බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අභියෝග හමුවේ නොවැටුණු  බොක්සිං රජිණ

අනූෂා කොඩිතුවක්කු

by editor
මැයි 14, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

‘මගේ අත්දැකීම් ආදර්ශයට ගන්නවා නම් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුවනි මේ ලෝකඩ පදක්කම මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං රන් හෝ රිදී පදක්කමක් බවට පත් කරගන්න.‘

මීට වසර තුනකට පෙර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලේදී ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ඓතිහාසික වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සිය සගයන්ට දෙන උත්ප්‍රේරකය එයයි. ඊට මාස කිහිපයයකට පසුව බොක්සිං වළල්ලට සමුදුන් මේ විශිෂ්ට ක්‍රීඩිකාවගේ කතාවයි මේ.

අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු මෙරට බොක්සිං ක්‍රීඩා ඉතිහාසයට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව ලෙසයි. තවත් අතකින් කියනවා නම් 1950 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඇලෙක්ස් අබේසේකර බොක්සිං ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් අවුරුදු 68කට පසුව ශ්‍රී ලංකාවට නැවත පදක්කමක් ගෙන දීමට ඇය සමත්වුණා.

බොක්සිං කියන්නේ ඔබ අප කවුරුත් දන්නා පරිදි ඉතා දුෂ්කර හා වෙහෙසකර ක්‍රීඩාවක්. ප්‍රතිවාදියාගේ මුෂ්ඨි ප්‍රහාරයෙන් ඇස,නාසය හෝ කම්මුල තලා ගැනීමට එක නිමේෂයක් ඇති. එවැනි ක්‍රීඩාවක ඇති අවදානම කවුරුත් දන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය පළාතේ උපන් මේ දිරිය දියණියගේ කතාව අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ට කදිම ආදර්ශයක්.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජීවිතය ජයගන්න කොයිතරම් කැපවීම්, පරිත්‍යාග කළ යුතුදැයි ඇය හරි අපූරුවට අපිට කියාදෙනවා. අනූෂා කොඩිතුවක්කු ගැන අපි කවුරුත් දන්නේ බොක්සිං ක්‍රීඩිකාවක් හැටියට වුණත් ඇගේ ක්‍රීඩා දිවියේ මුල් භාගය ඉන් ඔබ්බට විහිදී ගිය එකක්. ඇය පාසල් වියේ සිටම සිය ක්‍රීඩා හැකියාවන් විවිධ පරාසයන් ඔස්සේ විදහා පෑ බව දන්නේ අතලොස්සක් පමණයි.

පාසල් වියේ සිටම පාපැදි තරග, කඹ ඇදීමේ තරග වැනි ග්‍රාමීය තරුණියන් වැඩිපුරම යොමුවන ක්‍රීඩාවන් නියෝජනය කළ ඇයට මුල සිටම වුවමනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමටයි. එහෙත් ඒ කාලයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වැඩිපුරම බිහිවුණෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිසා ඇයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට තිබුණේ අඩු ඉඩකඩක්.

අනූෂාගේ ක්‍රීඩා දිවිය මුළුමනින්ම වෙනස් වුණේ ඇය 2001දී පන්නල ස්ලිම්ලයින් ආයතනයේ ක්‍රීඩා සමාජයට එක්වීමත් සමගයි. එදා ඇය එම ක්‍රීඩා සමාජයට එක්වුණේ රග්බි ක්‍රීඩිකාවක් ලෙසයි. වෙළෙඳ සේවා කාන්තා රග්බි තරගාවලිය නියෝජනය කළ ස්ලිම්ලයින් කාන්තා රග්බි කණ්ඩායමට එක්වුණත් අනූෂා ඒ වෙද්දීත් රග්බි පන්දුවක්වත් දැක තිබුණේ නෑ.

‘මම රග්බි ක්‍රීඩාවට එක්වෙද්දී රග්බි පන්දුවක් දැකලා තිබුණේ නෑ. රග්බි පන්දුවේ හැඩයවත් දැනගෙන හිටියේ නෑ. ඒත් මං රග්බි ක්‍රීඩාවෙන් දස්කම් පෑවා.‘ ඇය අතීතය සිහිපත් කරන්නේ එලෙසයි.කොහොමත් අනූෂාට මුල සිටම තිබුණේ ජයග්‍රහණ පිපාසයක්. ඇයට ඕන කළේ සහභාගි වන සෑම තරගයකින්ම පළමුවැන්නා වීමටයි.

උසස් පෙළ සමත්වී සංගීත අංශයෙන් සරසවි වරම් දිනාගන්නා අනූෂා බොක්සිං වළල්ල ජයගත් අයුරු එක අතකට විමතිය දනවන කාරණාවක්.

