අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇසූවන්ට කඳුළු එන කෝලිගේ අංක  18 ජර්සියේ කතාව

by editor
මැයි 14, 2020
in ක්‍රීඩා
විරාට් කෝලි සිය 18 ජර්සියෙන් සැරසී

විරාට් කෝලි සිය 18 ජර්සියෙන් සැරසී

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජර්සිවල අංක සටහන් වෙන්නේ ඔවුන්ගේ කැමැත්තටයි. ලසිත් මාලිංග අංක 99 ජර්සියත්, ඇන්ජෙලෝ මැතිව්ස් අංක 69 ජර්සියත් හැඳ ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරු යුගලය වන කුමාර් සංගක්කාර අංක 11ත්, මහේල ජයවර්ධන අංක 27ත් සටහන් ජර්සි හැඳ ක්‍රීඩා කරන අයුරු අප දැක තිබෙනවා. මේ හැම අංකයක් පසුපසම කුමක් හෝ කතාවක් තිබෙන්නට හැකියි. නමුත් ඒ සියල්ලට වඩා ඉන්දීය පිලේ නායක සුපිරි පිතිකරු විරාත් කෝලිගේ අංක 18 ජර්සියේ කතාව සංවේදී හා දුක්බර එකක් වන බවට සැකයක් නෑ.

එදා මෙදා තුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහිවූ මහා පුදුමාකාර දස්කම් ඇති පිතිකරුවන් අතර කෝලිට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දුවී තවම ගතවී ඇත්තේ අවුරුදු 12ක් පමණයි. එහෙත් අද වෙද්දී 32 හැවිරිදි මේ දකුණත් මුල්පෙළ පිතිකරුවා වර්තමානයේ ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයෙක්.

ජාත්‍යන්තර ෆෝබස් සඟරාවට අනුව විරාත් කෝලි කියන්නේ වසර 2019 ලොව ධනවත්ම ක්‍රීඩකයන් සියදෙනා අතරට එක්වූ එකම ඉන්දීය ක්‍රීඩකයායි. ඔහු පසුගිය වසරේදී පමණක් උපයා ගත් ධනය ඉන්දීය රුපියල් කෝටි 252.72ක් බවට එරට පුවත්පත් වාර්තා කළා. ඒ අනුව විරාත් කෝලිගේ වත්කම පසුගිය මාර්තුව වනවිට ඉන්දීය රුපියල් කෝටි දහසකට ආසන්න බවත් එහි සඳහන් වෙනවා.

අසීමිත ජනප්‍රියත්වය,  කීර්තිය, අධික ධනය.. මේ සියල්ල ඔහු එක රැයකින් උපයා ගත් දේවල් නෙවෙයි. ඒවා  අත්කර ගැනීමට ඔහු සිය ක්‍රිකට් ජීවිතය පුරා කැපවීම් කන්දරාවක් කළා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

‘මගේ ජීවිතයේ මම ගොඩාක් දුක්විඳපු කෙනෙක්. තරුණ වියට පා තබද්දීම තාත්තා නැතිවුණා. පවුලේ ව්‍යාපාර බිඳ වැටුණා. අපිට කුලී ගෙවල්වල ඉන්න සිද්ධවුණා. ඒ කාලේ අපේ පවුලේ අයට ගොඩාක් දුක් කරදර තිබුණා.‘ අද විරාත් ඒ සියල්ල සිහිපත් කරන්නේ දැඩි කනගාටුවෙන්.

ඔව්…ආදරණීය පියා…ප්‍රේම් කෝලි ! විරාත්ගේ අංක 18 ජර්සියේ සැඟවුණු කතා නායකයා.

විරාත් කෝලිට තිබුණේ එකම එක අරමුණයි. කෙදිනක හෝ ජාතික කණ්ඩායමට සේන්දුවී තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කිරීමයි.

පුංචි විරාට් සිය පියා සමග

‘තාත්තා නැතිවුණාම මගේ මුළු ජීවිතයම කඩාගෙන වැටුණා. තාත්තා තමයි මගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා වුණේ. එයා මාව කොයිතරම් දිරිගැන්වුවාද…? මට හොඳ පුහුණුකරුවෙක් හොයාගන්න එයා කොයිතරම් මහන්සි වුණාද..?

