සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආසියානු ශූර ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව ඉදිරියේ නැවී කුඩුවෙයි… ලකුණු 53කින් නැමීබියාව ජය ගනී….

by editor
ඔක්තෝබර් 16, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දරාගත නොහැකි පරාජයකි. ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ දීම නැමීබියාව හමුවේ ලජ්ජා සහගත පරාජයකය.

ස්වල්ප වෙලාවකට පෙර  ශ්‍රී ලංකාව නැමීබියාව හමුවේ ලකුණු 55ක අන්ත පරජයක් ලැබුවේය.

ආසියානු ශූරයින් ලෙස පැමිණ නැමීබියාව හමුවේ ලද මේ දරාගත නොහැකි පරාජය කිසිම ක්‍රීඩා ලෝලියෙක් අපේක්ෂා කළ දෙයක් නොවේ. ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19ක් තුළ ලකුණු 108කට සියල්ලෝම දැවී ගියහ.

නැමීබියානු පන්දු යවන්නන් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට පැමිණීමට ඉඩ නුදුන්නා සේම පිතිකරුවෝ ලෝකය වෙනස් කරනු ඇතැයි  සිතූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුළු පන්දු යවන්නන්ව නන්නත්තාර කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 21ක් වනවිට ක්‍රීඩාගාරයේය. කුසල් මෙන්ඩිස් පන්දු 06ක මුහුණ දි ලකුණු 06ක් ලබා සිටිය දී   පළමු කඩුල්ල ලෙස  දැවී ගියේය. ඒ වනවිට ලකුණු සංඛ්‍යාව 12කි. ලකුණු 21  වනවිට  දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 09කට දැවී ගියේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දීම ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම   නැමීබියානු පන්දු යවන්නන් විසින් නමා දැමුවේ එතැන් සිටය. දැන් ලකුණු 21කට කඩුළු තුනකි.

මැද පෙළ හැමදාම ශක්තිමත් කළ  ධනංජය ද සිල්වාත්  නැමීබියානු පන්දු යවන්නන් හමුවේ දියවුනේය. ඔහු ලකුණු 12කට දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 41කි. ලකුණු 41ට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හතරකි.

නායක දසුන් ශානකට භානුක රාජපක්ෂ එක් වූයේය. එහෙත් බලාපොරොත්තු වුන ශක්තිය භානුකගෙන් ලැබුනේ නැත. ඔහු පන්දු 21 දී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 20ක් පමණක් ලබා සිටිය දී  පස්වන කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 05ක්  ලකුණු 74ට  බිඳ වැටී ගියේය. අනතුරුව පිටියට පැමිණියේ වනඳු හසරංගය. හසරංග බලාපොරොත්තු නොවූ ලෙස ලකුණු 04කට දැවී ගියේය. ලකුණු 80 වනවිට කඩුළු 06ක් බිඳ වැටී තිබිණි.

මෙවැනි අවස්ථාවක වගකීම දරනා    නායක දසුන් ශානක ලකුණු  29 කට දැවී  යන්නේ මුළු  ලකුණු සංඛ්‍යාව 88ක්ව තිබියදීය.  අවසන් බලාපොරොත්තුව වූයේ  චාමික කරුණාරත්නය. චාමික  ලකුණු 05කට දැවී ගියේය.  ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 88කි.  ප්‍රමෝද් ලියනගම ලකුණු නොලබා ඊලඟ පන්දුවේ දී දැවී යන විට ලකුණු 88ට කඩළු 8ක් ලෙස සටහන්ව තිබිණි. .

අවසන් පිතිකරුවන් වූයේ දුෂ්මන්ත චමීර සහ සහ මහීෂ් තීක්ෂණය. අවසන් කඩුල්ල ලෙස දුෂ්මන්ත චමීර ලකුණු 08කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108කට සියල්ලෝ දැවී ගියහ.

පන්දු යැවීමේ දී නැමීබියා වෙනුවෙන්  David Wiese ලකුණු 16ට කඩුළු 02ක්, Bernard Scholtz  ලකුණු 18කට කඩුළු 02ක්, Ben Shikongo ලකුණු 22කට කඩුලු 02ක්, Jan Frylinck ලකුණු 26කට කඩුළු 02ක්, JJ Smit ලකුණු 16ට කඩුල්ලක් ලැබීය.

මේ කතාවත් බලන්න…

රී ලංකා පිලට නැමීබියාවෙන් ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආපදාවට ලක් වූ පවුල් ගණන 15,404ක්… සහන සැලසීමට ජනපති උපදෙස්…

Next Post

චීන බලධාරීන් ටිබෙට් දරුවන්ගේ ඩී.එන්.ඒ සාම්පල අනවසරයෙන් ගනී!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.