බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ෆිනෑන්ස් කොම්පැනිවල මුදල් තැන්පත් කිරීම ගැන මහබැංකුවෙන් අලුත් කතාවක්

by Lanka Sara Editor
ජූනි 27, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

යම් බලපත්‍ර ලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් ශ්‍රි ලංකා මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයට සහ නියාමනයට ලක් වුවද මෙම බැංකුවල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ඒ ඒ සමාගම්වල කළමනාකාරීත්වය විසින් ගනු ලබන ස්වාධීන තීරණ හේතු විය හැකි බැවින් එම සමාගමල මුදල් තැන්පතු ආයෝජනය කිරීමේදී සමාගමේ මූල්‍ය ස්ථායීතාව පිළිබඳව හොඳින් සොයා බලන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රි ලංකා මහ බැංකුව ඊයේ (26) මාධ්‍යයයට නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන යන අඛණ්ඩ නියාමන සහ අධීක්ෂණය යටතේ වුව ද එම මූල්‍යායතනවල ව්‍යාපාරික තීරණ බලපත්‍රලාභී මුදල් සමාගම්වල අසමත් වීමට හේතු විය හැකි බවය.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුව මෙම නිවේදනය ප්‍රකාශයට පත් කොට තිබුණි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේදසඳහන් වේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවදානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.

අධ්‍යක්ෂක මණ්ඩල සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් ස්වාධීන ව්‍යාපාර තීරණ සහ ව්‍යාපාරය කළමනාකරණය කිරීමේ පූර්ණ වගකීම ගනිමින් බලපත්‍රලාභී මුදල් සමාගම් කළමනාකරණය කරනු ලබයි. බලපත්‍රලාභී මුදල් සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම යනු නියාමන ක්‍රියාමාර්ග ගණනාවක අවසාන පියවර වන අතර එය ගනු ලබනුයේ එම බලපත්‍රලාභී මුදල් සමාගම පවත්වා ගෙන යෑම මගින් එහි තැන්පත්කරුවන් සහ අනෙකුත් ණය හිමියන්ගේ යහපතට අහිතකර බව ස්ථාපනය වූ පසුවයි.
තව ද, බලපත්‍රලාභී මුදල් සමාගමක බලපත්‍රය අවලංගු කිරීම මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනවලට අනුව සිදු කරන නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියකි. මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව, තැන්පත්කරුවන්ට තැන්පතු මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය සියළු පියවර ගැනීමට බලපත්‍රලාභී මුදල් සමාගම් බැඳී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය සහ අධීක්ෂණය වන බලපත්‍රලාභී මුදල් සමාගම් අසාර්ථක නො වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික නො කරන අතර, කෙසේ වෙතත් එවැනි අසාර්ථක වීම් වළක්වා ගැනීමට සියලු උත්සාහයන් ගනු ලැබේ.

පසුගිය දශක කිහිපය තුළ කීර්තිමත් ජාත්‍යන්තර බැංකු ආයතන බොහොමයක අසාර්ථක වීම් තුළින් කිසිදු බැංකු නියාමකයෙකු එවැනි සහතිකයක් ලබා දිය නො හැකි බව ප්‍රකාශ කළ හැක. මෙකී තත්ත්වය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන මුදල් සමාගමක තැන්පතු ආපසු ගෙවීම සහ ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යෙදවීම සහතික නො කරන බව නැවත අවධාරණය කරනු ලැබේ.

2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ස්ථාපනය කරන ලද අතර එමගින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද මූල්‍ය ආයතනයක එක් තැන්පතුකරුවෙකු වෙත උපරිමය රුපියල් ලක්ෂ 6ක් (රු.600.000/-) දක්වා තැන්පතු නැවත ගෙවීම සිදු කරයි.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී, ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් පී එල් සී සහ TKS ෆිනෑන්ස් ලිමිටඩ් යන මෑතක දී බලපත්‍ර අවලංගු කරන ලද මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ඉහත යෝජනා ක්‍රමය යටතේ, රුපියල් ලක්ෂ 6 (රු. 600,000/-) සීමාවට යටත් ව තැන්පතු නැවත ගෙවීම සිදු කරනු ලබයි.

ඒ අනුව, එම මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ගෙවීම සඳහා රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපාදන යොදා ගනු නො ලබයි. තව ද ඉහත සඳහන් කරන ලද සමාගම් ඈවර කිරීමෙන් පසු ව ඒවායේ වත්කම් විකුණා දැමීමෙන් ලැබෙන ආදායමෙන් ද තැන්පත්කරුවන්ට ගෙවීමක් කිරීමට හැකියාවක් තිබිය හැකි යි.

යම් බලපත්‍රලාභී මුදල් සමාගමක මුදල් තැන්පත් කරන විට එම මුදල් සමාගමේ ස්ථායිතාව පිළිබඳ ව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එ් සඳහා ලබා දෙන තොරතුරුවල ප්‍රමිතිය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරු ව කටයුතු කරමින් සිටී.

මෑතක දී කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන බවට සඳහන් වූ ලියාපදිංචි නො වූ මූල්‍ය ආයතනයක සේවකයන් විසින් සිදු කරන ලද පහර දීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ යෙදීම සඳහා අනිවාර්ය වන අතර එවැනි ලියාපදිංචියකින් තොර ව එම ව්‍යාපාරයේ නිරත වීම කල්බදු මූල්‍යකරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

ඉහත සඳහන් කළ ආයතනය කල්බදු මූල්‍යකරණයේ නිරත වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නැති අතර, ඒ අනුව ඉහත ආයතනය කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නිරත වී ඇත්නම් එය අපරාධමය වරදක්වේ. මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ලද වහා ම ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරනු ඇත.

කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දෙන ආයතන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය වන බැවින් කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මගීන් ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනවලින් පමණක් කල්බදු මූල්‍යකරණ පහසුකම ලබා ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. කෙසේ වෙතත්, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ කුලීපිට ගැනුම් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා එවැනි ලියාපදිංචියක් අවශ්‍ය නො වේ.

එබැවින්, කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීමේ දී විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයන්හි නාම ලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් නිකුත් කරන ලද 2000 අංක 4 සහ 5 දරන චක්‍රෙල්ඛ මගින් නිවේදනය කරන ලද ණය ගෙවීමේ සහන කාලය කල්බදු මූල්‍යකරණ පහසුකම් සම්බන්ධයෙන් අදාළ වනුයේ ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පමණක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට ලක් වනු ලබන්නේ ද එම ආයතන පමණි.

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වූ විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතන හැර වෙනත් ආයතන සඳහා මෙම ණය ගෙවීමේ සහන කාලය අදාළ නො වන බව අවධාරණය කරනු ලැබේ. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි මූල්‍ය පහසුකම් සලසන සහ ආචාරශීලී නො වන පරිචයන් අනුගමනය කරන අවසර නො ලත් ආයතන පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්වත් කරන ලෙස යි.

අනාගතයේ දී, මුදල් ණයට දෙන ආයතන සඳහා වඩා යහපත් සහ ඵලදායී නියාමන පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා නියාමනයට ලක් නො වන මුදල් ණයට දීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් පැනවීමේ අවශ්‍යතාවක් පවතී. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද, යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත පැනවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර සිටී.

Tags: නවතම
Share79Tweet43
Previous Post

අම්මලාට විශේෂයි… දරුවා පාසල් යවන්න පෙර දැනගත යුතු කරුණු 17ක්.

Next Post

යාපනේ කත කැනඩාවේ දී අභිරහස් ලෙස අතුරුදන්

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.