සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවෙයි

by Lanka Sara Editor
ජූලි 13, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

අද (13) සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ දන්වමින් මහබැංකුව විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වන වි‍ට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතන වල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉන් අනතුරුව ගනුලැබූ ක්‍රියාමාර්ග මඟින් මෙම ආයතන වල පැවති මුළු තැන්පතු වලින් 30% ක ප්‍රමාණයක් තැන්පතුකරුවන් වෙත ගෙවීමට එම ආයතන වලට අවස්ථාව සැලසුණි. මුදල් මණ්ඩලයේ විධානයන් මඟින් ආයතන දෙකෙහිම අධ්‍යක්ෂවරුන් වෙත එකී ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයින් ඉදිරිපත් කිරීමට නියම කර තිබුණ ද, ක්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ අතර ආයතනයන්හි මූල්‍ය තත්වයද ක්‍රමයෙන් පසුබෑමට ලක්වීම අඛණ්ඩව සිදුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන දෙකෙහිම තැන්පතු කල්පිරුණද, ඒවා තැන්පතුකරුවන්ට ගෙවීමට නොහැකි තත්වයකට වර්තමානය වන විට ආයතන දෙකම පත් වී ඇත.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන වල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප්‍රකාරව, රක්ෂිත තැන්පතුකරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර එමඟින්,

  1. ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සමස්ථ තැන්පතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 75% කට (සමස්ථ තැන්පතුකරුවන් 38,111 ක් අතරින් 28,554 කට) තම සමස්ථ තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 25% ක තැන්පතුකරුවන්හට (තැන්පතුකරුවන් 9,557 කට) මූලිකව තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 600,000 ක මුදලක් ලැබෙනු ඇත.
  2. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 89% කට (සමස්ථ තැන්පතුකරුවන් 8,726 ක් අතරින් 7,802 කට) තම සමස්ථ තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 11% ක තැන්පතුකරුවන්හට (තැන්පතුකරුවන් 924 කට) තම තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 600,000 ක මුදලක් මූලිකව ලැබෙනු ඇත.

තවද 2020 ජූලි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 9(1) වගන්තිය ප්‍රකාරව “ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන” ලෙස ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය ලබා තිබූ ලියාපදිංචි සහතිකයන් අත්හිටුවීමේ නිවේදන නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කර ඇත.

ඒ අනුව මෙ‍‍ම ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සද්දෙට පිපිරෙන උතුරේ බෝම්බවල නෑසෙන කතාව කුමක් ද?

Next Post

කැරම් නිලවරණයට දිනයක් වෙන් කරගත නොහැකිව අර්බුදයක…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.