අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෙසක් පෝය දා හුදකලා වූ ශ්‍රී දළදා මාලිගාව ලොවට රහසින් මලින් පිරුණු හැටි

ශ්‍රි දළදා මන්දිරයේ මල් ආසන හත නෙළුම් මල් හත්දහසකින් පිරී ගියේය

by editor
මැයි 16, 2020 - Updated on මැයි 19, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

නොසිතූ ලෙස , වෙසක් පුන් පොහෝදා කන්ද උඩරට ඵෙතිහාසික පුරවරයේ උතුම් දළදා සමිදුන්ගේ මල් ආසනය ඇතුලුව ශ්‍රි දළදා මන්දිර අභ්‍යන්තරයේ මල් ආසන හත නෙළුම් මල් හත්දහසකින් පිරී ගියේය. එපමණක් ද නොව විශ්ණු පත්තිනි නාථ කතරගම සිවුමහා දේවාල මල් ආසනද , වැල් බෝධින්වහන්සේ ද , දොඩම්වල වජිරාරාම මල් අසුනද, ගැටඹේ බෝධින්වහන්සේ ගේ මල් ආසනයද , ලේඩිබ්ලේක් ආරාම‌යේ මල් අසුනද , තවත් මල් දෙදහසකින් පිරී සුවදවත් විය.

හිටිවනම වූ මේ අරුමය කුමක්දැයි බොහෝ දෙනා සිතන්නට වූයේ, ඇදිරි නීතියත් , කොරෝනා භීතියත් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් හිස් වූ ආසන වෙසක් පුන් පොහෝදා පිරී ගිය අයුරු දුටු විටය.

“ අපිට මේ තාක් කාලයක් ජීවත් වෙන්න අත දුන්නේ මේ නෙළුම් මල් .. බුදුන් වහන්සේ ගේ පිහිටෙන් මල් ආසන පුරවන්න අපට මග පෑදුනා. මේ මලකට මිලක් නියම වුණා තමයි..ඒත් අපේ දුප්පත් අසරණකම නැති කරන්න මේ නෙළුම් මල් අපට පිහිට වෙනවා. ඒ හින්දාම අපි කතාවුණා නෙළුම්මල් නවදහසක් පූජාකරන්න. අපේ ඒ අහිංසක බලාපොරෝත්තුවට මග පාදා දුන්නේ මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති රණවීර මහත්තයා. ඔහු මාළිගාවේ පොලිසියේ ස්ථානාධිපති විපුල බණ්ඩාර මහත්තයාට මේ ගැන කියා තිබුණා. ඒ අනුව වැව්වලින් මල් එකතු කරලා ඒ ඒ පොලිස් ස්ථාන මගින් ශ්‍රි දළදා මාළිගාවේ පොලිසියට මල් ගෙන ඒමේ කාර්යය මෙහෙය වුයේ , ප්‍රධාන පොලිස් පරික්ෂක සේනාධීර මහත්තයා. ..”  තමන්ගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ වූවා සේ දිලිසෙන දෑසින් එක් හුස්මකින් විස්තර කියා සිටියේ , ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ බුදුනු සහන සංසද ආරක්ෂක කමිටුවේ , සභාපති පියල් රාජ ශ්‍රි වික්‍රමය.

