අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

අම්මලාට විශේෂයි… දරුවා පාසල් යවන්න පෙර දැනගත යුතු කරුණු 17ක්.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා උපදෙස් දෙයි...

by editor
ජූනි 27, 2020
in සෞඛ්‍යය
school reopening
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කොවිඩ් 19  ජන ජීවිතය වෙනස් කර ඇත. ලොක් ඩවුන් වුණු  ජීවිත යළිත් පණ ලබන්නට පටන් ගෙන තිබේ.  එහෙත් කොවිඩ් අප හැර ගොස් නැත. කොවිඩ් සමගම අපට තවත් බොහෝ කාලයක් ජීවත් වීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවුයේ පසුගියදාය.   කොවිඩ් සමග ජීවත් වෙමින් යළි රැකි රක්ෂා ආරම්භ අරඹීමට රටට සිදු වී ඇත. ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබේ.  තව නොබෝ දිනකින් පාසල් ද විවෘත වීමට නියමිතය. පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තබා ගැනිමට මේ වන විටත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින්  සිටින්නේය.

නිවාඩුවක් නිමකර පාසල් වෙත වෙනදාට යන දරුවා මෙන් නොව මෙවර නිවාඩුව නිමකර පාසල් යන දරුවාට අධ්‍යාපනයට අමතරව තවත් අමතර රාජකාරියක් පැවරී ඇත. ඒ තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සලසා ගැනීමේ වගකීමය. ඒ අනුව දරුවාට පැවරී ඇති මෙම අමතර වගකීම පිළිබඳව මව්වරුන් ලෙස ඔබ දරුවාව වඩ වඩාත්  දැනුමෙන් සන්නද්ධ  කිරීම වැදගත්වේ.

මේ සම්බන්ධයෙන් අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ  දීපාල් පෙරේරා විමසීමු. මේ ඔහු  මව්වරුන්ට ලබා දුන් උපදෙස් කීපයකි.

  1. දරුවාට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිෂ්‍යා ගතියක් පවතිනේ නම් පාසල වෙත නොයැවීමට වගබලාගන්න.
  2. මවක් ලෙස මුලින්ම ඔබ කළ යුත්තේ ඔබගේ වගකීම හරියාකාරව ඉටු කිරීමයි. දරුවා පාසල නිමවා එනතෙක් වෙනදා මෙන් පාසල් ගේට්ටුව ලඟ පොදි නොගැසී දුරස්ව සිට තමන්ගේ දරුවාව රැගෙන යාමට කටයුතු කරන්න.
  3. මුව ආවරණය පළඳවා දරුවාව පාසල වෙත යැවීම හා එම මුව ආවරණය යහළුවන් සමග හුවමාරු කර ගනිමින් භාවිත නොකරන ලෙස උපදෙස් දෙන්න.
  4. පාසල තුළ දෑත්පිරිසිදු කර ගැනීම සඳහා දී තිබෙන ස්ථානයන් වෙත ගොස් දෑත් පිරිසිදු කර ගැනීමට දරුවාට උපදෙස් දෙන්න.
  5. අතින් මුහුණ කට නාසය අතගෑමෙන් වලකින ලෙසට උපදෙස් දෙන්න.
  6. නිවාඩු කාලය අවසන්කර පාසල වෙත යන දරුවා මාස ගණනකින් හමුවන යහලුවන් දැක සිප වැලඳ ගත හැකිය. මෙසේ නොකරන ලෙස දරුවන්ව දැනුවත් කරන්න. 
  7. යහළුවන් සමග ගතකරන කාලය තුළ මීටරයක දුර තබාගන්නා ලෙසට දරුවාට කියා දෙන්න.
  8. නිවසින් ගෙන යන ආහාර වෙනදා මෙන් යහලුවන් සමග බෙදා හදාගෙන කෑමෙන් වලකින්න කියන්න. 
  9. දරුවාට ලබා දෙන වතුර බෝත‌ලයේ වතුර ඔහුටම පමණක්  බොන ලෙසට දැන්වත් කරන්න.
  10. වතුර බෝතලයේ, කෑම පෙට්ටියේ පැන්සලේ, පෑනේ  දරුවාගේ නම ලියා අලවන්න. ඒත් සමගම යහලුවන්ගේ පෑන් පැන්සල් පොත් හුවමැරු නොකරගන්නා ලෙස දැනුම් දෙන්න.
  11.  කොවිඩ් 19 වෛරසය පෑනේ හෝ  පැන්සලේ සිටිය හැකිය. එනිසා පෑන පැන්සල  කටේ නොදමන්නැයි දරුවන්ට උපදෙස් දෙන්න. 
  12. විවේක කාලය තුළ යහළුවන්  සමග රංචු නොගැසෙන සේ සිටින්නැයි දරුවා දැනුවත් කරන්න
  13. දුරස්ථ භාවය රැකගත යුතු බැවින්  පංති කාමයේ වෙනදා මෙන් නොව රැඳවිය හැක්කේ දරුවන් සීමිත සංඛ්‍යාවකි. එබැවින් ඔබගේ යහළුවා හෝ යෙහෙළිය වෙනත් පංති කාමරයක සිටිනවා විය හැකිය.  කිසි විටෙකත් ඔවුන් සොයා නොයන්න ලෙසත්  ඔබට හිමි ස්ථානයේ පමණක් අසුන් ගන්නා ලෙසටත් දරුවාව දැනුවත් කරන්න.
  14. ගුරුවරයා පවරන අභ්‍යාස කර අවසන් වූ පසු  පොත පෙන්වීමට ගුරුවරයා අසලට නොයන ලෙසටත් ගුරුමේසය මත පොත තබා ඈත්ව සිටින ලෙසටත් දරවාට උපදෙස් දෙන්න.
  15. පාසල තුළදී  යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඒ බව වහාම පංතිභාර ගුරුවරයාට දැනුම් දෙන ලෙස දරුවාට කියාදෙන්න
  16. පාසල නිමවී දරුවා නිවස වෙත පැමිණි පසුව නිවසට ඇතුළු වීමට පෙර සබන් ගා දෑත් හොඳින් පිරිසිදු කරන්න කියන්න.
  17. ඔවුගේ පාවහන් යුගල නිවසේ දොරකඩ මත තබා නිවසට  ඇතුළු වීමට උපදෙස් දෙන්න.

 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

                               

 

                              

 

 

 

 

. 

..

 

Tags: නවතම
Share6068Tweet43
Previous Post

නොමිනිස් හැසිරීම් ගැන ලෝරන්ස් පියතුමාගේ සාක්කිය

Next Post

ෆිනෑන්ස් කොම්පැනිවල මුදල් තැන්පත් කිරීම ගැන මහබැංකුවෙන් අලුත් කතාවක්

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

Comments 1

  1. D.තවිශ දේණුක ගීතාංජල රාජපක්ෂ says:
    වසර 6ක් ago

    දැනුවත් කීරිම ගැන ස්තුතියි.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.