අපරාධ සම්බන්ධ කටයුතු කරන නීතිඥවරයකු වූ ප්‍රේම් කෝලි ජීවිතයෙන් සමුගත්තේ විරාත්ගේ 18 වැනි උපන්දිනයට සති කිහිපයකට පසුවයි. හෘදයාබාධයක් නිසා මාසයක් තිස්සේ ඇඳට වැටී සිටි ප්‍රේම් 2006 දෙසැම්බරයේ 18 වැනිදා අළුයම 3.00ට අවසන් හුස්ම හෙලුවේ පුතාගේ අතේදිමයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පියා වෛද්‍යවරයකු වෙත රැගෙන යාමටවත් විරාත්ට ඉඩක් ලැබුණේ නෑ. ගිලන් රථයකට දුරකතන ඇමැතුමක් දුන්නත් එය පැමිණියේ පියාගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවුණාටත් පසුවයි.

පියා මිය යද්දී විරාත් දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමිනුයි සිටියේ. දිල්ලි පිලත්, කර්නාටක පිලත් අතර තරගයකුත් පැවැත්වෙමිනුයි තිබුණේ. අන්තිමේදී ඔහු තරගයට ක්‍රීඩා කළේ පියාගේ දේහය නිවෙසේ තිබියදීමයි. එදා ඔහු ලකුණු අනූ ගණනක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට තරම් ධෛර්යසම්පන්න වුණා. පියාගේ අවසන් කටයුතුවලට ඔහු එක්වුණේ ඉන් පසුවයි.

පියාගේ වියෝව විරාත්ගේ වැඩිමල් සොයුරු විකාස්ටත් වඩා ඔහුට තදින් දැනුණා. ඔහුගේ වැඩිමල් සොයුරිය භාවනාටත් වඩා සිතට කා වැදුණා. ඔහුගේ මව සරෝජා කියන්නේ එදායින් පසුව විරාත්ගේ ජිවිතය මුළුමනින්ම වෙනස් වූ බවයි.

වඩාත් පරිණත ආකාරයෙන් කල්පනා කරන්නත්, බරපතළ විදියට ජීවිතය ගැන සිතන්නත් ඔහු පෙළඹුණේ පියාගේ අවෑමෙන් පසුවයි. එදායින් පසුව ඔහු සිතුවේ ක්‍රිකට් ගැන පමණයි. ඔහුට අවශ්‍ය වූයේ පියාගේ සිහිනය හඹා යාමට පමණයි. ඔහුගේ දහඅට වැනි උපන්දිනයෙන් සති කිහිපයකට පසුව පියා මිය ගියේ දෙසැම්බර් 18 වැනිදායි. විරාත්ගේ ජර්සියට අංක 18 එකතු වුණේ එලෙසයි.

පියාගේ වියෝවෙන් වසරකට පසුව ජාතික කණ්ඩායමට සේන්දුවූ විරාත් මුලින්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඔහු දැන් ලොව පුරා පන්දු යවන්නන් භීතියට පත් කරමින් වාර්තා පිට වාර්තා බිඳ දමන පිතිකරුවෙක්.

එක්දින තරග බිමේ වේගවත්ම ලකුණු 10,000ත්, වේගවත්ම ලකුණු 11,000ත් සටහන් වන්නේ ඔහුගේ නමටයි. ඔහු දිනූ සම්මාන ප්‍රමාණයේ නිමාවක් නෑ. ලොව පුරා දහස් සංඛ්‍යාත තරුණියන් වසඟ වූ මේ අපූරු තරුණයා මීට අවුරුදු දෙකකට පෙර යුග දිවියට පිවිසියේ සුරූපි බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සමගයි. ඒ දෙදෙනා අතර වසර කිහිපයක් පැවැති පෙම් පළහිලව්වකින් පසුවයි.

බොහෝ අය විරාත් හඳුන්වන්නේ ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයා ලෙසයි. ඇත්ත.. ක්‍රීඩා කරද්දී ඔහු තරම් අවේගශීලී හා කළහකාරී පුද්ගලයකු නැති තරම්. ක්‍රීඩා කරද්දී ඔහු ප්‍රතිවාදීන් දෙස රවා බලද්දී කවුරුත් සිතන්නේ එලෙසයි. නමුත් පිටියෙන් පිට විරාත් තරම් නිහතමානී හා මිත්‍රශීලී පුද්ගලයකු තවත් නැති තරම්.

සියළු දුක් කරදර මැද සිය ඉලක්කය කරා යාමට විරාත් කෝලි සමත්වුණා. ආපසු හැරී නොබලා ඔහු තම අරමුණ කරා ගියා. ඒත් විරාත්ගේ ගමන තවමත් නිමාවට පත්වී නෑ. අංක 18 ජර්සිය තවත් වසර ගණනාවක් ක්‍රිකට් පිටිය වර්ණවත් කරාවි.

Share69Tweet43
Previous Post

අභියෝග හමුවේ නොවැටුණු  බොක්සිං රජිණ

Next Post

 T Shirts අඳින්නේ දැනගෙන ද..?

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.