fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ෆිනෑන්ස් කොම්පැනිවල මුදල් තැන්පත් කිරීම ගැන මහබැංකුවෙන් අලුත් කතාවක්

වසර 2ක් ago
in ව්‍යාපාර
459 5
0
Share on FacebookShare on Twitter

යම් බලපත්‍ර ලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් ශ්‍රි ලංකා මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයට සහ නියාමනයට ලක් වුවද මෙම බැංකුවල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ඒ ඒ සමාගම්වල කළමනාකාරීත්වය විසින් ගනු ලබන ස්වාධීන තීරණ හේතු විය හැකි බැවින් එම සමාගමල මුදල් තැන්පතු ආයෝජනය කිරීමේදී සමාගමේ මූල්‍ය ස්ථායීතාව පිළිබඳව හොඳින් සොයා බලන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රි ලංකා මහ බැංකුව ඊයේ (26) මාධ්‍යයයට නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන යන අඛණ්ඩ නියාමන සහ අධීක්ෂණය යටතේ වුව ද එම මූල්‍යායතනවල ව්‍යාපාරික තීරණ බලපත්‍රලාභී මුදල් සමාගම්වල අසමත් වීමට හේතු විය හැකි බවය.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුව මෙම නිවේදනය ප්‍රකාශයට පත් කොට තිබුණි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේදසඳහන් වේ.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවදානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.

අධ්‍යක්ෂක මණ්ඩල සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් ස්වාධීන ව්‍යාපාර තීරණ සහ ව්‍යාපාරය කළමනාකරණය කිරීමේ පූර්ණ වගකීම ගනිමින් බලපත්‍රලාභී මුදල් සමාගම් කළමනාකරණය කරනු ලබයි. බලපත්‍රලාභී මුදල් සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම යනු නියාමන ක්‍රියාමාර්ග ගණනාවක අවසාන පියවර වන අතර එය ගනු ලබනුයේ එම බලපත්‍රලාභී මුදල් සමාගම පවත්වා ගෙන යෑම මගින් එහි තැන්පත්කරුවන් සහ අනෙකුත් ණය හිමියන්ගේ යහපතට අහිතකර බව ස්ථාපනය වූ පසුවයි.
තව ද, බලපත්‍රලාභී මුදල් සමාගමක බලපත්‍රය අවලංගු කිරීම මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනවලට අනුව සිදු කරන නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියකි. මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව, තැන්පත්කරුවන්ට තැන්පතු මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය සියළු පියවර ගැනීමට බලපත්‍රලාභී මුදල් සමාගම් බැඳී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය සහ අධීක්ෂණය වන බලපත්‍රලාභී මුදල් සමාගම් අසාර්ථක නො වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික නො කරන අතර, කෙසේ වෙතත් එවැනි අසාර්ථක වීම් වළක්වා ගැනීමට සියලු උත්සාහයන් ගනු ලැබේ.

පසුගිය දශක කිහිපය තුළ කීර්තිමත් ජාත්‍යන්තර බැංකු ආයතන බොහොමයක අසාර්ථක වීම් තුළින් කිසිදු බැංකු නියාමකයෙකු එවැනි සහතිකයක් ලබා දිය නො හැකි බව ප්‍රකාශ කළ හැක. මෙකී තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන මුදල් සමාගමක තැන්පතු ආපසු ගෙවීම සහ ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යෙදවීම සහතික නො කරන බව නැවත අවධාරණය කරනු ලැබේ.

2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ස්ථාපනය කරන ලද අතර එමගින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද මූල්‍ය ආයතනයක එක් තැන්පතුකරුවෙකු වෙත උපරිමය රුපියල් ලක්ෂ 6ක් (රු.600.000/-) දක්වා තැන්පතු නැවත ගෙවීම සිදු කරයි.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී, ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් පී එල් සී සහ TKS ෆිනෑන්ස් ලිමිටඩ් යන මෑතක දී බලපත්‍ර අවලංගු කරන ලද මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ඉහත යෝජනා ක්‍රමය යටතේ, රුපියල් ලක්ෂ 6 (රු. 600,000/-) සීමාවට යටත් ව තැන්පතු නැවත ගෙවීම සිදු කරනු ලබයි.

