නතාෂා නෙත්මිණි –
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලබන 14 වෙනි දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය තුල සිපවැළදගැනීම් සිදු නොකරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ආදරවන්තයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ වන විට කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක් විවිධ ප්‍රදේශවලින් වාර්තාවෙමින් පවතින බැවින් ආදරවන්තයින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර කටයුතු කළහොත් වෛරස ව්‍යාප්තිය ඉතා විශාල වශයෙන් ඉහළ යා හැකියැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
සිප වැළඳගැනීම් මගින් ආසාදිතයෙකුගෙන් අනෙක් පුද්ගලයාට ඉතා විශාල වෛරස් ප්‍රමාණයක් ආසාදනය විය හැකි බවත් මෙය තවත් පුද්ගලයින් සිය ගණනක් ආසාදිතයින් බවට පත්කිරිමේ ප්‍රධානතම හේතුවක් විය හැකි බවත් ඔහු පෙන්වාදේ.
කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තවමත් රෝහල් තුළ ඉඩකඩ පවතින නමුත් යම් හේතුවකින් අසාදිතයින්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ ගියහොත් රෝහල්වලට එය දරාගැනීමට නොහැකි වන බවත් එවන් අවස්ථාවක දී රටේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාමක් දැකිය හැකි බවත් රෝහණ සදහන් කරයි.