සුමිත් පොතුපිටිය –
පානදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උන්වහන්සේගේ සොහොයුරියකගේ ස්වාමී පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයා බවද පොලිසිය සඳහන් කරයි.
නායක හිමියන් වැඩසිටින පානදුර රන්කොත් විහාරස්ථානයට ඊයේ (10) පැමිණි සැකකරුවන් උන්වහන්සේට පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි