දිනසේන රතුගමගේ –
උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජීවන් ත්‍යාගරාජා පත් කිරීමට තීරණය කොට ඒ සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලබා දී ඇති බව වාර්තා වේ.
මේ පත් කිරීම පිළිබදව රජයෙන් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නොමැති නමුත් ජීවන් ත්‍යාගරාජාගේ සමීප හිතවතුන් ප්‍රකාශ කළේ ඔහු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් 13 වෙනි බදාදා වැඩ බාර ගැනිමට නියමිතව ඇති බවයි.
ජීවන් ත්‍යාගරාජා 1984 වසරේ සිට රාජ්‍ය නොවන සංවිධානවල උපදේශකවරයෙකු වශයෙන් සේවය කොට පසුව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කොට ඇත.
උතුරු පළාතේ වත්මන් ආණ්ඩුකාරවරිය ලෙස තවමත් කටයුතු කරණු ලබන්නේ පී.එම්.එස්.චාර්ල්ස් ය.







