කීර්ති ප්‍රනාන්දු –
නුවරඑළිය රාගලවත්ත මැද කොටසේ නිවසක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙක් සහ වැඩිහිටියන් තිදෙනෙක් ඇතුළු එකම පවුලේ පස් දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මෙසේ මියගොස් ඇත්තේ මව පියා දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා ය.
පියාවන පනස් නව හැවිරිදි රාමයියා තංගයියා ඔහුගේ බිරිඳ වන 54 හැවිරිදි සිවනමුත්තු ලෙච්චමී ඔවුන්ගේ දියණිය වන තිස් පස් හැවිරිදි ජෙකුමාරි නදියා සහ ඇයගේ එකොළොස් හැවිරිදි දියණිය හා අවුරුද්දක් වයස පිරිමි දරුවා ද ගින්නට හසුව මිය ගොස් තිබේ. දරුවන්ගගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවට තොරතුරු වාර්තා වෙයි.
එදා එම නිවසේ උපන්දින උත්සවයක් තිබී ඇත. ගින්න ඇති වී ක්ෂණයකින් නිවස දැවී ගොස් තිබේ. මෙම ගින්න හටගත් ආකාරය මෙතෙක් අනාවරණය වී නැති බව පවසන පොලිසිය මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදේ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
හිරු ප්‍රවෘත්ති සේවය එම ගින්න ඇතිවන ආකාරය පිළිබඳ වීඩියෝවක් නිකුත් කර තිබිණි. මිනිස්සු කළ යුතු දේ නොදැන බලා සිටිති. අයෙක් සිදුවීම වීඩියෝ කරති. මේ එම වීඩියෝවය.







