සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයට ලකුණු 309ක ඉලක්කයක්… ඒ කැච් බස්සපු හැටියට නම් මැච් එකේ ලක් එක අපට…

by editor
පෙබරවාරි 11, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. පල්ලේකැලේ  ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තෝරාගෙන තිබිණි.

හඹා යෑම පිළිබඳ විශ්වාසය තැබිය හැකි ඉතිහාසයක් සහිත ක්‍රීඩාංගනයක  පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 308ක් රැස් කරගෙන ඇත.

ඉතාම ඉහළ තරගකාරීත්වයක් සහිතව තරගවැදුන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම   මීට වඩා පීඩනයකින් නිමාකළ හැකිව තිබූ තරගයේ ලිහිල් කළ මුදා හැරියේ 10  වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේ දී කුසල් මෙන්ඩිස් විසින් ලබා දුන් ඉතාම පහසු උඩපන්දුව අත්හැරීමෙනි.  ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්  මිඩ් විකට් කලාපයට ලබා දුන් ඉතා පහසු උඩ පන්දුව ගුල්බඩින් නබී අතහැරියේය.

ජීවිත දෙකක් ලද කුසල් මෙන්ඩිස්…

ඒ වනවිට ලකුණු 41කි. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගොස්ය.  ඒ වනවිට   ඉතා අසීරුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස්   පන්දු 17ක් තුළ   ලබාගෙන සිටියේ ලකුණු 12ක් පමණි. ඒ උඩපන්දුව රැකගත්තා නම් තරගය මීටත් වඩා හාත්පසින් වෙනස් විය හැකිව තිබුණු බව ජාත්‍යාන්තර විචාරකයෝ කීහ. අත්හරින උඩපන්දු තරග අත් හරින බව ඔවුහු කීහ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගයේ දී උඩපන්දු 03ක් අත හැරියේය. එකක් කුසල් මෙන්ඩිස්ගේය. අනෙක චරිත් අසලංකගේ ය. තුන්වන උඩපන්දුව වනිඳු හසරංග ලබාදුන්නේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අවාසනාව වන්නේ ඒ උඩ පන්දු තුනම අතහැරියේ ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවලට වීමය.  කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුව අත්හැරිය ගුල්බඩීන් නබි හසරංගවත් අත හැරියේය. එවර ඔහු පන්දු රකිමින් සිටියේ මිඩ් ඕෆ් කලාපයේය. ඒ 45වන ඕවරයේ දෙවැනි පන්දුවේ ය. එම ඕවරයේම අවසන් පන්දුවේ දී  ඩීප් ස්ක්වෙයාලෙග් හි හතරේ සීමාව අසල පන්දු රැකි ඕමාර්සායි අතින් අසලංකව ගිලිහී ගියේය.

මේ තරගය වාසනාව අතින් ශ්‍රී ලංකාව පැත්තේ බව දැනට පෙනී යන්නේ මේ උඩපන්දු අත්හැරිය විලාශය ගැන පෙනෙන විටය.  මෙවැනිම උඩපන්දු අත්හැරීමකින් තොරව ඉනිම පිටියේ හැසිරෙන්නේ නම් වැඩි වාසිය අත් කරගැනීමේ අවස්ථාව දෛවය අනුව ලියැවී ඇති බව හැඟෙන්නේය.

පිතිකරණය

පසුගිය තරගයේ විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 18කට දවා ගැනීමට වේග පන්දු යවන අස්මතුල්ලා ඕමාර්සායි සමත් වූයේය.  තුන්ව ඕවරයේ අවසන් පන්දුවට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනිමට අස්මතුල්ලා සමත් වූයේය.

ඒ වනවිට හතරේ පහර තුනක් සමග ලකුනු 18ක් පන්දු 17ක්  තුළදී ලබා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වී තිබිණි.  ඊට හතරේ පහර තුනක් ඇතුළත් විය. දැවී යෑම සම්බන්ධව නැවත විමසීමක් ඉල්ලා සිටියත්  ඒ වනවිට පැතුම් නිශ්ශංකට එම ඉල්ලීම කළ හැකිව තිබුණු තත්ත්පර 15 කාලය පසු වී තිබිණි.

මේ වනවිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අනෙක් අන්තයේ තරගය ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියහ. ඇත්තටම ඔහු ක්‍රිඩා  කළේ ඉතා අසරණ විලාශයෙනි. පන්දු 23ක දී ලකුණු 05ක් පමණක් ලබා සිටිය දී අවිශ්ක ප්‍රනාන්දු  ෆසාල්හක් ෆාරුකී ගේ පන්දුවක් ඉදිරියේ පොයින්ට්හි පන්දු රැකි ගුල්බඩීන් නබි අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

ජනිත් ලියනගේ අර්ධ ශතකයක්…

අනතුරුව පිටියට පැමිණියේ කුසල් මෙන්ඩිස්ය.  10 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවට ඉතා දුර්වල පහරක් එල්ල කර ලබා දුන් උඩපන්දුව අත හැරීමෙන් දෙවැනි ජීවිතයක් ලද කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු හා එක්ව සධීර සමරවික්‍රම  තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.  සධීර සමරවික්‍රම තුන්වන කඩුල්ල ලෙස ලකුණු 52කට දැවී යන්නේ ය. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් ගොඩනැගූ ඉනිමේ දී එල්ල කරන්නේ හතරේ පහර 03ක් පමණි. ක්වයිස් අහමඩ්ගේ පන්දුවකට මිඩ් විකට් කලාපයට උඩපන්දුවක් දී සධීර දැවී යන්නේ ලකුණු 52ක් ලබාගෙනය. 3වන කඩුල්ල ලකුණු 139 දී දැවී ගියේය.