කාටත් කරදරයක් හිරිහැරයක් නැති , බැති සිතින් ම මල් විකුණා ජීවිකාව ගෙන යන හතලිස් දහසක් පවුල් මේ සිරිලක වෙසෙන්නේය.  දැනට දශක තුනක් තිස්සේ  ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය මල් වෙළදාමය. කුසට අහරක් හිසට නිවහනක් දුදරුවන්ට යහපත් අනාගතයක් කැටි කොට ගත් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට මේ නෙළුම් මල් සැමගේ පිහිටට සිටින්නේය. මල් නෙලන්නන් , මල් මිටි බදින්නන් , මල් ප්‍රවාහනය කරනන්නන් බෙදා හරින්නන් මල් කඩ වෙළදුන් උත්සව අවස්ථා සදහා මල් සපයන්නන් ඇතුළු මහා පිරිසක් මේ සිරිලක නන් දෙසම පැතිර සිටින්නේය. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පරාසයේ වෙසෙන මේ පිරිස , තමන්ගේ ජීවිතය රැක දෙන බුදුන් වහන්සේට ගෞරවය දැක්වීම පිණිසය වෙසක් දා මල් නවදහසකින් මල් ආසන පිරවූයේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පියල් රාජ ශ්‍රි මේ ක්‍රියා දාමයට අත තැබූයේ මල් හාර දහසක් පූජා‌කොට ශ්‍රි දළදා මැදුරේ දන්තධාතුන් වහන්සේ වෙත පූජා කරමි යන අධිඨන ඇතිවය. ඔහු ගේ වෑයම සාර්ථක කරමින් ඊට තවත් මල් හයසියයක් එක්කරමින් බුදුනු සහන සංසදයේ දරුවන් දෙදෙනකුද මල් ලබා දුන්නේය. එතකින් නොනැවතී දඹුල්ලේ පියල්සිරි ද කුරුණෑගල හිරිපිටියේ චමින්දද , පොළොන්නරුවේ සරත් චන්ද්‍රසිරිද සීගිරියේ තාරක වික්‍රමසිංහ ද , නිකවැරටියේ යාපා ද , අම්පාරේ බණ්ඩාර ද, මේ කර්තව්‍යට සිය දායකත්වය ලබා දෙන බව කියා සිටියහ. ඔවුනගේ මල් දහස් ගණනින් ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ දායකත්වය ඇතිව නුවරට ගෙන ආහ.

වෙසක් පුන් පොහෝදා හෙවත් හත්වැනිදා අලුයම නුවරට ගෙන ආ නෙළුම් කැකුළු තොගය බුදු පුදට තබන්නට නම් මල් පුබුදුවා ලිය යුතුය. කෝවිඩ් ව්‍යසනය හේතුවෙන් වැඩි පිරිසකට එක්ව මේ කාර්යය සිදු කල නොහැකිය. සෞඛ්‍ය නීති රිති උල්ලංඝනය වන නිසාය. එබැවින් නිරෝධායන නීතිප්‍රකාරව බුදුනු සහන සංසදයේ දරුවන් හත් දෙනකුද , ශ්‍රි දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස සේවයේ යෙදි සිටින කාන්තා පොලිස් නිළධාරින් ද සෙසු පොලිස් නිළධාරින්ද එක්ව නෙළුම් පොහොට්ටු පුබුදුවා මල් වට්ටි සැකසූහ. පැය පහකට වැඩි කාලයක් මල් සුරුහමට සකසා දළදා සමිදුන් වෙතත් සෙසු ආගමික ස්ථාන වෙතත් රැගෙන ගියෝ පොලිස් නිළධාරිහුය. රටපුරා ඇදිරි නීතිය බල පැවැත්වූ බැවින් අවසර ඇත්තේ ඔවුනට පමණක් බැවිනි.

ඔවුන් මල් පුජා කල සවස හයත් හතත් කාලයේ මල් හා සමග ජීවත් වන සියළු පිරිසට පණිවුඩ යවා සාදු කාර දෙන්නැයි දන්වා සිටියේ මහනුවර බුදුනු සහන සංසදහයේ පිරිසය. ඒ අනුව , රට පුරා සෑම තැන්හිම විසිරි සිටි මල් හා බැදි සිටින මල් වෙළදුන් සාදු කාර දෙමින් පිං අනුමෝදන් කර ගත්හ.

මාර්තු මස විසිවැනිදායින් පසු සිරිලක බෞද්ධ සිද්ධස්ථාන පන්සිය පනහක මල් ආසන හිස්ව ගියේ බැතිමතුනට නිවෙස්වල වී සිටිමට සිදු වු නිසාය. ඵෙතිහාසික සිද්ධස්ථාන තුන්සිය හැටක් වෙත යමින් එහි ඵෙතිහාසික බව අත්විදිමින් බුදුන් වහන්සේ වෙත මල් පුදන සෑම බැතිමතෙක්ම මලක් මිලදි ගන්නේ මේ හතලිස් දහසකින් එක් අයෙකුගෙන්මය. බැතිමතුන් නොමැතිව හිස්ව ගිය සිද්ධස්ථාන වෙත අද ඔවුහු පිංතකා මල් පුදති. මෙවන් ව්‍යසන වෙමින් තමන්ගේ ජීවිත අදුරේ නොදැමන්නයි දෑත් එක්කොට ඉල්ලා සිටිති.

 

 

Tags: නවතම
Share5808Tweet43
Previous Post

ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

Next Post

කොවිඩ් මැදත් සුන් කර නොගත් අයි.සී.සී. යේ විස්සයි20  බලාපොරොත්තුව

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.