ඒ අනුව, එම මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ගෙවීම සඳහා රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපාදන යොදා ගනු නො ලබයි. තව ද ඉහත සඳහන් කරන ලද සමාගම් ඈවර කිරීමෙන් පසු ව ඒවායේ වත්කම් විකුණා දැමීමෙන් ලැබෙන ආදායමෙන් ද තැන්පත්කරුවන්ට ගෙවීමක් කිරීමට හැකියාවක් තිබිය හැකි යි.

යම් බලපත්‍රලාභී මුදල් සමාගමක මුදල් තැන්පත් කරන විට එම මුදල් සමාගමේ ස්ථායිතාව පිළිබඳ ව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එ් සඳහා ලබා දෙන තොරතුරුවල ප්‍රමිතිය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරු ව කටයුතු කරමින් සිටී.

මෑතක දී කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන බවට සඳහන් වූ ලියාපදිංචි නො වූ මූල්‍ය ආයතනයක සේවකයන් විසින් සිදු කරන ලද පහර දීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ යෙදීම සඳහා අනිවාර්ය වන අතර එවැනි ලියාපදිංචියකින් තොර ව එම ව්‍යාපාරයේ නිරත වීම කල්බදු මූල්‍යකරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

ඉහත සඳහන් කළ ආයතනය කල්බදු මූල්‍යකරණයේ නිරත වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නැති අතර, ඒ අනුව ඉහත ආයතනය කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නිරත වී ඇත්නම් එය අපරාධමය වරදක්වේ. මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ලද වහා ම ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරනු ඇත.

කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන ආයතන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වන බැවින් කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මගීන් ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනවලින් පමණක් කල්බදු මූල්‍යකරණ පහසුකම ලබා ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. කෙසේ වෙතත්, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ කුලීපිට ගැනුම් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා එවැනි ලියාපදිංචියක් අවශ්‍ය නො වේ.

එබැවින්, කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීමේ දී විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයන්හි නාම ලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් නිකුත් කරන ලද 2000 අංක 4 සහ 5 දරන චක්‍රෙල්ඛ මගින් නිවේදනය කරන ලද ණය ගෙවීමේ සහන කාලය කල්බදු මූල්‍යකරණ පහසුකම් සම්බන්ධයෙන් අදාළ වනුයේ ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පමණක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට ලක් වනු ලබන්නේ ද එම ආයතන පමණි.

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වූ විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතන හැර වෙනත් ආයතන සඳහා මෙම ණය ගෙවීමේ සහන කාලය අදාළ නො වන බව අවධාරණය කරනු ලැබේ. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි මූල්‍ය පහසුකම් සලසන සහ ආචාරශීලී නො වන පරිචයන් අනුගමනය කරන අවසර නො ලත් ආයතන පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්වත් කරන ලෙස යි.

අනාගතයේ දී, මුදල් ණයට දෙන ආයතන සඳහා වඩා යහපත් සහ ඵලදායී නියාමන පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා නියාමනයට ලක් නො වන මුදල් ණයට දීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් පැනවීමේ අවශ්‍යතාවක් පවතී. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද, යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත පැනවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර සිටී.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අම්මලාට විශේෂයි… දරුවා පාසල් යවන්න පෙර දැනගත යුතු කරුණු 17ක්.

Next Post

යාපනේ කත කැනඩාවේ දී අභිරහස් ලෙස අතුරුදන්

Related Posts

මහ බැංකු අධිපතිකම මට එපා ! ඩොක්ටර් නන්දලාල් හොඳයි ! ආචාර්ය කුමාරස්වාමි කියයි…

මැයි 26, 2022
Samantha Kumarasinghe

සබන් අඩුවට ඕන නම් බහුජාතික අයට දෙන බදු සහන දේශීය අපටත් දෙන්න!

අප්‍රේල් 29, 2022
Gautam Adani

ආදානි ලොකුම සල්ලිකාරයන්ගෙ පස්වෙනි තැනට

අප්‍රේල් 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist