දිනසේන රතුගමගේ –
යාපනයේ කෝපායී පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද (11) සොයා ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව චෙංගල් අඩි ප්‍රදේශයේ පදිංචි රත්නරාජා උදයකුමාර් නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු නිවාඩුවට ගමට ගොස් ආපසු පැමිණි දිනයේ සිට දැඩි කනස්සල්ලෙන් සිටි බව මියගිය පොලිස් නිලධාරියාගේ සහෝදර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කොට තිබේ.
සිද්ධිය වූ දිනයේ ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති අතර පසුව ඔහු සිය කාමරයේ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් ඇත.
ඔහුගේ මෙම මරණයට හේතුව ප්‍රේම සබදතාවයක් බවට සැකකරන අතර පැහැදිලි වශයෙන් එම සැකය මෙතෙක් තහවුරු වී නොමැත.
මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.