අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් ලෝකය අලුත් කළ චමරිලාගේ වික්‍රමය… එය නම් අසිරියකි!

by editor
අප්‍රේල් 18, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එයනම් පෙරහර කළ යුතු නිමිත්තක් බව ආශ්වාදයෙන් ලියා තබමු. ශ්‍රි ලංකා තරුණියෝ ලෝක වාර්තා පොත අළුත් කර ඇත්තාහ.

ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුළ හොඳම හඹා යෑම ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ වාර්තා කළහ. එය ලකුණු 300කට ඉහළ හඹා යෑමකි.  වික්‍රමය සිදුවන්නේ  ආසියාතික රටක තණතීරුවල නොවේ. දකුණු අප්‍රිකාවේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ය.

චමරී අතපත්තු නොදැවී ලකුණු 195කි. ලෝකයේ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තෙවන ලකුණු ප්‍රමාණය ලබා ගන්නී චමරීය.   හඹා යෑමක දී ලෝකයේ ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩිකාව චමරී ය.  ලෝකයේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩිකාව තමන් බව චමරී අතපත්තු නැවත ලෝකයට තහවුරු කර තිබෙන්නීය. නායිකාවක වශයෙන් ඊට වඩා යමක් කොයින් ද?. තරගාවලිය 1 ට 1 ක් ලෙස සමානය.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවෙන් පිටත්ව යන්නේ   තීරයේ ඔවුන්ගේ සාර්ථකම සංචාරයෙන් පසුවය. ඔවුහු එක්දින තරඟාවලියක් සමකළහ. ඒ වාර්තා පිට වාර්තා තබමිනි.  විස්සයි 20 අන්තර්ජාතික තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය. එය ශ්‍රි ලංකා කණ්ඩායම      දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ මුල්ම තරගාවලිය ය.

මේ  අවසන් එක්දින තරගයේ දී   චමරිලාගේ වික්‍රමාන්විත කතාවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ශ්‍රි ලංකාව එක්දින තරගයක දී මින් පෙර කවදාවත් ලකුණු 300ක් ලබා තිබුණේ නැත. Potchefstroom, ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාව පන්දු රැකීම තේරුවාය. එහෙත් ඒ තීන්දුව පිළිබඳව ක්‍රීඩාලොලී අපට ප්‍රශ්නයක් ඇති වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩාමේ පිතිකාරිණියන් එල්ල කළ බිහිසුණු ප්‍රහාරයත් සමගය.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණු 301ක් ලැබුහ. කවදාවත් ලකුණු 300ක් රැස් කර නැති අපට ජයග්‍රාහී ඉලක්කය 302කි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු 301ට  දකුණු අප්‍රිකා නායිකාව මෙන්ම ආරම්භක පිතිකාරිණිය වන  Laura Wolvaardt නොදැවී එක් කළ මනරම් ලකුණු 184 ඇතුළත් විය. ඒ ප්‍රහාරය සිතා ගත යුතුය. හතරේ පහර 23කි. හයේ පහර 04කි. ලකුණු 184 පන්දු 143ක් තුළ දී ය.

Laura Wolvaardt නොදැවී එක් කළ මනරම් ලකුණු 184ක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු 301 ගොඩනැගෙන්නේ නායිකා Laura Wolvaardt වටාය. ඇය සමග ඉනිම ආරම්භ කළ Lara Goodall ලකුණු 31 ද නොම්බර 05 පිතිකාරිනිය ලෙස පැමිණි Marizanne Kapp පන්දු 34ක දී හතරේ පහර පහක් සමග වේගවත් ලකුණු 36ක් ද , නොම්බර 06 පිතිකාරිණිය  Nadine de Klerk ලකුණු 35ක් ද කණ්ඩායමට එක් කළහ.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 47ට කඩුළු 02ක් ලැබුවාය. චමරී අතපත්තු කඩුළු 01ක් ලැබුවාය. දුවද්දී දැවී යෑම් දෙක්ක දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් වාර්තා විය.

පන්දු ඕවර 50 අවසන්වනවිට දකුනු අප්‍රිකානු කණ්ඩායම කඩුළු  05ක් දැවී ලකුණු 301කි. ඕවරයක දල ප්‍රහාරක වේගය 6.02කි. දකුණු අප්‍රිකානු කණ්ඩාම ඉනිම නිමා කරන්නේ ජයග්‍රහණය පිළිබඳ පූර්ව නියැතියක් සමගය. ජාත්‍යාන්තර විශ්ලේෂකයන් ද අධි බරක් තැබුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙතය.

එහෙත් සිදුවන්නේ බලාපොරොත්තු නොවූ  ක්‍රිකට් පෙරළියකි.  ආරම්භක කඩුල්ල සඳහා විශ්මි ගුණරත්න සමග චමරී අතපත්තු ගොඩනගන සම්බන්ධය ලකුණු 90කි. 15.4 වැනි පන්දුවේ දී විශ්මි දැවී යන්නේය. ඉන් අනතුරුව සිදුවන්නේ එක පිට එක කඩුළු බිඳවැටීමය. ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 04කි. දෙවැනි කඩුල්ල 109 දී ය. හන්සිමා කරුණාරත්න ලකුණු 03කි.  තෙවැනි කඩුල්ල 126 දී ය. සිව්වන කඩුල්ලත් 126 දී ය. ඒ කවීෂා දිල්හාරි ලකුණු නොලබා දැවී යෑමත් සමග.   පන්දු ඕවර 20.1 යනවිට ලකුණු 126ට ශ්‍රී ලංකා කඩුළු 4ක් දැවී ගොස්ය.

අහවල් හඹා යෑමක්දැයි අපට සිතුණේය. එහෙත් ඉන් අනතුරුව ගොඩනැගෙන්නේ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ගොඩනැගෙන විශිෂ්ට සම්බන්ධයකි. ඒ නිලක්ෂිකා සිල්වා සහ චමරී අතපත්තු අතරය. නිලක්ෂිකා නොදැවී ලකුණු 50ක් ලැබුවාය. ඒ පන්දු 71ක් තුළය. හතරේ පහර තුනකි. සිය නායිකාවට අවස්ථාව දෙමින් ඉවසීමෙන් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ඇය ක්‍රීඩා කළ ආකාරය වෙනම ගෞරවයකට ලක් විය යුතුය.

චමරිගේ පිතිකරණ පෙළහර

නිලක්ෂිකා එක් අන්තයක් රැකගෙන සිටිද්දී ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු ලෝකයේ විශිෂ්ටම ඉනිමක් දියත් කරමින් සිටියාය. ඇයගේ ක්‍රිකට් පරිචය මෙන්ම තාක්ෂණික ශික්ෂණය සහිත ඒ පිතිකරණ පෙළහර ලෝකයක් වශී කළ බව ලියා තබන්නේ ශ්‍රී ලාංකිකයෙක් ලෙස උපන් ගර්වයෙනි.

චමරී නොදැවී ලබා ගත් ලකුණු 195 රැස් කරන්නට මුහුණ දෙන්නේ පන්දු 139කට පමණි. ඊට එක්වන හතරේ පහර ගණන 26කි. එල්ලවන හයේ පහර ගණන 05කි. ඇය ඉනිම නිමා කරන්නේත් ලකුණු 06කිනි. ද්විත්ව ශතකය නැති වන්නේ ගහන්නට තවත් ලකුනු නැති නිසාය. 301ක්වන ඉලක්කය පසු කරන හයේ පහරත් සමග  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස් කරන ලකුණු ගණන ලකුණු 305කි.

එය ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසගත වූයේය. මෙතෙක් කිසිම කාන්තා කණ්ඩායමක් එමපණ ඉලක්කයක් හඹා ගොස්  ජයග්‍රහණය කර නැත.  ශ්‍රී  ලංකා කණ්ඩායම ලකුණු 301ක ඉලක්කය හඹා ගොස්  තරගය ජයග්‍රහණය කරන්නේ පන්දු ඕවර 5යි පන්දු තුනක්, එනම් පන්දු 33ක් ඉතිරිව තිබිය දී ය. පන්දු ඕවර 44.3 දී ලකුණු 305ක් ලබාගෙනය. දැවී ගොස් තිබුණේ කඩුළු 04කි.

චමරී සහ නිලක්ෂිකා අතර පස්වැනි කඩුල්ලට ගොඩනැගෙන නොබිඳුන සම්බන්දය ලකුණු 179කි. ඒ පන්දු ඕවර 24.2 ක් තුළය. මේ ලකුණු සංඛ්‍යාව කාන්තා එක් දින තරගවලදී 5 වැනි කඩුල්ල හෝ  ඉන් පහළ කඩුල්ලක් වෙනුවෙන් ලෝකයේ ගොඩනැගුන  ඉහළම දෙවැනි සම්බන්ධතාවය ය. එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩනැගුන  ඉහළම සම්බන්ධතාවය ය.

