බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සවි එසවීමේ ශූර රුවන් පෝල් ලංකා ඉතිහාසය අලුත් කරයි…

by editor
ඔක්තෝබර් 17, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සවි එසැවීමේ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් අත්කර දීමට සවි එසැවීමේ ලෝක ශූර රුවන් පෝල් සමත් විය. මේ ජයග්‍රහණයත් සමඟ සවි එසැවීමේ ලෝක ශූරතාවලියට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත්, එම ශූරතාවලියේදී රන් පදක්කම් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත් රුවන් පෝල් ඉතිහාසයට එක්විය.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර ඩාර්ලින් හාබර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලියේදී ඔහු කිලෝග්‍රෑම් 120 බර පන්තියේ (Open Benches) විවෘත තරගයේදී සහ ප්‍රවීණයන්ගේ බර පන්තියේ තරගයේදි (Master Class bench Press) රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, සමස්ත තරගාවලියේ එම බර පන්තියෙන් රිදී පදක්කමකට ද හිමිකම් කීවේය.

සවි එසැවීමේ ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඔහුගේ බිරිය ඔස්ට්‍රේලියානු ජාතික ලීඩියා ද කාන්තා තරග අංශයේ කිලෝග්‍රෑම් 100 බර පන්තියේ විවෘත Bench Press සහ ප්‍රවීණයන්ගේ බර පන්තියේ තරගය ((Master Class bench Press) රන් පදක්කම් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. ඇයද සමස්ත තරගාවලියේ එම බර පන්තියේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු විදෙස් කාන්තාවද වූවාය.

ලෝක සවි එසැවීමේ සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සවි එසැවීමේ ලෝක ශූරතාවලියට මෙවර රටවල් 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු අතර, ලෝක සවි එසැවීමේ ශ්‍රී ලංකා සංගමයේ නිර්මාතෘ සහ සභාපතිවරයා ද වන රුවන් පෝල් එම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ පළමුවරටය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

මීට පෙර පසුගිය වසරේ ඉතාලියේ පැවැති සවි එසැවීමේ ලෝක ශූරතාවලියේදී පළමුවරට ඔස්ට්‍රේලියාව නියෝජනය කළ රුවන් පෝල් විවෘත කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත්, ප්‍රවීණයන්ගේ කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත් ඔස්ට්‍රේලියාවට රන් පදක්කම් දෙකක් අත්කර දීමට සමත් විය. ඒ අනුව සවි එසැවීමේ ලෝක ශූරතාවලියේ රටවල් දෙකක් නියෝජනය කරමින් විවෘත හා ප්‍රවීණයන්ගේ තරග ඉසව්වලින් රන් පදක්කම් දිනූ එකම ක්‍රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක්විය.

Share69Tweet43
Previous Post

දූෂිත කෙහෙළියගේ නම ඉවත් කර “කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය” කුණ්ඩසාලේ “රාජකීය ප්‍රාථමික විද්‍යාලය” ලෙස යළි නම් කරයි…

Next Post

හම්බන්තොට හිටපු දිසාපති එච්.පී.සුමනසේකරට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනුවෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.