සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ!

by editor
පෙබරවාරි 28, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් අංගයකි.

එය  වෛද්‍ය විද්‍යාව සහ පර්යේෂණ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම, විද්‍යාගාර සොයා ගැනීම් සායනික කටයුතු සඳහා යොදා ගැනීම සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වැදගත් වන නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳ දැනුම සපයයි. ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා සුදුසු අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වන අතර වසර 22ක් පුරා සෞඛ්‍ය වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් නිර්මාණය කර ඇති IIHS ආයතනය එවැනි ආයතනය එහිදී ඉදිරියෙන්ම සිටී. 2021 සහ 2022 වසරවලට අදාළ Guardian University නිර්ණායක විසින් Coventry විශ්ව විද්‍යාලය සහ IIHS ආයතනය වෘත්තීය අධ්‍යාපනය සඳහා විශිෂ්ට ඒකාබද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර ඉගැන්වීම් හා පහසුකම් සඳහා 5 QS Stars සහතිකයද ලබා ඇත.

මෙම උපාධි පාඨමාලාව Institute of Biomedical Science (IBMS) සහ Health and Care Professions Council (HCPC) යන ආයතනවල අනුමැතියද ලබා තිබේ. ඒ හරහා එහි ගුණාත්මක බව තහවුරු වන අතර පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට එක්සත් රාජධානියේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ. පුළුල් දැනුම සහ අත්දැකීම් සහිත විදේශීය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ද ඇතුළු ආචාර්ය මණ්ඩලයක් යටතේ පළමු දින පටන් උසස් තාක්ෂණයෙන් සහ නවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරවල ප්‍රයෝගික ඉගෙනුම් ක්‍රමවේද යටතේ වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් සහතික කිරීමට IIHS ආයතනය කටයුතු කරයි. ජාතික සෞඛ්‍ය සේවාවේ හෝ පෞද්ගලික අංශයේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හෝ ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තියක් වෙත යොමු වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන පරිදි මෙම වැඩසටහන සකසා ඇත.

පර්යේෂණවල නියැලීමට සහ MSc හෝ PhD මට්ටමේ පාඨමාලා හැදෑරීමටද මෙමගින් අවස්ථාව ලැබේ. “වෛද්‍ය සහායකයන් ලෙස වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වන අයටත් මේ පාඨමාලාව හදාරන්න හැකියාව තිබෙනවා. විද්‍යාත්මක දැනුම සැපයීමට අමතරව මේ පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යාව හා සම්බන්ධ මෙන්ම රාජ්‍ය සේවයේ සහ කළමනාකරණ මට්ටමේ රැකියා සඳහා මෙම පාඨමාලාව ඉවහල් වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි!

Next Post

ජාතික කර්මාන්ත විශිෂ්ටතා හා වයඹ විජයාභිමානී සම්මාන ද්විත්වයකින්  රසෝදා ඩේරීස් පිදුම් ලබයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.