නතාෂා නෙත්මිණි –
රටතුළ මේ වන විට ව්‍යාප්තව පවතින වෛරසයේ කිසිදු වෙනසක් සිදු වී නැතැයි මේ වන තෙක් කළ පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීවී මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි
මාතලේ වව්නියාව ගම්පහ ඉංගිරිය කළුතර වැනි ප්‍රදේශයන්ගේ සිටින කොරෝනා ආසාදිතයින්ගෙන් ලබා ගත් නියැදියන්ගේ ජානමය පරික්ෂණ සිදුකළ අතර ඒවා සියල්ල එක හා සමානය යැයි ඇය පෙන්ව දේ.
කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල මේ වන විට සිඝ්‍රයෙන් පැතිර යන ඇතැම් වෛරස් ප්‍රභේද පිළිබඳ මේ වන විටත් පර්යේෂණ ආරම්භ කර ඇතැයිද ඉදිරි දිනවලදී පර්යේෂණයන්ගේ ප්‍රතිපල නියත වශයෙන්ම ප්‍රකාශ කළ හැකි යැයි ද ඇය පැවසුවාය.