සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙවැනි පුහුණු තරගයත් ඇෆ්ගනිස්ථානයට පරාදයි… මිත්‍රවරුනි… කළ හැකි හොඳම දේ හිත හදා ගැනීමයි!

by editor
ඔක්තෝබර් 3, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මේ කුමන ආකාරයේ කාලකණ්ණි කමක්දැයි කල්පනා කරමි.  ගොඩඒම අසීරුය. දෙවැනි පුහුණු තරගයත් ඇෆ්ගනිස්ථානයට කඩුළු 06කින් පරාදය.  ඇෆ්ගනිස්ථානය ඒ ජයග්‍රහණයේ ඉලක්කය පසු කළේ  පන්දු 23ක් ඉතිරිව තිබෙද්දී ය. 

අඛණ්ඩ එක්දින ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ ලෝක වාර්තාව නිමා වූයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ අන්ත කුජීත පරාජයක් සමගිනි.  ඒ පරාජය සමග අඛණ්ඩ පරාජය ආරම්භ වූ සෙයකි.

ලෝක කුසලාන ආරම්භක පුහුණු තරගයෙන්  ශ්‍රි ලංකා කණ්ඩායම බංගලියන්ට කුජීත වී පැරදුනේය. එහි වඩාත්ම ඛේදනීය ප්‍රතිඵලය වූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ සැඟවී ගෙන තිබුණු උරහිසේ ආබාධය මතු වී තරගය අතරතුර තරගයෙන් ඉවත් වීමෙනි.

අද දෙවැනි පුහුණු තරගය ය.  කියන්න කණගාටුය. ඉහත කී ආකාරයට  අදත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06කින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පරාදය. ඇෆ්ගන් කට්ටිය දිනුවේ පන්දු 23ක් ඉතිරිව තිබෙද්දීය.

ක්‍රිකට් කායික මෙන්ම ප්‍රධානකොටම මානසික මෙහෙයුමකි. මෙම පුහුණු තරග දෙක අපට වැදගත් වූයේ ඉන්දියාව සමග ආසියානු අවසන් මහා තරගයේ විශ්වාස කළ නොහැකි කාලකණ්ණි පරාජයේ ජාගර අගාධයෙන් ගොඩ ඒමටය. මානසිකව ශක්තිමත් වීමටය. එහෙත් මේ තරග දෙක අප තවදුරටත් කුඩුපට්ටම් කර දැම්මේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුසල් මෙන්ඩිස් ලකුණු 158යි…

නායක දසුන් ශානක එක දිගටම අසාර්ථක වුයේය. ඔහු අද තරගයට එක් වූයේ නැත. කුසල් මෙන්ඩිස් තරගය මෙහෙයවූයේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

ආරම්භක පිතිකරුවන් වූයේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නය. කුසල් ජනිත් ආබාධිතවය. ආරම්භක පැතුම් ලකුණු 30කි. දිමුත් ලකුණු 08කි. මුළු ශ්‍රී ලංකා ඉනිමම කුසල් මෙන්ඩිස්ගේය.  ඔහු ලකුණු 158ක් ලැබුවේය. ඒ පන්දු 87ක් තුළය. ඊට හතරේ පහර 19කි.  හයේ පහර 09කි. ඒ මනරම් පිතිකරණයකි. ඔහු තරගය අතර මැද ඉනිම අත් හිටවූයේය.

එහෙත් අනෙක් එක් ක්‍රීඩකයෙකුටවත් බලාපොරොත්තු සහගත ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. සධීර සමරවික්‍රම ලකුණු 39කට දැවි ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 22කි. චරිත් අසලංක ලකුණු 12කි.  දුනිත් වෙල්ලාලගේ ලකුණු ලැබුවේ නැත. සියල්ලන් ලකුණු 294කට දැවි ගියේය.

ඉන්දීය තණ තීරුවල ප්‍රතිවාදියාට යම් තරගයක් ලබා දීමට හෝ ලකුණු 300 සීමාව ඉක්මවිය යුතුය. කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් එක් අන්තයකින් ලබා දී තිබෙද්දීත් අප ඊට අපොහොසත් විය. මොහොමඩ් නබී ලකුණු 44කට ශ්‍රී ලංකා කඩුළු 04ක් බිඳ හෙළුවේය. ශ්‍රී  ලංකා කණ්ඩායම පන්දු ඕවර 50ක් ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 46.2ක දී සියල්ලෝ ලකුණු 294කට දැවී ගියහ.

තරගය අතර වාරයේ දී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දු ඕවර 42ක දී ලකුණු 257කි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 38.1  තුළ ලකුණු 261ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 119ක් ලැබුවේය. රහ්මන් ෂා ලකුණු 93ක් ලැබුවේය. ඔවුන් දෙදෙනාම තරගය අතරමැද තම ඉනිම අත් හිටවූයේය.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දවා ගත්තේ කඩුළු 02ක් පමණි.

දැන් අප ඉන්නේ බිංදුවට පහළිනි. එය පිළිගත යුතුව ඇත. තව දවස් දෙකකින් ලෝක කුසලානය ඇරඹෙන්නේය.

තත්ත්වය මෙයය.    මේ තරගාවලියේ දී අපට වැඩි දෙයක් කළ හැකි නම් ඒ වාසනාවකට බව ලියා තබමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්වීමේ අරමුණින් අධි මාත්‍රාවෙන් ප්‍රබල වේදනා නාශක ගන්නා දරුවන් අපස්මාර රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වීම වැඩි වෙලා!

Next Post

ලංගම බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල දී මුහුණට මුහුණ ගැටේ… 06ක් තුවාල ලබා බේරුවල රෝහලේ!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.