නෙදර්ලන්තයේ පැවැත්වෙන තරගාවලියකට සහභාගි වීම සඳහා අනිද්දා (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් එක් ක්‍රීඩිකාවකට ඊයේ කොවිඩ් ආසාදනය වී ඇතැයි ලංකාසරට වාර්තාවේ.
මේ ක්‍රීඩිකාව සෙසු ක්‍රීඩකයන් සමග එක්ව පුහුණුවීම් සිදු කර තිබීම නිසා සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව ඇත.
මෙම කණ්ඩායම සමග යාමට නියමිතව සිටින කළමනාකරුද කොවිඩ් ආසාදනය වී සිට ඇති බවත් සංචාරයට කෙසේ හෝ යාම සඳහා ඔහු කණ්ඩායමේ පුහුණුවීම් වලට එක් වී ඇති බවත් වාර්තා වේ.
මෙම සංචාරයේදී මසකට ආසන්න කාලයක් නෙදර්ලන්තයෙන් තවත් රටවල් දෙකකට මොවුන් යාමට නියමිතව ඇත.
මෙම සංචාරය වෙනුවෙන් බැඩ්මින්ටන් සංගමය එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් කෝටියක පමණ මුදලක් වැය කරනු ලබයි.