වාර්තා රැස

මෙම තරගයේ දී දකුනු අප්‍රිකානු නායිකා Laura Wolvaardt නොදැවී ලකුණු 184කි.    චමරී අතපත්තු නොදැවී ලකුණු 195කි.  ලෝකයේ පිරිමි හෝ කාන්තා ඕනෑම එක් දින තරගයක දී එකම අන්තර්ජාතික එක් දින තරගයක ලකුනු 175ට වඩා රැස් කළ  පළමු යුගලය චමරි සහ Laura ය.

ඔවුන් දෙදෙනා රැස් කළ ලකුණු ප්‍රමාණය 379   එක්දින තරගයකදී නායකයන් දෙදෙනෙක් එකම තරගයක  රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවය.   එය 2014 වසරේ  එකම තරගයක නායකත්වය දැරූ  විරාත් කෝලි (139*) සහ ඇන්ජලෝ මැතිව්ස් (139*) රැස් කළ ලකුණු 278 අභිබවා  ලකුණු 101කින් ඉක්මවා යෑමකි.

දකුණු අප්‍රිකාවට එරෙහිව චමරි  නොදැවී ලබා ගත් ලකුණු 195  කාන්තා එක්දින තරගය ඉතිහාසයේ  හඹා යෑමක දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ය. මින් පෙර එය වාර්තා කර තිබුණේ මෙග් ලැනින්ය. ඒ වර්ෂ 2017දී ය. ඇය ශ්‍රී ලංකාවට එරෙහිව  නොදැවී  ලකුණු 152ක් ලබා ගත්තාය. එක්දින හඹායාමකදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ඇත්තේ  ග්ලෙන් මැක්වෙල්ය. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු  201ක් ලැබුවේය.

චමරිගේ නොදැවී ලබාගත් ලකුණු 195 කාන්තා එක්දින තරගවල තුන්වැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ය.   ඇමීලියා කර් (2018 දී අයර්ලන්තයට එරෙහිව 232*) සහ බෙලින්ඩා ක්ලාක් (1997 දී ඩෙන්මාර්කය එදිරිව 229*) මින් පෙර ලබා තිබිණි.

එමෙන්ම දැන් චමරි ලකුණු 175ට වඩා වැඩිම වාර ගණනක් ලබා ගත් ලෝකයේ පළමු ක්‍රීඩිකාව චමරිය.  ඇය මීට පෙර 2017 ලෝක කුසලාන තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කළාය.

කාන්තා එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තනි තනි ශතක 9ක් වාර්තා වී ඇත. ඒ සියල්ලම චමරීගේ ය. ඇයට වඩා කාන්තා එක් දින තරගවල දී ශතක රැස් කර ඇත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණි. ඒ    මෙග් ලැනින් (15) සහ සුසී බේට්ස් (13) ය. ඇය ලෝකයේ තුනය.

නොදැවී ලකුණු 184ක් ලැබු දකුණු අප්‍රිකානු නායිකා    Laura Wolvaardt ලබා ගත් ලකුණු ප්‍රමාණය කාන්තා එක්දින ජාත්‍යාන්තර තරගවල පස්වන වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ය.

එය ක්‍රීඩිකාවක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලබා ගත්  වැඩිම ලකුණු සංඛ්‍යාව වේ, 2007 දී නෙදර්ලන්තයට   එරෙහිව Johmari Logtenberg විසින් නොදැවී ලබා ගත් ලකුණු 153ට මින් පෙර ක්‍රීඩිකාවක් නවසීලන්තය වෙනුවෙන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේය.

එමෙන්ම පරාජිත එක්දින ජාත්‍යාන්තර තරගයක ලෝකයේ වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරන්නේ Laura Wolvaardtය.  මින් පෙර එම වාර්තාව තිබුණේ චමරිට ය.  2017 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව චමරි නොදැවී ලකුණු 178ක් ලබා ගත්තත් තරගය පැරදී තිබුණාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්තුළ වැඩි දෙනෙක් මැරිලා තියෙන්නේ හෘදයාබාධ හේතුවෙන්! සමීක්ෂණයකින් හෙළි වෙයි…

Next Post

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් හමුවෙයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.