‘මාව බොක්සිං ක්‍රීඩාවට එකතු කරගත්තේ ඩයන් සර්. (ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ වත්මන් සභාපති ඩයන් ගෝමස්)  සරසවි වරම් ලැබූ කාලයේ මම ස්ලිම්ලයින් ආයතනයේ රග්බි ක්‍රීඩාවෙනුත්, බොක්සිං ක්‍රීඩාවෙනුත් දස්කම් පෙන්නුම් කරමිනුයි හිටියේ. අන්තිමේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ස්ලිම්ලයින් ආයතනයේ දිගටම රැඳී සිටිමින් මම බොක්සිං ක්‍රීඩාව තෝරාගත්තා.‘

සිය අනාගතය පිළිබඳ අතිශයින්ම නිවැරැදි තීරණයක් ගැනීමට ඇයට තිබුණු තීක්ෂණ බුද්ධිය බොක්සිං ක්‍රීඩාවට හරියටම ගැලපුණා. ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ දුර්වල අංග චලනයක් එක නිමේෂයකින් අවබෝධ කරගෙන ඇයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තරම් හැකියාවක් ඇයට ලැබුණේ ඒ අනුවයි.

‘පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කම දිනාගනිද්දී මගේ බොක්සිං ක්‍රීඩා දිවියට අවුරුදු 17යි. මේ අවුරුදු 17ක් තුළ මම අපමණ කැපවීම් කළා. දහඩිය වගේම රුධිරයත් වැගිරුවා. එකම බර මට්ටම දිගටම තියාගන්න පුදුමාකාර වෙහෙසක් ගත්තා. වතුර බිංදුවක්වත් නොබී කොයිතරම් නම් රැය පහන් කරන්න ඇතිද…? පොදු රාජ්‍ය මණ්ඩලයිය බොක්සිං පදක්කම ඒ හැම දෙයකම ප්‍රතිඵලයක්.‘ ඇය එසේ කියනවා.

බොක්සිං ක්‍රීඩාවේ කිලෝග්‍රෑම් 48 බර පන්තියට ඇතුළත් ලයිට් ෆ්ලයිවේට් බර පන්තිය නියෝජනය කරන අනූෂා පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කම දිනාගනිද්දී ඇගේ වයස අවුරුදු 39ක්. එවැනි වයස් මට්ටමකදී ජවසම්පන්නභාවය රඳවා තබා ගැනීමත් විස්මයජනකයි. එය ඇගේ උත්සාහවන්ත කමත්, නොසැලෙන අධිෂ්ඨානයත් ගැන අපිට වෙනම පාඩමක් කියා දෙනවා.

අනූෂාට ජාත්‍යන්තර බොක්සිං වළල්ල නුපුරුදු තැනක් නෙවෙයි. ඇය දශකයකටත් වැඩි කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙමිනුයි සිටියේ. වසර 2012, 2014, 2016 ලෝක බොක්සිං ශුරතාවලියේ කාන්තා තරග අංශය නියෝජනය කළ අනූෂා ආසියානු බොක්සිං වළල්ලේ ලැබූ ජයග්‍රහණ අපමණයි. මේ සියල්ල ඇයට හිමිවූයේ ජාතික බොක්සිං ශූරිය ලෙස වසර ගණනාවක් ලැබු ජයග්‍රහණ රැල්ලකින් ලද පන්නරය නිසාමයි.

‘මට හැමදාම ඕන කළේ දිනන්න. ශ්‍රී ලංකාව තුල දිනලා මට මදිවුණා. ජාත්‍යන්තරය දිනන්න ඕන කළා. මොකද ලංකවේ තරග දිනනවා කියන්නේ මට ලොකු දෙයකුත් නෙවෙයි.‘ 2009 වියට්නාමයේ පැවැති ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමකුත්, 2016 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමකුත් දිනා ගත් අනූෂාගේ ජයග්‍රහණ පිපාසය ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම එලෙසම තිබුණා.

අනූෂා කියන්නේ සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග දැඩි බැඳීමක් ඇති ක්‍රීඩිකාවක්. ඇයට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ඇත්තේ දැඩි ලෙන්ගතුකමක්. තමා බොක්සිං ක්‍රීඩාවට පිවිසි මුල් කාලයේ අනුබලය දුන්නෙත්, දිරිය දුන්නෙත් ජාතික තලයේ ක්‍රීඩිකා නිල්මිණී ජයසිංහ බව ඇය අදත් කියන්නේ කෘතවේදිත්වයෙන්.

වසර ගණනාවක් මෙරට කාන්තා බොක්සිං වළල්ලේ අපරාජිත රැජන ලෙස වැජඹුණු අනූෂා එදා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනාගැනීමෙන් පසුව පන්නල ස්ලිම්ලයින් ආයතනයේ දී ඇය වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වුණා. ඒ උපහාර උළෙලට පෙර එම ආයතනය ඉදිරිපස ඉදිකළ ඇගේ ඡායාරූපය සහිත දැවැන්ත පුවරුව විවෘත වූයෙත් ඇගේ සුරතින්.

‘අභිමානය නිර්මාණය කළ දේශයේ රන් දෑත’  ඒ පුවරුවේ එසේ සටහන්වී තිබුණා.

-සදෙව් රත්නායක

Share69Tweet43
Previous Post

ක්‍රීඩාව ආරම්භ කිරීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් උජාරුවෙන්….

Next Post

ඇසූවන්ට කඳුළු එන කෝලිගේ අංක  18 ජර්සියේ කතාව

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.