සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මිය යමින් ඇති ජාතියකට හුස්මක් දුන්න රත්තරන් දූ පුත්තු….

by editor
ජූලි 18, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා ඉතිහාසයේ අතිශය උත්කර්ෂවත් අවස්ථාවක් සනිටුහන් කරමින්  25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (17) රාත්‍රියේ  දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය  දිනාගත්හ. මෙම තරගාවලි 25 දිම ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙස වාර්තා කළ ඉහළම  දක්ෂතාවය මෙයය.

මීටර 800 කාන්තා

මීටර් 800 කාන්තා ඉසව්වේ  වත්මන් ආසියානු කනිෂ්ඨ ශූරිය වන 18 හැවිරිදි තරුෂි කරුණාරත්න මීටර් 800 කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකෙන්ම ආසියානු ශූරිය වූවාය. ඇය තත්පර 2:00.67කින් රන් පදක්කම දිනා ගනිමින් ආසියානු වාර්තාවක් තැබුවාය.

ඇය මෙතෙක්කල් ශ්‍රී ලංකාවෙන් බිහිවු   විශිෂ්ටම දක්ෂතාවය ප්‍රකට කළ කනිෂ්ඨ ක්‍රීඩිකාවය. ඇය නව ආසියානු වාර්තාවක් පිහිටවූවාය. ආසියාවේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල හොඳම කාලය වාර්තා කළ ශූරිය ඇයය. දකුණු ආසියානු කණිෂ්ට වාර්තාව ඇයගේය. ශ්‍රි ලංකා වාර්තාව මෙන්ම ශ්‍රී ලංකා කණිෂ්ට වාර්තාව ඇයගේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නය. ඇය මින් පෙර ආසියානු මළල ක්‍රීඩා උළෙල තුනක දි රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගෙන තිබේ.

ගයන්තිකා දැන් 36 හැවිරිදිය. ශ්‍රී ලංකාවේ ආසියානු මට්ටමින් ඉහළ අන්තර්ජාතික පදක්කමක් දිනාගත් වයස්ගතම ක්‍රීඩිකාව ඇයය. ගයන්තිකා පළමු දිනයේදීම තවත් ලෝකඩ පදක්කමක් දිනුවාය. ඇය දිනූ පදක්කම් ගණන 02කි. වර්ෂ 2017න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මීටර 800 ඉසව්වෙන් එක්වර පදක්කම් දෙකක් දිනූ දෙවැනි අවස්ථාව මෙයය.

මීටර් 4 X 400 සහාය දිවීම – පිරිමි

2003 වසරෙන් පසු ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය විය.

අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේගෙන්   සමන්විත කණ්ඩායම ආසියානු මළල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළහ.

ඔවුන් වාර්තා කළ කාලය විනාඩි 3 තත්පර 01.56 කි. ඒ කාලය නව ආසියානු ශූරතා වාර්තාවක් වූයේය. නව ශ්‍රී ලංකා වාර්තාවත් එයය.  ආසියාවේ මෙතෙක් 400 X 4 සහාය දිවීමේ කණ්ඩායමක් වාර්තා කළ හොඳම කාලය එයය. එම කාලය ලෝක ප්‍රමුඛතා ලයිස්තුවේ දෙවැනි තැනට ගියේය. වර්ෂ 2013න් පසු ලෝක ශූරතා සඳහා සුදුසුකම් ලැබීමේ ඉහළම හැකියාව පෙන්වු අවස්ථා 16න් 12 වැනි තැනය.

මෙම  ඉසව්වේ    පබසර නිකූ, පසිඳු කොඩිකාර, රාජිත රාජකරුණා සහ කාලිංග කුමාරගේ තරග කළහ.

මෙම තරගයට තරග වැදුණු පබසර නිකූ, පසිඳු කොඩිකාර 2018 වසරේ දකුණු ආසියානු කනිෂ්ඨ, ආසියානු කනිෂ්ඨ,  ලෝක කනිෂ්ඨ   රන් පදක්කම්ලාභීහු වූහ.


 මීටර් 4 X 400 සහාය දිවීම – කාන්තා

නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න සහභාගී වූ මෙම ඉසව්ව රිදී පදක්කම සමග ඔවුන් නිමා කරන්නේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමිනි. වාර්තා කළ කාලය විනාඩි 03යි තත්පර 33.27කි.

එමෙන්ම කාන්තා  4 X 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගත් ඉහළම අන්තර්ජාතික  පදක්කමත් මෙයය. වර්ෂ 2002 දී අපි ලෝකඩ පදක්කම මෙම ඉසව්වෙන් දිනාගෙන තිබිණි. 2019 වසරේ අපට හිමි වී තිබුණේ සිවු වෙනි ස්ථානය ය.

නදීෂා රාමනායක හැර කණ්ඩායමේ අනෙක් තරුණ ක්‍රීඩිකාවන් තිදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මේ මට්ටමේ  ජාත්‍යාන්තර තරගයකට එක් වන්නේ පළමු වරටය.

සයුරි මෙන්ඩිස් සහ තරුෂි කරුණාරත්න 2021 කණිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමේ අවසන් තරගකාරියෝ වූහ.  මෙය නිශේන්ද්‍රා ප්‍රනාන්දුගේ පළමු ජාත්‍යාන්තර අත්දැකීමය.

මේ ජයග්‍රහණය මෙසේ සංක්ෂිප්ත කළ හැකිය.

කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතා මළළ ක්‍රීඩා  තරගාවලියේ  04 වැනි තැනට පත්වීම මෙතේක මළල ක්‍රීඩා ඉතිහාසයේ  පොදුවේ අත්කරගත් විශිෂ්ටතම ජයග්‍රහණය ය.

මෙම තරගාවලියේ දී ආසියානු වාර්තා දෙකක් බිහි විය.  ඒ පිරිමි මීටර 4 X 400 හා කාන්තා මීටර 800 ය.

ශ්‍රී ලංකා වාර්තා 05ක් බිහි විය. එනම් කාන්තා මීටර 800, පිරිමි 4 X 400, කාන්තා  4 X 400, මිශ්‍ර සහාය දිවීම, කාන්තා හෙල්ල විසිකිරීමය.

එමෙන්ම කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු කනිෂ්ඨ වාර්තාව, දකුනු ආසියානු කනිෂ්ඨ වාර්තාව, ජාතික කනිෂ්ඨ වාර්තාව, බිහි විය.

සාමාජිකයන් 13 දෙනෙක් තරගාවලියට එක් වූහ. ඉන් 11 දෙනෙක්ම පදක්කම් දිනූහ.

;

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ වසරේ ජනවාරියේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ 64ක් භාවිතයෙන් ඉවත් කළා… වෛද්‍ය  සැපයුම් අංශය කියයි…

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත   සංස්ථාව තමන්ට නුසුදු ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් කෝටි 153ක් අය කරගෙන නෑ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.