චරිත් අසලංක සමග එක්වන කුසල් මෙන්ඩිස් සධීර නික්ම ගිය පසු වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටියේ නැත. ඔහු ලද දෙවැනි ජීවිතය මීට වඩා ඵලදායී කරගැනීමට තිබුණු බව ක්‍රිකට් විචාරකයෝ විශ්වාස කළහ. හතරේ පහර 06ක් සහ එක් 06 පහරක් සමග ලකුණු 61ක් ලබා ගන්නා කුසල් මෙන්ඩිස්     අස්මතුල්ලා ඕමාර්සායි ගේ කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය.  ඒ  ඩීප් බැක්වර්ඩ් ස්ක්වෙයාලෙග් හි පන්දු රැකි රහමනුල්ලා ගුර්බාස් අතටම උඩපන්දුවක් ලබා  දීමෙනි.   28 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දි ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 147කි.

සධීර ලකුණු 50යි..

ඉන් අනතුරුව පිටියට එක්වන ජනිත් ලියනගේ චරිත් අසලංක සමග එක් වී විශිෂ්ට ඉනිමක් ගොඩනැගූහ. පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 111ක  එම සම්බන්ධතාවය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 308ක ඉලක්කය සිහිනයකි. එසේ සිතෙන්නේම මේ වනවිට වනිඳු හසරංගගේ පෙර තිබුණු පිතිකරණ පරිචය ඔහුගෙන් ගිලිහී ගොස් ඇති ඛේදනීය ආකාරය දකින විටය. මෑත කාලය පුරාම ඔහු පිතිකරුවෙක් ලෙස සාර්ථක වූයේ නැත.

ජනිත් ලියනගේ පන්දු 48ක් තුළ මනරම් අර්ධ ශතකයක් රැස් කළේය. ඊට හතරේ පහර දෙකක් මෙන්ම හයේ පහර දෙක්ක ඇතුළත් විය. චරිත් අසලංක මෙන්ම ජනිත් ලියනගේ කඩුළු අතර දිවයමින් ලකුණු රැස්කළ ආකාරය පෙන්වා දුන්නේ  ක්‍රීඩකයන්ගෙන් මෑත කාලයේ දී ගිලිහී ගිය ජවය පවත්වා ගත යුතු ආකාරය ය.

ශ්‍රි ලංකා ඉනිමේ  ඉහළම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළේ චරිත් අසලංකය. චරිත් නොදැවි ලකුණු 97ක් රැස් කළේය. ඒ පන්දු 74ක දී ය. හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක්   ඊට ඇතුළත් විය. අවසන් ඕවරයේ 05වන පන්දුවේ දී ලකුණකට පැති මාරු කර නොගෙන තමන් ගැන කල්පනා කර අවසන් පන්දුවට මුහුණ දුන්නා නම් බොහෝ විට ඔහුට ශතකය ලබා ගැනීමට ඉඩ තිබිණි.  එහෙත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අසලංක ශතකය අත්හැරියේය.

අස්මතුල්ලා ඕමාර්සසායි කුසල් මෙන්ඩිස් දවා ගනිමින්…

එහෙත් ඉතිරි වූ පන්දුවෙන් චරිත්ට හෝ කණ්ඩායමට සාධාරණයක් කිරීමට අනෙක් අන්තයේ දැවී යෑමේ අවස්ථා දෙමින් ක්‍රීඩා කරමින් සිටි වනිඳු හසරංගට හැකි වූයේ නැත. ලකුණු 13ක් ලබාගෙන සිටි වනිඳු හසරංග අවසාන පන්දුවේ දී දැවී ගියේය.

පන්දු යැවීම –

තරගයේ අවාසනාවන්ත පන්දු යවන්නා ෆසාල්හක් ෆාරුකීගේ උඩ පන්දු තුනක් ගිලිහී ගිය පසුත් කඩුල්ලක් ලබා ගත්තේය. ඔහු පන්දු ඕවර 10 තුළ එක් නිලකුණු පන්දු ඕවරයක් ද යැව්වේය. ලකුණු 55ක් ලබා දුන්නේය.

අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 56ට කඩළු 03ක් ලබා ගත්තේය. නූර් අහමඩ් සහ ක්වයිස් අහමඩ් කඩුල්ල බැගින් ලැබූහ.

ලකුණු 309ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දැන් ඉනිම අරඹා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජේෂ්ඨ මහාචාර්ය කහපොල සුගතරතන හිමිට පහර දීලා… පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

රජයේ බදු මුදල් කෝටි ගණන් වංචාකර වාහන 400ක් හොර පාරේ යවලා… අල්ලස් කොමිසම විමර්ශන අරඹයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.