයන් මෙන්ම  වත්මන් ක්‍රීඩකයන් ද විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින අතර ඉන් බහුතරයකගේ අදහස වී ඇත්තේ තරගමාලාව කල් දැමිමට සිදුවනු ඇති බවයි. ඒ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ද සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක සයිමන් කැටිච් ප්‍රකාශ කරන්නේ එය නියමිත කාලයට පැවැත්වීමට නොහැකිවුවහොත් ලබන වසරේ පෙබරවාරියට කල් දමනු ඇති බවයි. කොවිඩ වසංගතය හමුවේ සැලසුම් කළ පරිදි විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම අවිනිශ්චිත බව ඔහු කියා සිටියා.

‘මේ මොහොතේ ක්‍රිකට් ලෝකයේ කාගෙත් අවධානය යොමුවී ඇත්තේ මේ කරුණ සම්බන්ධවයි. හැමෝම බලාපොරොත්තු වෙන්නේ සැලසුමට අනුව තරගමාලාව පවත්වන්නයි. අපේ බලාපොරොත්තුවත් ඒකයි. ඒත් මේ වසංගතය නිමාවන දවසක් ගැන හිතාගන්නවත් බෑ. ‘ කැටිච් එසේ කීවා.

කැටිච්ගේ අදහස තහවුරු කරන වත්මන් ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කියා සිටියේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මේ වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. මුළු ලොවම කවිඩ් වසංගතයෙන් පසුබෑමකට ලක්වී ඇති මොහොතක මෙවැනි තරගමාලාවට කණ්ඩායම් 16ක් එකතු කරගැනීම ඉතා දුෂ්කර බව ඔහුගේ අදහසයි. නරඹන්නන්ගෙන් තොර වූ ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට ඇතැමුන් යෝජනා කළ බව කියන වෝනර් එය ඉතා අප්‍රසන්න කාරණයක් බව කියා සිටියා. ඔහුගේ අදහසට එකඟ වන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ඇලන් බෝඩර් ප්‍රකාශ කළේ හිස් ක්‍රීඩාංගණවල තරග පවත්වනවට වඩා තරගමාලාව කල් දැමීම වඩාත් සුදුසු බවයි.

ඒ සඳහා පුහුණුවීම්වල නිරතවීමට ප්‍රමාණවත් කාලයක් ක්‍රීඩකයන්ට නොලැබෙන්නේ නම් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව  කල් දැමිම වඩාත් සුදුසු බව එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ අදහස වී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් සෑම රටකම ක්‍රිකට් පුහුණුවීම් ද අවලංගු කර තිබේ.

පාකිස්තාන පිලේ හිටපු නායක අසීෆ් ඉක්බාල්ගේ අදහස නම් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව අනිවාර්යයෙන්ම කල් දැමිය යුතු බවයි. කොවිඩ් වසංගතයේ අවදානම පහව යාමෙන් පසුව මෙය පවත්වන්නේ නම් එහි තරගකාරීත්වයත් වැඩි වනු ඇතැයි ඔහු කීවා.

දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිට ඇත්තේ වෙනම අදහසක්. තරගමාලාව පවත්වන්නේ නම් ඊට සහභාගි වන සියළුදෙනා තරගමාලාවට පෙර දින 14කුත්, තරගමාලාවෙන් පසුව දින 14කුත් නිරෝධායනය කරන්නැයි ඔහු යෝජනාවක් ඉදිරිපත් කරනවා. එය තරගමාලාව පැවැත්වීමට සාර්ථක මාර්ගක් බවයි ඔහු කියන්නේ.

‘ගුවන් ගමන් තහනම් නිසා බොහෝ රටවලට මේ තරගමාලාවට පැමිණීම දුෂ්කර වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියාවෙන්  කොවිඩ් වසංගතයේ අවදානම අඩුවුණත් අනිත් රටවල්වලින් ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් පැමිණීම අවදානම් සහිතයි. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ හා ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය වැඩියි.‘ ඩුප්ලෙසි එසේ කීවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් පෝය දා හුදකලා වූ ශ්‍රී දළදා මාලිගාව ලොවට රහසින් මලින් පිරුණු හැටි

Next Post

අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.