අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 03ක තියුණු ජයක් ලබති…

ඇෆ්ගනිස්තානය පරදවා පකිස්තානයත් ජය වාර්තා කරයි!

by editor
ඔක්තෝබර් 30, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (29) පැවති තරගයකින්    බංග්ලාදේශය පරදා ලකුණු 03ක තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ.

කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීමට තීරණය කළහ.

සාජාහිදී පැවැත්වූ මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 07ක් දැවී රැස් කරගත්තේ ලකුණු 142කි. රොස්ටන් චේස් ලකුණු 39ක් රැස් කළේය. ඒ පන්දු 46ක දීය. නිකොලස් පුරාන් පන්දු 22ක දී වේගවත් ලකුණු 40ක් රැස් කළේය. ජේසන් හෝල්ඩර් අවසන් පන්දුවාරවල දී පිටියට පැමිණ පන්දු 05ක දී ලකුණු 15ක් රැස් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී මේදි හසන්, මුස්ටාෆිසුර් රහුමාන් , ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 02 බැගින් බිඳ හෙළුවේය.

මෙතෙක් මෙම තරගාවලියේ ජයග්‍රහණයේ වැඩි වාසිය ලබා ගත්තේ හඹා යන්නන්ය.  බැලූ බැල්මට මේ ඉලක්කය බංගලාදේශ කණ්ඩායමට පහසු එකක් වනු ඇතැයි සිතිනි.

නමුත් බටහිර ඉන්දීය කොදෙව්වො මෙතෙක් ගලාගෙන පැමිණි ජයග්‍රහණයේ රිද්මය වෙනස් කළහ. පන්දු යවන්නන් මෙන්ම පිටියේ පන්දු රකින්නන්ද බංගලාදේශ කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ දි බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 05ක් දැවී ලකුණු 139ක් පමණි. පිට පිටම අත් විඳි පරාජයේ අමිහිරි රැල්ලෙන් ගොඩ එන්නට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකි විය.

ලින්ටන් දාස් පන්දු 43ක දී ලකුණු 44ක්, මහ්මුදුල්ලාහ් පන්දු 24ක දී ලකුණු 31 රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් පස් දෙනා වූ රවි රම්පාල්, ජේසන් හෝල්ඩර්, ඇන්ඩෘ රසෙල්, ඒකල් හොසෙයින්, ඩ්වයින් බ්‍රාවෝ කඩුල්ල බැගින් ලබා ගත්හ.

එමෙන්ම අද පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ දී  කඩුලු 05ක ජයක් ලබා ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසන දී කඩුලු 05ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තේය.

බිඳවැටී තිබුණු ඇෆ්ගනිස්තාන ඉනිම ගොඩගන්නේ නායක මොහොමඩ් නබි සහ ගුල්බාඩින් නබි විසිනි. ඔවුන් දෙදෙනා හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක අඛණ්ඩ සම්බන්ධයක් ගොඩනැගූහ.  දෙදෙනාම ලකුණු 35 ගැනි රැස් කළහ.

ඉමාඩ් වසීම් කඩුලු 02ක් ද, ෂහීන් ඇෆ්රිඩි, හැරිස් රවුෆ්, හසන් අලි, ශහාබ් ඛාන් කඩුල්ල බැගින්ද බිඳහෙළූහ.

එම ඉලක්කය පන්දු ඕවර 19ක දී කඩුලු 05ක් දැවී පකිස්තානුවන් පසු කර ගියේය. නායක බබාර් අසාම් පන්දු 47ක දී ලකුණ 51 රැස් කළේය. ෆකාර් සමාන් ලකුණු 30ක් ද, අසීෆ් අලි ලකුණු 25ක් ද පකිස්තානය වෙනුවෙන් රැස් කළහ.  පන්දු ඕවර 19ක දී පකිස්තානුවෝ ඉලක්කය පසු කළහ. මුජීබ්  උර් රහුමාන් කැපී පෙනෙන පන්දු යැවීමක් කරමින් පන්දු ඕවර 04 තුළ ලකුණු 14ක් ලබා දී කඩුලු 01 ලබා ගත්තේය. රෂීඩ් ඛාන්ට කඩුලු 02ක් හිමි විය. මොහොමඩ් නබී සහ නවීන් උල් හක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමටගොඩ කුඩුකාරයා නායක හාමුදුරුවන්ට පරිහරණයට පූජා කළ සුඛෝපභෝගී රථය පොලිසියට බාර දෙයි!

Next Post

“ඡන්දෙ දීලා ජනාධිපතිවරයෙක් හදන්නේ පුටුවේ වාඩිවෙලා ‘මාෆියාව’ කිය කිය ඉන්න නෙවෙයි, ගහලා ඉවර කරන්න”

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.