බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

පොල් කට්ටේ  සැඟවුණු කළු රත්තරන් ධම්මික පෙරේරාගේ සාක්කු  පුරවන හැටි

by editor
පෙබරවාරි 10, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

පසුගිය දිනවල වාර්තාගත ලෙස කොළඹ කොටස්  වෙළෙඳපොල ඉහළ යාමත් සමඟ ආයෝජකයන්ගේ උනන්දුව මේ පිළිබඳව වැඩි වී තිබේ.  සමාජ මාධ්‍ය ජාල තුළද කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන කතා බහ අතරේ මෙරට ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු ඊයේ තම ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ කළු රත්තරන් මිල දී ගන්නා ලෙසය.

බ්ලැක් ගෝල්ඩ් ලෙසින් ඔහු හඳුන්වා දුන් කළු රත්තරන් (Black Gold)  මොනවාදැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ඇත්තන් ඔහු කළු  රත්තරන් ලෙසින් හැඳින්වූයේ සක්‍රීය කාබන්වලට බව අවබෝධ කර ගන්නට ඒ තරම් වෙලාවක් ගත වූයේ නැත. ඉතාම කෙටියෙන් කියනවා නම් නියමිත උෂ්ණත්වයකට පිළිස්සූ පොල්කටු අඟුරුය.

සක්‍රීය කාබන් (Activated Carbon)  නිෂ්පාදනය කරන ප්‍රධානතම නිෂ්පාදකයා වන්නේ  හෙලීස් සමාගම් සමූහයට වැඩි අයිතියක් ඇති හේකාබ් සමාගමයි. ඔහු ව්‍යංගයෙන්  පවසා තිබුණේ මේ  දිනවල  විශේෂ කොටස් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන හේකාබ් සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙසය.

හේකාබ් යනු හේලීස් සමාගම් සමූහයට අයත් ඉහළම අපනයන ආදායම් උපයන සමාගම්වලින් එකකි. එය පසුගිය 2019  වසරේ ලද ශුද්ධ ලාබය රුපියල් මිලියන 301කි. එය ඉපැයූ සමස්ත ආදායම රුපියල් මිලියන 5300කි.   එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන්නේ සක්‍රිය කාබන් අපනයනයෙනි. අද කළු රත්තරන් බවට පත්ව ඇති  සක්‍රිය කාබන් නිපදවන්නේ  අප ඉහත කී ආකාරයට පොල්කටු අඟුරුවලිනි. පොල් ගා ඉවත ලන පොල් කටු එක්තු කර නියමිත උෂණත්වයකට පිලිස්සීමෙන් පසුව කාබන් සක්‍රීයකරවන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් මෙම සක්‍රීය කාබන් නිපදවන අතර මේ සඳහා ලෝක වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

හේලීස් යනු මෙරට ප්‍රමුඛතම පෙළේ  විවිධාංගකරණයට ලක් වූ සමාගමකි. මෙම සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය පවතින්නේ  ධම්මික පෙරේරා ගේ ආයෝජන වපසරිය තුළය. ඒ  අනුව බලන කල පොල් කටුවෙන් ලබා ගන්නා සක්‍රීය කාබන්  ධම්මික පෙරේරාගේ සාක්කුව පිරවීමට ප්‍රබල දායකත්වයක් දෙන බවය. අනෙක් අතින් ශ්‍රි ලංකාවේ විදේශ විනිමයට විශාල දායකත්වය ලබා දෙන බවය.

සක්‍රිය කාබන් යනු තාපයෙන් හෝ රසායනයන් මඟින් සක්‍රීය ගන්වන ලද කාබන් අංශුය. මේවා නිසි ලෙස සංවිධානය වූ කාබන් පරමාණුවලින් නිර්මාණය වී ඇති අතර සක්‍රීය කාබන්වල පවතින විශේෂිතම ලක්ෂණය වන්නේ එහි පවතින විෂ උරා ගැනීමේ ශක්තියයි. විශේෂයෙන්ම වාතය සහ ජලය පිරිසිදුකරන ක්‍රියාවලියේ දී මෙන්ම ඖෂධ නිෂ්පාදනයේදී ද සක්‍රීය කාබන් නැතිවම බැරි අමුද්‍රව්‍යයක් වන අතර මේ වනවිට බලශක්ති ක්ෂේත්‍රයේදී ද ද සක්‍රීය කාබන් බහුල වශයෙන් භාවිත වෙයි.

විදුලිය මඟින් ධාවනයවන මෝටර් රථවල  බැටරි නිෂ්පාදනයේ දී සක්‍රීය කාබන් එක් අංගයක් ලෙසින් සැලකෙයි. මේවා  නිපදවීමට   පොල් කටු අඟුරුවලට අමතරව වෙනත් කාබනික දැව වර්ගද යොදා ගත හැකිය. හේකාබ් ආයතනය සක්‍රීය කාබන් නිපදවන්නේ පොල් කටු අඟුරුවලිනි. පොල් කටු අඟුරුවලින් නිපදවන සක්‍රීය කාබන් ලෝක අවශ්‍යතාවයෙන් සියයට 15ක් තරම් විශාල කොටසක් සපුරාලන්නේ  මෙම ආයතනයයි. ඔවුන්ට මේ සඳහා ශ්‍රි ලංකාවේ පමණක් නොව ඉන්දුනීසියාව සහ තායිලන්තයේ ද කර්මාන්ත ශාලා ඇත.

වර්තමාන ලෝක ප්‍රවණතා තුළ පොල් කටු අඟුරු රන් ආකාර ලෙස ආයොජකයන් හඳුන්වන්නේ මේ නිසාය. අඟුරු යනු කාබන්ය. කාබන් අංශුවල විස නැසීමේ හැකියාවක් ඇත. එයින්ද පොල් කටු අඟුරු මේ සඳහා විශේෂිත දායකත්වයක් සපයන්නේය. අපේ පැරන්ණෝ දත් මැදීම සඳහා දැව අඟුරු භාවිත කළහ. මේ වනවිට ලෝකයේ ඉහළ ඉල්ලුමක් සහිත මුඛ සහ දත් පිරිසිදු කාරකයක් වන්නේ සිහින් ලෙස අඹරා ගත් පොල් කටු අඟුරු කුඩුය. අන්තර්ජාලයේ සෙවීම් කළහොත් පොල් කටු අඟුරුවලින් නිපදවන ලද දත් සුදු කිරීමේ ද්‍රව්‍ය (Coconut Charcoal Tooth Whitener) සන්නාම රැසකින් දැකිය හැකිය. මේවා සාපේක්ෂව ඉහළ මිලකට අලෙවි වන අතර ඒ සියලුම නිෂ්පාදන ඉදිරිපත් වන්නේ අපේ රටෙන් නොව වෙනත් රටවලිනි.

අදටත් පොල් සඳහා අප රට තුළ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අද මේ ඉල්ලුම අනුව නිවසකට පොල් ගෙඩියක් එදාවේලට ගත නොහැකි තරමට මිල ඉහළ ගොස් ඇත. දැන් ලෝකය යන අත අනුව පෙනෙන්නේ පොල් කටුව ඊටත් වඩා මිල ඉහළ යන තරම් ඉල්ලුමක් එන බවය. එහෙත් ලෝකය යන වේගයට අපේ රටේ පොල් කර්මාන්තය ඉදිරියට යන්නේ යන්න ගැටලුවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  ආදරවන්තයින්ගෙන් කරන විශේෂ ඉල්ලීමක්…

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය   ක්‍රියා මාර්ගයක

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.